දෙවන ලෝක යුද්ධයටත් පෙර සිට පවතින රුසියානු නැව

දෙවන ලෝක යුද්ධයටත් පෙර නිර්මාණය කර අදටත් සක්‍රිය තත්ත්වයේ පවතින රුසියානු යුධ නැවක් වේ. මේ නෞකාව දෙවැනි ලෝක යුද්ධය වෙනුවෙන් 1931 දී නවීකරණය සඳහා යොමු කරන ලදී. නමුත් ඒ වන විට රුසියානුවන් දෙවැනි ලෝකයුද්ධයක් සිදුවන කාලවකවානුවක් දැන නොසිටිය හ. මේ ඒ නෞකිව නවීකරණය කළ ආකාරය පිළිබඳ කතාව යි.

මුල් කාලයේ Gangut, නමින් හැඳින්වූ රුසියානු යුධ නෞකාව 1934 වැන්නේ දී නවීකරණය කළ අතර ඉන් පසු ඇයගේ නාමය Oktyabrskaya Revolutsiya නමින් වෙනස් කරන ලදී. මෙම නවීකරණ කාර්යයආරම්භ කරන ලද්දේ 1931 දී ය. එහි දී මෙම නෞකාව පුළුල් නවීකරණයකට බඳුන් කරන ලදී. මෙම නෞකාවේ සොහොයුරියන් සේ සැලකූ නෞකාවන් ද ඒ වන විට නවීකරණය කර තිබූ අතර ඒවා නවීකැණයේ දී ලැබූ අත්දැකීම් ද පාදක කරගනිමින් මෙම නවීකරණය අරඹා තිබුණි.

නවීකරණයේ දී වැඩි යුධ බලයක් ලබා ගතහැකි පරිදි හා අවි මෙහෙයවන්නන් රැසකට පහසුකම් ඇති වන පරිදි එය නවීකරණය කළ අතර ඊට අමතරව ප්‍රදේශ සුපරීක්ෂණය සඳහා ද පහසුකම් වැඩි කරන ලදී. නවීකරණයේ දී නෞකාවේ ප්‍රධාන ගිනි අවි සහිත බමන වේදිකා ආශ්‍රිතව ප්‍රදේශ සුපරීක්ෂණ උපකරණ ද සවිකරන ලදී. ගිනි අවි සඳහා යාන්ත්‍රික බලය ද වැඩි කරන ලද අතර මෙහෙයවීම පහසු කරන සංවේදක ද සවිකරන ලදී.

නෞකාවේ බලෝත්පාදකයන් ද නවීකරණ කළ අතර ගල් අඟුරු දහන බොයිලේරු විසිපහක් වෙනුවට ද්‍රව ඉන්ධන වලින් බලය උත්පාදනය කරන බොයිලේරු හයක් සවි කරන ලදී. මේ නව බොයිලේරු වලට වැය වූ ඉඩ ද ඊට පෙර තිබූ බොයිලේරු වලට වඩා ඉතා අඩු විය. නවීකරණයේ දී දියයට කොටස් වල ආරක්ෂාව ද වැඩි කරන ලදී. දුම් කුලුනෙන් පිටවන වායූන් නිසි පරිදි යොමුකිරීමට එහි ද නවීකරණයන් සිදු කරන ලදී.අවසාන වශයෙන් නෞකාවේ බඳ ද නවීකරණය කරන ලදී.

ඉදිරිපස දුනු හැඩය ද නවීකරණය කළ අතර රළු මුහුදු කලාපවල කාර්යසාධනය ඉහළ නංවාගැනීම එහි අරමුණ විය. මේ වෙනස නිසා එතුවක් මීටර් 181ක් වූ නෞකාවේ දිග මීටර 185ක් දක්වා  වර්ධනය විය. නවීකරණයෙන් අනතුරුව දෙවන ලෝක යුද්ධය සඳහා යොදා ගත් මෙම නෞකාව තවමත් සක්‍රිය සේවයේ පවතී. එය අදටත් භාවිතවන වඩාත් යල් පැනගිය නෞකාව විය හැක. ගුවන්යානා නාශක ඇතුළුව පුළුල් හා ප්‍රබල වෙඩි බලයක් සහිත මේ නෞකාව සොවියට් සමූහාණ්ඩු සමයේ ද ප්‍රබල සේවාවක් ඉටු කරන ලදී.