අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළාට පස්සෙ දරුවන්ගේ අධ්‍යාපන ගමන් මගේ නවතින්නෙ නෑ. .තවත් කඩඉමක් තියෙනවා. ඒ තමයි අ.පො.ස උසස් පෙළ විභාගයයි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විෂය ධාරාවන් 6ක් ක්‍රියාත්මක වෙනවා.
මෙම විෂය ධාරාවන්ට අමතරව තවත් එක් විෂයධාරවක් 2017/37 චක්‍රලේඛය මගින් 2017 වර්ෂයේදී ඇතුළත් කරනු ලැබුවා. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපනය නමින් හඳුන්වන එහි ඇතුළත්වන්නේ වෘත්තීය විෂයයන් ය. එම නිසා එය වෘත්තීය විෂය ධාරාව ලෙසත් අපි හඳුන්වනවා.
ඉහත කුමන විෂය ධාරාවක් යටතේ හෝ උසස් පෙළ හදාරන්නට නම් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණු දීම සහ සමත්වීම අනිවාර්යයි. එහෙත් වෘත්තීය විෂය ධාරාව සඳහා ඕනෑම සිසුවෙකුට සමත් අසමත් භාවය නොසලකා සුදුසුකම් ලැබෙනවා . ඒ පිළිබඳව වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරන්නම්.
අපගේ මෙම ලිපියේ ප්‍රධාන අරමුණ මෙම විෂයධාරා පිළිබඳව පැහැදිලි කිරීම නොවේ. උසස්පෙළට හදාරන විෂය ධාරාව තෝරා ගන්න විදිය ගැනයි කතා කරන්න සූදානම.
අපේ ළමයි විෂය ධාරාව තෝරගන්නෙ කොහොමද?
අපි බලමු විෂය ධාරාවක් සාමාන්‍යයෙන් තෝරගන්න විදිය මොකද්ද කියලා. එකක් නෙමේ කිහිපයක්ම තියෙනවා. ඒවා මම කරුණු විදියට කෙටියෙන් මෙහෙම කියන්නම්.
අපි කවුරුවත් කැමති නෑ නේද අසමත් වෙන්න විභාග ලියන්න? අපි හැමෝම කැමතියි සමත් වෙන්න. තව අය ඉහළින්ම සමත් වෙන්න කැමතියි. එහෙම සමත් වෙන්න නම් අපි තෝරගන්න ඕන අපට වඩාත් හොඳින් තේරෙන විෂය නෙමෙයි ද? අපි වඩාත් දක්ෂ සහ කැමති විෂයයන් නෙමේද?
වැරදි විෂයක් තෝරගත්තොත් මොකද වෙන්නෙ?
හිතන්න මෙහෙම, ඔයා කැමති වෛද්‍ය වෘත්තියට. ඒක හරි නම්බුකාර රස්සාවක්නෙ නේද? වාහන බලපත්‍රයක් ලැබෙනවා. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් දාගන්නත් පුළුවන්. ඇයි චැනලින්…. හොඳ වැටුපක් ලැබෙනවා. මේ ගොඩක් දේවල් නිසා ඔයා ආසයි. කැමතියි. ඒත් එයාට විද්‍යාව තේරෙන්නෙ ගොඩක් අඩුවෙන්. විෂය කරුණු ග්‍රහණය වෙන්නෙ නෑ. ඒ විතරක් නෙමේ වෛද්‍ය පීඨයට ගියාම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරද්දි අපහසුතාවයක් එන්න පුළුවන්. රුධිරය දැකීම අප්‍රසන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. සමහරවිට ඔයාට කාරුණික හදවතක් නැති වෙන්නත් පුළුවන්. නේද?
මෙහෙම බලද්දි ඔයා කැමති වෙලා විතරක් බෑ. ඔයා දක්ෂ වෙන්න ඕන. ඒ කැමැත්තටයි දක්ෂතාවයටයි අවස්ථා ගළපගන්නත් ඕන. මේ හැමදේටම ඔයා කවුද කියලා ඔයා හොඳටම දැනගන්න ඕන. ඉතිං අර මම කලින් කතා කරපු අය දන්නවද ඔයා හරියටම කවුද කියලා? විෂය ධාරාවන් ගැන විෂය තෝරාගැනීම් ගැන ඒ අයට තියෙන සුදුසුකම් මොනවද?
