ලංකා ඉතිහාසයට සම්බන්ධ අභිලේඛන

අභිලේඛන-අනුරාධපුර ගල් ඔරුව අසල පුවරු ලිපිය- හතරවන මිහිඳු රජු-(විහාර හා ග්‍රාම පාලන නීති ගැන සඳහන් වේ.)

අභිලේඛන-අනුරාධපුර පුවරු ලිපිය- පස්වන කස්සප රජු-විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ

අභිලේඛන-අඹගමුව සෙල්ලිපිය- පළමුවන විජයබාහු රජු -පොළෙනේනරු යුගය(ශ්‍රී පාද වන්දනාකරුවන්ට සත්කාරක ග්‍රාමයක් ලෙස ගිලීමලේ ගම පිදීම)

අභිලේඛන-කළුදියපොකුණ ලිපිය- තෙවන සේන රජු- විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ

අභිලේඛන-කොණ්ඩවට්ටවාන් ලිපිය- සිව්වන දප්පුල රජු-ග්‍රාම පාලන නීති ගැන

අභිලේඛන-ගඩලාදෙණි ගිරි ලිපිය- ධර්මකීර්ති ස්ථවිර(ගඩලාදෙණි විහාරය ඉදිකිරීම ගැන)

අභිලේඛන-ගඩලාදෙණි පුවරු ලිපිය- ජයවීර පරාක්‍රමබාහු රජු(දොඩම්වල පරාක්‍රමබාහු ඇපාට, මේණවර තුණෙයාට හා පස්යොදුන්රට ජනයාට අභය දානය දීම ගැන)

අභිලේඛන-ගඩලාදෙණි ලිපිය- සේනාසම්මත වික්‍රමබාහු රජු-මහනුවර යුගය (මහනුවරට අයත් ප්‍රදේශවල ජනයාට ජීවිත හානි නොකරන බව හා මරාළ බද්ද විහාර ප්‍රතිසංස්කරණයට යොදවන බව)

අභිලේඛන-ගලපාත සෙල්ලිපිය- දෙවන පරාක්‍රමබාහු රජු(?)-දඹදෙණිය යුගය(පූජ්‍යස්ථාන ඉදිකිරීමත් හා ඊට කළ පූජාවන්)

අභිලේඛන-ගල්පොත ලිපිය- නිශ්ශංකමල්ල රජතුමා-‌පොළොන්නරු යුගය(නිශ්ශංකමල්ල රජු‌ පිළිබඳ වර්ණනා, ඔහුගේ ලෝ සසුන් වැඩ හා විදේශාක්‍රමණ ගැන සඳහන් වේ.)

අභිලේඛන-ගොඩවාය ලිපිය- පළමුවන ගජබා රජු-වරාය බදු ආදායම් විහාරයකට පිදූ බව

අභිලේඛන-ජේතවනාරාම සංස්කාත ලිපිය- විහාර ඉඩම් වල වෙසෙන ගිහි පැවිදි දෙපාර්ශ්වයට අදාළ වත් පිළිවෙත් පිළිබඳ කථිකාවතකි.

අභිලේඛන-තිඹිරිවැව ලිපිය- ගෝඨාභය රජු (ඇළ මගක බදු ආදායම් ආරාමයකට පිරීම ගැන)

අභිලේඛන-තිරියායේ ගිරි ලිපිය- මහායානික අදහස් හා ත්‍රපුස්සක-වල්ලික වෙළඳ දෙබෑයන් ගිරිහඬුසෑය කරවීම පිළිබඳ

අභිලේඛන-තෝණිගල සෙල්ලිපිය- සිරිමේඝවණ්ණ රජතුමා-අනුරාධපුර යුගය(බැංතුවක තැන්පත් කළ ධාන්‍ය වල පොලිය විහාරයක භික්ෂු සංඝයාගේ සිව්පසය පිණිස පිදූ බව)

