WordPress WooCommerce Themes

ඒ කාලේ අපි සඳ පදනම් කරගෙන කාලය මැනපු හැටි

බටහිර ආගමනයට පෙරාතුව ලංකාවේ අපි කාලය ගණනය කළ ආකාරයන් පිළිබඳ පැරණි ලේඛන වලින් තොරතුරු සොයාගැනීමට හැකියාව තිබේ. දේශීය වෛද්‍ය විද්‍යාව, තාරකා ශාස්ත්‍රය සහ වර්තමානයේ කූට ලෙස විකෘති කර මිනිසුන් රැවටීම පිණිස වංචනික දෛවඥ මුදලාලිලා විසින් අලෙවි කරන ජ්‍යොතිශය වැනි ශාස්ත්‍ර තුළ ද මේ කාල මැනීම් භාවිත කර තිබේ. ඇතැම් ක්ෂේත්‍ර තුළ අද ද භාවිත වේ.

මෙය කියවන විට ඔබට තවත් දෙයක් අවබෝධ වනු ඇත. සිංහල මාස ක්‍රමය තුළ මාසයට ඇති දින චන්ද්‍රයා හා බැඳුණු එකකි. මේ නිසා සූර්යයා හැ බැඳුණු ක්‍රමයකට ගණනය කරන බටහිර ක්‍රමයේ කාල ගණනය සමග මෙය මිශ්‍රව දැක්වීමට නොහැකි බවයි. වර්ෂයේ මාස පිළිබඳ පහළින් ඇති සටහනේ සංහල මාසයේ නාමය ඉදිරියෙන් ආසන්න වශයෙන් වත්මන් මාසය මෙය යැයි දක්වා ඇත්තේ ඒ නිසාවෙනි. මේ නිසා ලංකාවේ බොහෝ ස්ථාන, අවස්ථා වල සිංහල හා බටහිර ක්‍රමයට දින ගණනය කර ඇති ආකාරය වැරදි බව ඔබට වැටහෙනු ඇත. ඒ සඳහා උදාහරණයක් පහතින් දක්වා තිබේ.

2024 මාර්තු මස 10 වැනි ඉරිදා හෙවත් බුද්ධ වර්ෂ 2567 වැන්නේ මැදින් මස 10 වැනි රිවි දින

ඉහත ගණනය කිරීම වැරදි වන්නේ මාර්තු මස 10 වැනිදා මැදිම් මසේ 10 වැනි දිනය නොවන නිසා ය. එය ගණනය කළ යුත්තේ ආසන්න පොහොය දිනයේ සිට ය. 2024 මාර්තු මසට යෙදෙන මැදින් පොහොය දිනය මාර්තු මස 24 වැනිදාට යෙදී තිබේ. එතැන් සිට ආපස්සට ගණන කළ යුතු අතර එසේ නැතහොත් පෙබරවාරි මස 23 වැනිදාට යෙදුණු නවම් පොහොය දින සිට ඉදිරියට ගණනය කළ යුතු ය. එය ගණනය කළ යුත්තේ ද සිංහල මාස ක්‍රමයට අනුව ය

පහත සටහන බලන්න (2024 වර්ෂයට අනුව සකසා ඇති අතර මාර්තු මස 24 වැනිදාට යෙදී ඇති මැදින් පොහොය අනුව ගණනය කර ඇත.)

පුර පෑළවීය(මාර්තු10)
පුර දියවක(මාර්තු11)
පුර තියවක(මාර්තු12)
පුර ජලවක(මාර්තු13)
පුර වීසේනිය(මාර්තු14)
පුර සැටවක(මාර්තු15)
පුර සතවක(මාර්තු16)
පුර අටවක(මාර්තු17)
පුර නවවක(මාර්තු18)
පුර දසවක(මාර්තු19)
පුර එකොළොස්වක(මාර්තු20)
පුර දොළොස්වක(මාර්තු21)
පුර තෙළෙස්වක(මාර්තු22)
පුර තුදුස්වක(මාර්තු23)
පුර පසළොස්වක(මාර්තු24)

ඊට අනුව 2024 මාර්තු 10 වැනිදා යනු මැදින් මස පුර පෑලවිය ලත් රිවිදිනය යි. පුර පක්ෂය පුර පෑලවියෙන් ඇරඹෙන නිසා එය එම මාසයේ පළමු දිනය යි. එනම් මැදිම් මහේ පළමුවැනිදා ය. මාර්තු 10 වෙනුවට මාර්තු 9 වැනිදා උදාහරණය ලෙස යොදා ගත්තා නම් එය මැදින් මසට අයත් නොවේ. හේතුව එය නවම් මහේ අවසන් දිනය හෙවත් නවම් මගේ  අව පසලොස්වක(අමාවක) ලත් ශනි දිනය වන නිසා ය. සිංහල ක්‍රමයට දින ගණනය කිරීමේ දී වැදගත් වන සටහනක් පහතින් දක්වා තිබේ. මීළඟ කලාපයේ දී හින්දු, ඉස්ලාමි ආදී කැළන්ඩර පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබේ.