ඔයා කිසිම පදනමක් නැතිව කවුරු හරි යෝජනා කරන එහෙම නැත්තන් රැල්ලට විෂයයක් තෝරාගෙන අසාර්ථක වුණාම, අසමත් වුණාම ඔයාට විෂය තෝරලා දුන්න අයට මොනවද කරන්න පුළුවන් ඔයා වෙනුවෙන්…..? මොනවත් නෑ. ඔයාගෙ ගෙවිලා ගිය කාලය අවුරුදු 2 කවුද ආපහු ඔයාට ගෙනත් දෙන්නෙ? ජීවිතේ අවුරුදු 2ක් ඔයා ආපස්සට එනවා නේද? ඔයාගෙ යාළුවො එයාලගෙ ඉලක්කවලට ගිහින් ඔයා එක තැන ඉඳීවි. සමහරවිට හිතුමතේට තෝරගත්ත විෂය ටික දවසක් ගියාම තමයි අමාරුයි, අල්ලගන්න බෑ කියලා තේරෙන්නෙ. ඊට පස්සෙ විෂය මාරු කිරීම පාසල ඇතුළෙ ටිකක් අපහසු කාර්යයක් වෙනවා. මං හිතනවා ඔයාට පැහැදිලියි කියලා මේ සඳහන් කරපු කාරණා ටික.
ඉතිං මොකද කරන්නෙ? හරි විදියට විෂය තෝරගන්න කැමති ද? මම කියන්නම් කොහොමද ඒක වෙන්නෙ කියලා. පරීක්ෂණයකින් තමයි මේක කරන්නෙ.
මොකද්ද ඒ පරීක්ෂණය?
මේක tool එකක්. උපකරණයක්. නිකම්ම නිකන් උපකරණයක් නෙමේ. මනෝමිතික පරීක්ෂණයක් (psychometric test) තමයි මේ උපකරණය. අපි මේකට වෘත්තීය යතුර කියලත් කියනවා. මේ යතුරෙන් පුළුවන් ඔයාගෙ අනාගත දොරටුව විවර කරන්න.
මේ පරීක්ෂණයෙන් ඔයාව මනිනවා. මොනවද මනින්නෙ? මම කලින් සඳහන් කළේ ඔයාව හරියට අඳුනගන්න ඕන කියලා. ඔයා කවුද ? ඔයාට හිමි පෞරුෂ වර්ගය මොකද්ද? ඔයාට වඩාත් හොඳින් ඉගෙනගන් පුළුවන් විෂය මොනවද? වඩාත්ම සුදුසු රැකියා ක්ෂේත්‍රය මොකද්ද…? මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන්.
කවුද මේ පරීක්ෂණය කරන්නෙ?
මේ සඳහා සුදුසුකම් සැපිරූ වගේම මනා පළපුරුද්දක් සහිත වෘත්තීය මාර්ගෝපදේශකියන් තමයි මෙම පරීක්ෂණය සිදු කරන්නෙ. ලංකා වෘත්තීය මාර්ගෝපදේශක සංගමය (CCGA ) මගින් වුව ද ඔබට මෙය සිදුකරගන්න පුළුවන්.
ඒ වගේම සුදුසුකම් සැපිරූ නිළධාරීන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල, කාර්මික විද්‍යාල , ජාතික තරුණ සේවා සභාව සහ පාසල්වල ශිෂ්‍ය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ඒකකවල රාජකාරි කටයුතු සිදු කරනු ලබනවා.
විශේෂයෙන්ම සඳහන් කළයුතු කාරණයක් තියෙනවා. පාසල්වල 11 ශ්‍රේණියේ දරුවන්ට මෙම පරීක්ෂණය සිදු කිරීම මගින් උසස් පෙළ විෂය ධාරාව තෝරාදීම කළ යුතුබවට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල්වෙත දැනුම්දීම් සිදුකරලා තියෙනවා. එහි ප්‍රධාන වගකීම පැවරෙන්නෙ පාසලේ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය වෙතයි.
