Notification




අලුත්ම තොරතුරු එසැණ ලබා ගන්න අපේ Whatsapp නාළිකාව මෙතැනින් පිවිස follow කරන්න


විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට තීරණය වී තිබේ. ඊට අනුව මහපොළ වාරිකයය 7500/- දක්වා සහ ශිෂ්‍යාධාර වාරිකය 6500/- දක්වා වැඩි කිරීමට නියමිතයි. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ 2025 වර්ෂයේ සිට බව ද දක්වා තිබේ.

ඉදිරි දෙසතිය තුළ විභාග ප්‍රතිඵල නිකුත්කිරීමට නියමිත බව විභාග කොමසාරිස් තුමා දැනුම් දී තිබේ. බලාපොරොත්තුවෙන් සිටින්න.

2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර ්15 වැනිදා පැවත්වෙන බැවින් සැප්තැම්බර් 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු කිසිදු ආකාරයක උපකාරක පන්තියක් පැවත්වීම තහනම් කර තිබේ. ලංකාදීප පුවත

පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් උපාධි පාඨමාලා හැදෑරීම පිණිස ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනාවලියට දැන් අයදුම් කළ හැක.
විස්තර හා මාර්ගගත අයදුම්පත සඳහා මෙතැනින් පිවිසෙන්න

2023 උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාල සඳහා අදාළ Z අගයන් ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දන්වා තිබේ. මෙවර විශ්වවිද්‍යාල සඳහා තෝරාගන්නා සිසුන් ප්‍රමාණය ආසන්න වශයෙන් හතලිස් පන්දහසකි.

එඩියුහෙල්ප් දැන්වීම් පිළිබඳ විස්තර හා ගාස්තු මෙතැනින් පිවිස දැනගන්න
එඩියුහෙල්ප් යනු දැන් දෛනිකව විශාල පිරිසක් පිවිසෙන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික වෙබ් අඩවියකි.
එහි දැන්වීම් ඵල කිරීමෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගතහැකි වනු ඇත.

සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත කළ හැකි මෙම සිතියම් ලංකා හා ලෝක සිතියම් ලෙස කොටස් දෙකකට සකසා තිබේ. ළඟදීම මෙම සිතියම් ඇතුළුව අපගේ සියලු වෙබ් සේවා Mobile app එකක් වශයෙන් ලබාගැනීමට පහසුව සපයන බව ද සතුටින් දැනුම්දෙමු. මෙම භාවිතයේ දී මතුවන දෝෂ හෝ ඇතැම් ස්ථාන අඩු වී ඇත්නම් අපට දන්වන්න. ඒ සඳහා පහත දුරකතන අංකයට Whatsapp පණ්විඩයක් යොමු කරන්න.
මෙතැනින් පිවිස මෙම සේවාව අත්විඳින්න.
යළි පිවිසීමේ දී අපගේ වෙබ් අඩවියේ පුස්තකාලය යටතේ ඇති සිතියම් පොත ඔස්සේ පිවිසිය හැකි. එම පිටුවේ ඉහළ ඇති තැඹිලි පැහැ බොත්තම ඔස්සේ පහසුවෙන් ප්‍රවේෂ විය හැක.
මෙම සේවාව සම්පූර්ණයෙන් ම නොමිලේ සැපයෙන්නකි.
ස්තුතියි.
එඩියු හෙල්ප්-නිර්මාණ කණ්ඩායම.