WordPress WooCommerce Themes

කාමර – යක්කු – ලියට – දීම

 

ගණිතයට සම්බන්ධ එක් විනෝදජනක සිදුවීමක් ගැන 1900 වර්ෂයේ දී වාර්තා විය. එය පෙළපොතක මුද්‍රණ දෝෂයක් හා සම්බන්ධ වේ. නමුත් මෙය සිදු වූයේ කවර රටක ද යන්න පිළිබඳ තොරතුරු පැහැදිලිව සොයාගැනීමට නොහැකි විය. 1900 ගණන්වල මුල් භාගයේදී මුද්‍රිත ගණිතය විෂයයට අදාළ පෙළ පොතක, එහි එක් ගැටලුවක උපදෙස් තීරුවේ මේ වරද ඇතුළත් විය. එම ගැටලුව ඉලක්කම් දෙකක් එකතු කිරීම සම්බන්ධ සරල ගණනය කිරීමකි. ගැටලුව වූයේ “2 plus 2 එකතු කර ඔබේ work (පිළිතුර) පෙන්වන්න.” කෙසේ වෙතත්, මුද්‍රණ දෝෂයක් හේතුවෙන්, ගැටළුව මෙසේ දිස් විය: “2 plus 2 එකතු කර ඔබේ Pork (ඌරු මස්) පෙන්වන්න පෙන්වන්න.” මෙම සුළු අක්ෂර වින්‍යාසය සිසුන් අතර තරමක් ව්‍යාකූලත්වකයට හා සිනහවට හේතු විය. එය ගණිතමය ප්‍රකාශන ලෝකයේ ජනප්‍රිය වරදක් බවට පත් වූ අතර, එය නිසා විශේෂයෙන්ම කවර විෂයයක් සම්බන්ධ පොතක් වුව ද එහි භාෂාමය නිරවද්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බවත්, සෝදුපත් කියවීමේ වැදගත්කමත් අවධාරණය කරන ලදී. අප එදිනෙදා සමාජයේ දී ද මෙවැනි අක්ෂර දෝෂ නිරන්තරයෙන් දකින නමුත් ඇතැම් ඒවා බරපතල වැරදි වශයෙන් සලකන්නේ නැත. ඊට හේතුව සන්නිවේදනයට එය බාධාවක් නොවේ යැයි සිතන නිසා වියයුතු ය. නමුත් වඩාත් නිවැරදි භාෂා හැසිරවීමක් පිළිබඳ නිසැකව ම අවධානය යොමු වියයුතු ය. එවැනි වැරදි නාම පුවරු ආදිය පිළිබඳ උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.


 

 


 


 


 


 

ගණිතය ද විද්‍යාව ද කියලා නෑ…නිවැරදි භාෂා භාවිතය වැදගත්.




සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...