වෘත්තීය යතුර මනෝමිතික පරීක්ෂණයේ විවිධ අත්දැකීම්
පාසල් උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශනයේ වසර 10කට වැඩි කාලයක පළපුරුද්දක් තියෙන, ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශන ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා ලංකා වෘත්තීය මාර්ගෝපදේශක සංගමයේ සාමාජිකත්වය දරන (2024 වර්ෂයේ විධායක කමිටු සාමාජිකත්වය) මා හට මෙවන් අත්දැකීම් රැසක් තියෙනවා.
වසර කිහිපයකට පෙර මා කලින් සේවය කළ පාසලේ එක්තරා වර්ෂයකදී මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව එන ප්‍රස්ථාරය විශ්ලේෂණය කරලා මම එක්තරා ශිෂ්‍යාවකට කිවුවා “ මේක අනුව නම් වඩාත් ගැළපෙන්නෙ කලා විෂය ධාරාව“ කියලා. “ මට bio කරන්න බැරිද මිස්? මං ආස bio කරන්න. “ කරන්න බැරි කමකුත් නෑ. හැබැයි විභාගය පාස් වෙන්න ඕන නම් වඩාත් ගැළපෙන්නෙ Art “ ඒ මගේ පිළිතුර. මගේ යෝජනාවට වඩා ඇගේ කැමැත්තට මුල් තැන දීලා ඇය ජීවවිද්‍යා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටියා. ඇය අසමත්. අවුරුදු 2ක කාලයක් අපතේ ගියා. දෙවන අවස්ථාව ඇය ගත්තා. තීරණය වෙනස් කළා. කලා විෂය ධාරාවෙන් නැවති විභාගයට පෙනී සිටියා. එවර ඇය සමත් වුණා ඉතා හොඳින්. ඒ තීරණය කලින් ක්‍රියාත්මක කළා නම් අවුරුදු 2ක් ඇය ආපස්සට එන්නෙ නෑ.
තවත් එක උදාහරණයක් කියන්නම්. මේ පිරිමි දරුවෙක්. ඔහුගෙන් දවසක් මට කෙටි පණිවිඩයක් එනවා..
අද මම මොරටු කැම්පස් එකට යනවා. Architecture වලට. මිස් තමයි මම වැරදි තීරණයක ඉද්දි උසස් පෙළ විෂය තෝරලා දුන්නෙ. කැම්පස් පොත පුරවන්නත් පරීක්ෂණය කරලා පාඨමාලාව තෝරලා දුන්නෙ මට ගැළපෙනවා කියලා. ඒක මමත් ආසාවෙන් හිටපු එක. ඉතිං ඒකටම මාව තේරුණා….‘‘
මම screen shot එකක් විදියට පරිස්සම් කරලා තියාගත්ත ඒ පණිවිඩයේ තියෙන වැදගත්ම දේ මම කියන්නම්. සිංහලෙන් වුණත් ඉංග්‍රීසි අකුරින් තමයි ඒක එවලා තිබුණේ. මම සිංහල අකුරින් ඒ පණිවිඩය මෙහෙම කියන්නම්.
‘‘ අපි ඥානෝදේ O/L exam කරලා ඉන්දැද්දි අපි කැමති path එකක් ගැනවත් A/L වලට කරන්න ඕන subject ගැනවත් හරියට දැනගෙන හිටියෙ නැහැනෙ. ටීචර් නිසා තමයි අර Subject තෝරගන්න test එකත් කරලා කැම්පස් පොතත් බලලා ඒ දේවල් ගැන අවබෝධයක් ලබාගත්තෙ. ටීචර්ට ඒ ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙනවා….“
ඒ වගේමයි සා.පෙළ අසමත් වූ දරුවන්ට වෘත්තීය විෂය ධාරාවට ඉල්ලුම් කරන්න මග පෙන්වලා ඒ අයටත් ගැළපෙන වෘත්තීය විෂය තෝරාදීමත් සිදු කළේ මේ පරීක්ෂණය මගින්. ඒ දරුවන් සාර්ථක වෙලා තියෙනවා මේ වෙද්දි.
