WordPress WooCommerce Themes

ලංකාවේ ම උපකාරක පන්ති කාලසටහන් එක ම තැනකින්

මේ උත්සාහය කුමක් සඳහා ද?

  • කවුරුන් කෙලෙස කිව්වත් පෞද්ගලික උපකාරක පන්ති ක්‍රමය දැනට ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල සේවයක් සපයමින් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ගුරු හිඟපාඩු වල දි පවා මේ සේවාව අතිශය වැදගත්. මේ නිසා ම ලංකාවේ ම උපකාරක පන්ති පැවත්වෙන වේලාවන්, උපකාරක සම්මන්ත්‍රණ ආදිය පැවත්වෙන වේලාවන් පහසුවෙන් ම සොයාගන්න  ක්‍රමයක් හදන්නයි අපේ උත්සාහය.

ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

  • ඔබ වෙනුවෙන් ම වෙබ් පිටුවක් වෙන් වෙන නිසා ඔබටත් කාලසටහන ප්‍රදර්ශනය කිරීම පහසුයි. ඊට අමතරව එහි සම්මන්ත්‍රණ ආදිය පිළිබඳ විවිධ දැන්වීම් පළ කරන්නත් හැකියි. අලුත්වන කාලසටහන් නිසි කාලයේ දි අප වෙත දැන්වීමෙන් එය අපට යාවත්කාලීන කරන්න හැකියාව ලැබෙනවා. නමුත් තොරතුරු අලුත් කිරීමේ හැකියාව අප සතුව පමණක් තබා ගන්නේ විවිධ ගැටළු මතුවිය හැකි නිසා. ඒ වගේ ම තොරතුරු අලුත් කිරීම පිළිබඳ දන්වන්න හැකියාව තිබෙන්නේ Google form එක හරහා හෝ අප වෙත ලබා දී ඇති Whatsapp අංකයෙන් පමණයි.

ඔබේ තොරතුරු අපට දෙන්නේ කොහොම ද?

Google form එකට ඔබගේ හෝ ඔබ ආයතනයේ තොරතුරු ඇතුළත් කරන්න. ඒ සඳහා  මෙතැනින් පිවිසෙන්න

මේ සඳහා අයකිරීමක් තිබේ ද?

නැහැ. මෙය සපුරා ම නොමිලේ සේවාවක්. නමුත් ඔබගේ පිටුවේ කාලසටහනට අමතරව යම් විශේෂ දැන්වීමක් පළ කරනවා නම් පමණක් සුළු මුදලක් අය කෙරෙනවා. ඒ පිළිබඳ විස්තර මෙතැනින් ලබා ගතහැකියි . මෙතැනින් පිවිසී එම පිටුවේ ’09. උපකාරක පන්ති කාලසටහන් පිටුවේ දැන්වීමක් සඳහා අයකිරීම යටතේ බලන්න.

 

දැනට ඇතුළත් කළ සාම්පල් කොටස් මෙතැනින් බලන්න
නැතහොත් අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා යටතේ බලන්න
මේ සේවාවට අදාළ Whatsapp නාළිකාවට මෙතැනින් පිවිසෙන්න. එය follow කර තියාගන්න

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...