WordPress WooCommerce Themes

මොහොතක් සිතන්න…ඉන්න හිතෙන කාමරයක්

ඔයා අහලා තියෙනවද එස් පහ ගැන.
ඒක ගැන මං ඔයාට කියලා දෙන්නම්.
ඒක අපේම ක්‍රමයක් පස්සේ ජපානෙට අයිති ක්‍රමයක් විදිහට නැවතත් ලංකාවට ආවා ආවා.
ඒක දැන් ගොඩක් හොඳ ක්‍රමයක් විදිහට පිලි අරගෙන තියෙනවා.
ඒක අත්හදා බලපු අයට තේරුණා ඒක හොඳ ක්‍රමයක් කියලා.
බලන්න ඔයාගේ කාමරේ ඔයා කවදාවත් පාවිච්චියට නොගන්න දේවල් කොච්චර තියෙනවාද?
පාවිච්චි කරපු දේවල්වල ඉතුරු වෙච්ච, ඉවර වෙච්ච, ඒවා මේවා ඔතාපු දේවල්. ඒවා ආයි ඔයා කවදාවත් පාවිච්චි කරන්නෙ නෑ නෙ.
පරණ කේක් පෙට්ටි, බිස්කට් පෙට්ටි, ඉවර වෙච්ච පෑන්,
තාක්ෂණික විෂය ඉගෙන ගනිද්ද ඒවා මේවා හදලා ඉතුරු වෙච්ච කොළ කෑලි, මැදලා පැත්තකට දාපු දත් බුරුසු,
ඉවර වෙච්ච දන්තාලේප පැකට්…….
පුංචි කාලේ ඉස්කෝලෙ ගෙනිච්ච පොත්, පරණ සටහන්
මේ ඔක්කොම ඔයාගේ පුංචි කාමරේ තියෙනවා නේද?
“මේවා කුණු ගොඩට දාලා බැහැ. ඒවා කොච්චර වටින සිහිවටනද? ඇදුම් වුණත් නොඅඳින ඒවා වැඩියි.”
ඒ වුණාට ඒවා සිහිවටන කියලා ඔයාට හිතෙනවා නෙ.
විසි කරන්න ලෝභ හිතෙන දේවල් තියෙනවානේ…… කමක් නැහැ. ඔයා ඒවා අතීත සිහිවටන විදිහට තියාගන්න දැනට.
පාවිච්චි නොකරන දේවල් වෙනම ගොඩක් ගහන්න.
දැන් ඔයාගේ පොත් මේසෙ ගොඩක් හිස් වෙලා,
පාළු වෙලා වගේ දැනෙනවානෙ.
ඉස්සෙල්ලා යන්තම් පොතක් තියාගන්න ඉඩ තිබ්බ මේසෙ දැන් හරියට ඉඩ තියෙනවා නේද?
ඊළඟට ලාච්චු එකින් එක ඇරලා බලන්න.
ලාච්චුවේ ඉඳලා මීයෙකුත් එළියට පැන්නා නේද?
පරණ පොත්, කඩදාසි ගොඩෙන් තියාගන්න ඕනි කියල හිතන ඒවා එක ගොඩකට ගහන්න.
දැන් ගිහින් බලන්නකෝ ඔයාගේ කණ්ණාඩි මේසෙ ළඟට.
එතන තියෙන පරණ සෙන්ට් කුප්පි, පවුඩර් පෙට්ටි, ක්‍රීම් බෝතල් දැන් මේවායින් වැඩක් නෑනේ.
ඇඳුම් අල්මාරිය අරින්නත් ලෝබයි.
ඒවා නම් කොහොමත් අහක දාන්න බෑ කියලා හිතෙනවද?
හැම උපන්දිනයකටම ලැබුණු ඇඳුම් සිහිවටන විදිහට තියාගන්න එක තේරුමක් නෑනෙ.
උපන්දින සිහිවෙන්න ලැබුණු වෙන සිහිවටන තියෙනවානෙ මාලේ, ඔරලෝසුව වගේ.
අඳින්න බැරි ඇඳුම් අයින් කරාම දැන් අල්මාරියෙ ඉඩ ගොඩයි නේද?
දැන් ගොඩක් දේවල් අයින් කරන්න පුළුවන් උනානෙ. ආයෙත් සැරයක් හොඳට බලන්න ඔයාට අවශ්‍ය මොනවා හරි මේ ගොඩට දාලා තියෙනවද කියලා.
නෑ නේද?
බලන්නකො ඔයාගෙ ඇඳේ බෙඩ්ෂීට් කීයක් තියෙනවාද,