අභිලේඛන-ත්‍රිකුණාමලයේ කෙටි සංස්කෘත ලිපිය- චෝඩගංග නම් ආක්‍රමණිකයෙකුගේ විස්තර

අභිලේඛන-දඹුලු පර්වත ලිපිය- නිශ්ශංකමල්ල රජු-පොළොන්නරු යුගය(දඹුළු විහාරය පිළිසකර කරවීම, එයට රන්ගිරි දඹුළු නාමය හෙවත් සුවණ්ණගිරි ගුහා නාමය දීමත්, රජුගේ වෙනත් ආගමික සේවාවන් ආදියත් ලියා ඇත.)

අභිලේඛන-දෙවනගල පර්වත සෙල්ලිපිය- මහා පරාක්‍රමබාහු රජතුමා- පොළොන්නරු යුගය(බුරුම ආක්‍රමණයට සම්බන්ධ වූ කිත් නුවරගල් හෙවත් නනගරගිරි කිත්ති සෙනවියාට ලබාදුන් ගම්වර ආදිය ගැන සඳහන් වේ.)

අභිලේඛන-දෙවිනුවර සෙල්ලිපිය- දෙවන පරාක්‍රමබාහු රජු(නැව්තොටක පාලනය ගැන සඳහන් වේ.)

අභිලේඛන-පනාකඩුව තඹ සන්නස- පළමුවන විජයබාහු රජතුමා-පොළොන්නරු යුගය(විජයබාහු රජුට කුඩා කළ ආරක්ෂාව සැපයූ සිත්නරුබිම් බුද්ධනායකයන්ට කළ දීමනා ගැන සඳහන් වේ.)

අභිලේඛන-පුලියන්කුලම් ලිපිය- පස්වන දප්පුල රජු- විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ

අභිලේඛන-පෙරිමියන්කුලම් ගිරි ලිපිය- වසභ රජු (ඇළමගක බදු අසල විහාරයක් පිළිසකර කිරීම සඳහා පිදීම ගැන සඳහන් වේ.)

අභිලේඛන-මිහින්තලේ පුවරු ලිපි දෙක- හතරවන මිහිඳු රජු-අනුරාධපුර යුගය(ආරාමයක භික්ෂුන් වහන්සේලාගේ විනය නීති ගැන සඳහන් වේ.)

අභිලේඛන-වල්ලිපුරම් රන් සන්නස- වසභ රජතුමා-අනුරාධපුර යුගය(වසභ රජ දවස යාපන අර්ධද්වීපය පාලනය කළ ඉසිගිරිය නමැත්තා යටතේ ඉදිකළ විහාරයක් ගැන කියවේ)

අභිලේඛන-වෙස්සගිරි ගිරි ලිපිය- දෙවන සිරිනාග රජු-(ආරාමයකට කළ පූජාවත් ගැන සඳහන් වේ. පළමු සිරිනාග කුච්ඡනාග හා දෙවන සිරිනාග අතර ඥාති සබඳතාව ද මෙයින් හෙළි වේ.)

අභිලේඛන-වෙස්සගිරි පුවරු ලිපිය- සිව්වන මිහිඳු රජු- රජුට අයත් වැවකින් ජලය බෙිදා දීමේ නීති

අභිලේඛන-වේවැල්කැටිය පුවරු ලිපිය- හතරවන මිහිඳු රජු (අපරාධ නීතිය පිළිබඳ සඳහන් වේ.)

අභිලේඛන-සංගමු විහාර ලිපිය- පොළොන්නරු යුගය-(පළමු පැරකුම්බා හා දෙවන ගජබාහු රජවරුන් අතර සාම ගිවිසුමකි.)