මේ වගේ කතා බොහොමයක් තියෙනවා. උසස් පෙළ විෂය ධාරාව තෝරාගැනීම පමණක් නෙමේ විශේෂයෙන් කලා විෂය ධාරාව සුදුසු දරුවන්ට විෂයයන් 3 පවා තෝරාදීම සිදු කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල පාඨමාලා, උසස් අධ්‍යාපන අවස්ථා, වෘත්තීය පුහුණු පාඨමාලා, වඩාත් ගැළපෙන වෘත්තීන් තොරාගැනීමට මේ වෘත්තීය යතුර පරීක්ෂණය යොදාගන්න පුළුවන්.
පෞරුෂ වර්ගය හඳුනාගැනීම, චරිත ලක්ෂණ දැනගැනීම, දක්ෂතා සහ දුර්වලතා හඳුනාගැනීම ආදිය සඳහාත් ආයතනවලට සේවකයින් බඳවාගැනීම්වලදී සුදුසුකම් මැනබැලීමටත් මෙම පරීක්ෂණය යොදාගන්න පුළුවන්. මෙවන් පරීක්ෂණ බොහොමයක් ලෝකය පුරා පැවතියත් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක වෙන්නෙ මෙම වෘත්තීය යතුර පරීක්ෂණය.
පරීක්ෂණය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
මෙහිදී ඉතාමත් සුවිශේෂී කරුණක් මම ඔබට මතක් කරනවා. ඒ තමයි අපි මේ වෘත්තීය යතුර පරීක්ෂණය සාමාන්‍ය පෙළ ලියූ දරුවන්ට සිදු කිරීමෙන් බලාපොරොත්තුවන ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි උසස් පෙළ විෂය ධාරාවා නිවැරදිම තෝරා දීම. ඇයි අපි ඒකට ඒ තරම් වැදගත් තැනක් දෙන්නෙ? විභාගෙ ලියන හැමෝම විශ්ව විද්‍යලයේ යවන්න ද? නෑ උසස් පෙළ කියන්නෙ විශ්ව විද්‍යාලෙට ළමයි තෝරන විභාගය නෙමේ. උසස් පෙළ ප්‍රතිඵලයෙන් අපි ගන්න එක වැඩක් විතරයි ඒ.
එහෙනම් වෙන මොනවටද උසස්පෙළ සමත්වීම වැදගත්වෙන්නෙ?
ඔයා මෙහෙම හිතන්න….
ඔයාට නොගැළපෙන විෂයක් තෝරාගෙන අවුරුදු 2ක් උසස්පෙළ පන්තියේ ඉඳලා ඔයා විභාගය අසමත් වුණොත් මොකද්ද ඔයාට වෙන්නෙ? ඔයාගෙ ඉහළම අධ්‍යාපන සුදුසුකම වෙන්නෙ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් නේද? ඒකට ඔයා කැමති ද? හිතලා බලන්න. එය ඔබට බාරයි….
ඉතිං ඔයා තීරණය කරන්න නිවැරදි තීරණයක් නිවැරදි විදියට අරගෙන නිවැරදි මාවතේ ගිහින් ජය ගන්නවද? ජීවිතේ අතරමග අවුල් කරගන්නවද කියලා.
පසු සටහන
ජෝන් හොලන්ඩ්ගේ මෙම පරීක්ෂණය ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස නැවත සකස්කිරීමේ ගෞරවය හිමිවන්නේ ආචාර්ය කීර්ති ප්‍රේමදාස මහතාටත් ජ්‍යේෂ්ඨ වෘත්තීය මාර්ගෝපදේශක නීතිඥ අජිත් ජයවර්ධන මහතාටත් බව සිහිපත් කරමි.
****************************************************************
ඔබගේ උසස් පෙළ විෂය ධාරාව තෝරාගැනීමට අපගේ සේවාව ලබාදීමට (සාධාරණ අයකිරීමක් සහිතව) අප සූදානම්. ඒ සඳහා පහත අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැක.
071 993 4030
සැකසුම – ලක්මිණි ගොඩගේ
Professional career guidance counselor-CCGA
Executive committee member CCGA (CCGA/B06/M/0132)
BA (sp) Philosophy & Psychology
Diploma in Counselling
National Diploma in Career guidance counselling
Counselling & career guidance teacher at Dharmapala Maha vidyalaya, Katukurunda
![]() ![]() ![]() ![]() |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.