ආදරණීය දුවේ, පුතේ…
අද අපි ආදරණීය ගණිතය තුළින් තවත් විශේෂ ගණිතමය සුළු කිරීම් කිහිපයක් ඉගෙන ගනිමු.
- එකස්ථානයේ 5 සහිත සංඛ්‍යාවල වර්ගය සෙවීමට මෙම ක්‍රමය භාවිත කරයි.
- පළමුව 5 2 (5×5) හි අගය මුලට ලියන්න.
- දෙවනුව වම්පස අගය ඊට පසුව තිබෙන ගණින සංඛ්‍යාවෙන් ගුණකර පසුපසින් ලියන්න.
- මෙය දශම සංඛ්‍යා සඳහා වුව ද පහසුවෙන් පිළිතුරු ලබාගැනීමට භාවිත කළ හැකි ක්රමයකි.
දශම සංඛ්‍යාවලදී සැම විටම දශමස්ථාන දෙකක් වමට ඇවිත් දශම තිත තබා දශමස්ථාන වෙන්කරගත යුතු ය.
- පහත දැක්වෙන්නේ ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබාගතහැකි පහසු ක්රමයකි.
- ප්‍රථමයෙන් එකස්ථානයේ වර්ගය ලියන්න. (2 X2)
- අදාළ සංඛ්‍යාවේ ඉලක්කම් ගුණකර 2න් ගුණ කරන්න. (4×2) = 8
- ලැබුණ පිළිතුර නැවත දෙගුණ කරන්න. 8×2 = 16
- 16 න් 6 දමා ඉතිරි 1, 4හි වර්ගයට එකතු කර ලියන්න. (1+16) = 17
- මෙය මුලින්ම අපහසු බව පෙනුනත් පුරුදු පුහුණු වීමෙන් ඔබ දක්ෂයෙකු කරනු ඇත.
ආදරණීය දුවේ පුතේ මෙම කෙටි ක්‍රම ඉතා හොඳින් පුරුදු පුහුණු වන්න. එවිට ඔබ සියලු දෙනාටම ගණිතය ඉතා පහසු විෂයක් වනු නොඅනුමානය.
6- 11 ශ්‍රේණි දක්වා ගණිතය
තිලක් නිශාන්ත
සවිද්‍යා අධ්‍යාපන ආයතනය, සෙනවිරත්න පෙදෙස, කළුතර දකුණ
071-8262159