සිංහල කාල චක්‍රය

තප්පර(මුහුර්ත) 60 විනාඩි 01

විනාඩි 60 පැය(හෝරා) 01
පැය 60  දින(තිථිය) 01
දින 07 සති 01
දින 15 පක්ෂ 01
පක්ෂ 02 මාස(මස) 01
මාස 12  අවුරුදු(හවජර) 01
සතිය, මාසය හා අවුරුද්ද පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.

 

සිංහල සතිය(සත්තාහය)

සදු දින (සදුදා)
කුජ දින (අගහරුවාදා)
බුද දින (බදාදා)
ගුරු දින (බ්‍රහස්පතින්දා)
කිවී දින (සිකුරාදා)
ශනි දින (සෙනසුරාදා)
රිවී දින (ඉරිදා)

 

සිංහල මාසය

පුර පක්ෂය(එනම් සඳ ක්‍රමයෙන් වර්ධනය වෙමින් දර්ශනය වන කාලය)
පුර පෑළවීය
පුර දියවක
පුර තියවක
පුර ජලවක
පුර වීසේනිය
පුර සැටවක
පුර සතවක
පුර අටවක
පුර නවවක
පුර දසවක
පුර එකොළොස්වක
පුර දොළොස්වක
පුර තෙළෙස්වක
පුර තුදුස්වක
පුර පසළොස්වක
අවපක්ෂය(එනම් සඳ ක්‍රමයෙන් හීන වෙමින් දර්ශනය වන කාලය)
අව පෑළවීය
අව දියවක
අව තියවක
අව ජලවක
අව වීසේනිය
අව සැටවක
අව සතවක
අව අටවක
අව නවවක
අව දසවක
අව එකොළොස්වක
අව දොළොස්වක
අව තෙළෙස්වක
අව තුදුස්වක
අව පසළොස්වක හෙවත් අමාවක

 

සිංහල අවුරුද්ද

බක්  (පාලි චිත්ත,   සංස්කෘත චෛත්‍ර)ආසන්න වශයෙන් වත්මන් අප්‍රේල් මාසය මාසය
වෙසක් (පාලි විසාක,  සංස්කෘත වෛශාක)ආසන්න වශයෙන් වත්මන් මැයි මාසය
පොසොන් (පාලි ජෙට්ඨ,  සංස්කෘත ජ්‍යෙෂ්ඨ)ආසන්න වශයෙන් වත්මන් ජුනි මාසය
ඇසළ (පාලි අසාළ්හ,  සංස්කෘත ආෂාඩ)ආසන්න වශයෙන් වත්මන් ජූලි මාසය
නිකිණි (පාලි සාවණ,   සංස්කෘත ශ්‍රාවණ)ආසන්න වශයෙන් වත්මන් අගෝස්තු මාසය
බිනර (පාලි පොට්ඨපාද,  සංස්කෘත හාද්‍ර)ආසන්න වශයෙන් වත්මන් සැප්තැම්බර් මාසය
වප් (පාලි අස්සයුජ,  සංස්කෘත අශ්වීන්)ආසන්න වශයෙන් වත්මන් ඔක්තෝබර් මාසය
ඉල් (පාලි කත්ථික,  සංස්කෘත කාර්තික)ආසන්න වශයෙන් වත්මන් නොවැම්බර් මාසය
උදුවප් (පාලි මාගසිර, සංස්කෘත ආග්‍රහාරණ)ආසන්න වශයෙන් වත්මන් දෙසැම්බර් මාසය
දුරුතු (පාලි ඵුස්ස,  සංස්කෘත පෞෂ)ආසන්න වශයෙන් වත්මන් ජනවාරි මාසය
නවම් (පාලි මාඝ,  සංස්කෘත මාඝ)ආසන්න වශයෙන් වත්මන් පෙබරවාරි මාසය
මැදින් (පාලි ඵග්ගුන සංස්කෘත ඵාල්ගුන)ආසන්න වශයෙන් වත්මන් මාර්තු මාසය

 




සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...