අභිලේඛන-සිතුල්පව්ව ලිපිය- අධිකරණයක ආදායම් සංඝයාට පිදූ බව

අභිලේඛන-හබැස්ස ගිරි ලිපිය- වසභ රජුගේ පුත් උතර නමැත්තා සහ ඔහුගේ පුත් උප රජ නාග නමැත්තා පැරණි ආරාමයකට වාරිමාර්ග ඇළක් පිදීම හා කුඹුරු තුනක් පූජා කිරීම ගැන සඳහන් වේ(ඌව පළාත)

අභිලේඛන-මහරත්මලේ ගිරි ලිපිය- විහරයකට කළ පූජාවක් ගැන සඳහන් වේ.වංකනාසික තිස්ස, පළමු ගජබා සහ මහල්ලක නාග රජවරුන් ගැන සඳහන් වේ.

අභිලේඛන-හෝපිටිගමු ලිපිය- හතරවන උදය රජතුමා-අනුරාධපුර යුගය(වෙළඳ ගමක පරිපාලන නීති ගැන සඳහන්වේ)

ලංකාවේ වෙළඳ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේ දී අතිශය වැදගත් වේ.

  • පෙර සිරිත් දඩ මිස අනියම් දඩ නොගත යුතුයි
  • යමෙකුඩ දඩුවමක් කරනවා නම් එය වෙනත් ස්ථානයක සිදුනොකර එම ස්ථානයේම කළ යුතුයි.
  • නොගෙවූ දඩ සඳහා වැලැක්මේ නොගත යුතුයි. දඩය අදාළ පුද්ගලයාගෙන්ම අයකරගන්නවා මිස අඹුදරුවන් වැලැක්මේ නොගත යුතුයි
  • ගමට පැමිණි රාජකීය නිළධාරින් රහමස් දිහිතෙල් නොගත යුතුයි
  • වතුවලට පැමිණ රහ නොගත යුතුයි
  • සොර වෙළෙඳාම් නොකළ යුතුයි
  • පොහොය දිනයක වෙළෙඳ ශාලා විවෘත කරන්නේ නම් වෙහෙරට තෙල් දිය යුතුයි. එම තෙල්වලින් මහියන්ගණ වෙහෙර පිදිය යුතුයි. එසේ නොදුන්නහොත් පෙර සම්මත ගණන පමණක් දඩ ගත යුතුයි.
  • බඩුගෙන එන අයගේ ගොනුන් නොගත යුතුයි
  • පදි වදිනා (වෙළෙඳ නගරයට ගෙනඑන) බඩු පෙරමඟට ගොස් නොගත යුතුයි
  • සම්මත මිනුමෙන් මිස වෙනත් මිනුම්වලින් බඩු නොමැනිය යුතුයි
  • ගමට ගෙනවිත් විකුණන බඩු සඳහා බඳු ගන්නවා මිස නොවිකිණි බඩු සඳහා බඳු නොගත යුතුයි
  • බුලත්පුවක් මණ්ඩපයක් මත තබා මිස නුසුදුසු තැන තබා නො විකිණිය යුතුයි
  • මෙහෙකරුවන්ට කරදර නොකළ යුතුයි
  • විවිධ තරාතිරම්වල රාජ්‍ය නිළධාරින් පැමින විට පෙර සම්මත ගාස්තු පමණක් ගෙවිය යුතුයි
  • මේ ව්‍යවස්ථා උල්ලංඝණය කරන අවස්ථාවලදි නිළධාරින්ට දන්වා ඒවා නිවැරදි කළ යුතුයි

අභිලේඛන-දඹුල්ලට නුදුරු කණ්ඩලම පිහිටි කෙත්ගල්කන්ද සෙල්ලිපිය- භික්ෂූන්‌ වහන්සේලා වෙත ගල්‌ ගුභාවක්‌ පූජා කරන ලද පරුමකවරයෙකු පිළිබදව සදහන්‌ වේ.මෙහි පරුමකයා හදුන්වා දී ඇත්තේ “තොට බොජක / තීර්ථය අනුභව කරන්නා” යනුවෙනි. එනම්‌ ඔහු තොටුපළකින්‌ බදු අය කර ගැනීමට බලය තිබූ පුද්ගලයෙකි.