කොට්ට උර කීයක් තියෙනවද කියලා….
ඇයි එක උඩ එක දැම්මේ? පරණ එක හෝදන්න කම්මැලිකමටනෙ.
ඒවා ගලවන්න.
ඇඳට ෂීට් දෙකක් තියාගන්න.
කොට්ට උර හතරක් තියාගන්න.
ටෙඩි බෙයාර්ස්ලා ඔච්චර එකතු කරන්නේ ඇයි? බලන්න එකම ජාතිය හතර දෙනෙක්ම ඉන්නවා. වැඩිපුර ඒවා පුච්චනවාද? නැහැ නැහැ.
ඒවා ඔයාගේ යාළුවෙකුට දෙන්න.
එතකොට ඔයාගේ යාළුකම වැඩි වෙනවා වගේම ඔයාගේ කාමරේ අනවශ්‍ය දේවල් වලින් ඉවත් වෙනවා
ඔයාගේ පරණ සෙරෙප්පු ටික පේනවා නෙ..?
බලන්න ඒවයෙ තියෙන දූවිලි ගොඩ.
ඔයා දැනට පාවිච්චි කරන්නේ එක කුට්ටමයි, දෙකයි.
ඒත් පහක් තියෙනවා. ඉස්සර දාපුවත් තියෙනවා. ගෙවිච්ච නැති ඒවා කාට හරි දෙන්න.
දැන් ඔයාගේ කාමරේ අලුත් වගේ දැනෙනවා නේද….
අපි ඔයාගේ අල්මාරිය සකස් කරමු.
ඔයා කවදාවත් අඳින්නෙ නැති සිහිවටන යට ම තට්ටුවෙ තියාගන්න.
ඊළඟ තට්ටුව ඔයා විශේෂ අවස්ථාවක අඳින්න තියෙන ඇඳුම් තියාගන්න.
නිතර අඳින ඇඳුම් ඔය බෝල කූඩුවේ එල්ලන්න. ඔයා හෙට අඳින ඇඳුම් ළඟින්ම තියාගන්න.
ඔයා අල්මාරි ලාච්චුවට දාන්න කැමති මොනවාද? ඔයාට ලාච්චු තියෙන්නේ ඔච්චරයිනේ…..
අපි ඒකට දාමු වටින කියන දේවල්.
පාස්පෝට් එක නිතර අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒක එහාටම දාන්න. හැඳුනුම්පත, බැංකු පොත අල්මාරියේ දාන්න එපා. ඒවා නිතර අවශ්‍ය වන දේවල්.
කාලයත් එක්ක සංසන්දනය කරලා නියමිත පිළිවෙලට තියාගන්න. පැයකින්, දවසකින් සතියකින් අවශ්‍ය වන දේවල් පිළිවෙලට.
දැන් කාමරේ හරිම පිරිසිදුයි නේද?
ඇඳට බෙඩ්ෂීට් එකයි අනිත් එක ට්‍රවල් ට්‍රැක් එකේ අදාළ තැන.
කොට්ට දෙකට උර හතරයි. දෙකක් දෙකක් ට්‍රවල්‍ රැක් එකේ නියමිත තැන.
ඇයි එතකොට දෙකක්?? එකක් හෝදනකොට අනිත් එක දාන්න.
අල්මාරියට කරපු වැඩේම පොත් මේසෙටයි, රාක්කෙටයි කරන්න. විෂයන්වලට අදාල පොත් වෙනම, බාහිර කියවන පොත් වෙනම, නිතර ඕන පොත් කිට්ටුවට….
ඔයා දැන් ක්‍රමය දන්නවා. පෑන් පැන්සල් දාන්න ඉවත් කරපු පවුඩර් පෙට්ටියක් අරන් ඒක කට ගාවින් කපල හදාගන්න.
හොඳට තව පාරක් ආයිත් අතුගාලා නාගෙන එන්න.
වෙනදට වඩා වෙනසක් දැනේවි……….

නිර්මාණි මද්දුමහේවගේ




 

 

සබැඳි ලිපි

Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...
Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...
Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...