WordPress WooCommerce Themes

හිට්ලර්ගේ පළමු වෙඩිල්ල

දරුවනේ ඔයාලා දන්නවා දෙවන ලෝක යුද්ධය ගැන. අඩු ම ගානේ අහලා හරි ඇති. මේ යුද්ධයේ දී අතිවිශාල ප්‍රමාණයක් මිනිසුන් මියගියා. දේපල හානිය මිල කරන්න බෑ. ලෝකයේ ඇතැම් වනගත හෝ කඳුකර ප්‍රදේශ වලින් අදටත් මේ යුධ සමයේ කඩා වැටුණු ගුවන් යානා හමු වෙනවා. ඇතැම් ඒවායේ ඇතුළේ ම එහි නියමුවන් ගේ දිරාගිය අස්ථී පද්ධති පවා තිබී හමු වී තිඛෙනවා. තවත් තැන් වලින් හදිසි ප්‍රහාර වලට ලක්වුණු වාහන සහ එහි ගමන් ගත් මිනිසුන්ගේ අස්ථී පද්ධති හමු වෙනවා. මේවා මුල්කරගෙන යුධ පුරාවිද්‍යාව(war archaeology) කියා විෂයයකුත් ඇතිවුණා. අහිංසක නිරායුධ යුදෙව්වන් මිලියන ගණනක ජර්මනියේ හිට්ලර් විසින් අවුෂ්විට්ස්  වැනි වධකාගාර වලට ගාල්කර සයික්ලොන් බී ගෑස් වර්ගය යොදාගෙන මරා දැමූයේ මේ යුද්ධයේ දි. මියයන්න පැය භාගයකට පෙර විවාහ වුණු හිට්ලර් අන්තිමේ දි තමන්ගේ පෞද්ගලික පිස්තෝලය පළමු සහ අවසන් වරට මනුෂ්‍ය ඝාතනයකට යොදාගැනීම ගැන කතා මේ හා සම්බන්ධව තිඛෙනවා. ඒ තමයි හිට්ලර්ගේ පළමු වෙඩිල්ල. හිට්ලර් එලෙස මරාදැමූයේ කාව වත් නොවේ. තමන්ව ම යි.  ඉතාලියේ මුසෝලිනීත් හිට්ලර් වගේ ම විනාශයක් කළා. අපි ඒ ගැන පසුව කතා කරමු. අපි අද කතා කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වුණු දෙයක් එක්ක සම්බන්ධ කරුණක්. දෙවන ලෝක යුද්ධයට පසු ලෝකය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදුණා. ඒ සමාජවාදී හා ධනවාදී කඳවුරු ලෙස. ඒ ගැන ගැඹුරු විස්තරයක් කරන්න වෙලාව මදි. කොහොම වුණත් මේ කඳවුරු දෙකෙන් සමාජවාදී කඳවුරේ නායකත්වය නිතැතින් ම ලැබුණේ රුසියාවට. ධනවාදී කඳවුරේ නායකත්වයට පත්වන්නේඇමරිකා එක්සත් ජනපදය. රුසියාව විශාලත්වයෙන් ලොව පළමුතැන ගන්නා රටයි. සමස්ත ලෝකයේ ගොඩබිම් වලින් 12% ක් පමණ ඔවුන්ට හිමි යි. රුසියාවේ අගනුවර වන්නේ මොස්කව්. මේ නගරය සිතියමක ලකුණු කිරීමේ දී කළු මුහුදේ හා සුදු මුහුදේ පිහිටීම ගැනත් අවබෝධ කරගන්න එක හොඳයි. ඒ කළු සුදු මුහුදු යා කළ රේඛාවක් ආශ්‍රිතව මෙය ලකුණු කරන්න පහසු නිසා යි. දරුවනේ ඔයාලා දන්නවා ද දන්නේ ම නැතිව අපි අද සිතියමේ ස්ථාන හයක් කතා කරලා.

අපි අද ඉගෙන ගත්තේ

 

ජර්මනිය

රුසියාව

මොස්කව්

කළු මුහුද

රතු මුහුද

ඇමරිකා එක්සත් ජනපදය

 




සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...