WordPress WooCommerce Themes

ඔබ පිරිසිදු ද?

ඇත්තටම ඔබ පිරිසිදු ද?
මේ පැනය ඔබට යොමු කළොත් ඔබේ පිළිතුර කුමක්ද? බොහෝ විට ඔබ පවසාවි ඔබ පිරිසිදු බව. කන්‍යාවක්ද එහෙම නැත්තන් නාලා පිරිසිදුව ඉන්නවාද කියලා අහනවා වෙන්න පුළුවන්

අපේ ජීවිතය ඉදිරියට ගෙනයන කොට පිරිසිදුකම ඉතාම වැදගත්. ඇත්තටම ඔබ පිරිසිදුයි ද?

නෑ නේද ? ඒ ඇයි? බලන්නකෝ ඔයාගේ කකුලේ නියපොතුවල ගිය සතියේ ගාපු කියුටෙක්ස් එකේ පතුරු ගැලවිලා ගිහිල්ලා

බලන්නකෝ උදේම නාපු ඔයා ඔයාව තියලා තියෙන්නේ අපිරිසිදු තැනක නේද?

ඔයාගේ පුටුවේ යට මකුණු දැල් බැඳලා. පුටුව වටේටම දූවිලි පිරිලා. ඉතින් බලන්නකෝ ඔයා උදේ නාලා සෝදපු වස්තුව තියලා තියෙන්නේ අපිරිසිදු තැනක

ඔයාට කිරි වීදුරුවක් දුන්නොත් වැසිකළියේ ඉඳන් බොන්න කියලා ඔයා බොනවාද?

නෑ නේද?

උදේ කෑම කන්න ගිය වෙලාවේ කෑම එකේ තිබුණ කෙස් ගස නිසා කෑම නොකා ආවා නේද?

ඉතින් ඇත්තටම ඔයා පිරිසිදුයිද?

තව ටිකක් හිතන්න වෙනවා නේද? මං මේ කතා කළේ බාහිර පිරිසිදුකම ගැන.

ඉතින් උදේ නාල පිරිසිදු කරන ඔයාගේ වස්තුව එහෙම නැත්නම් ඔයාගේ කය සැතපවන තැන, වාඩි කරවන තැන, නිදි කරවන තැන පිරිසිදුව තිබීම ඉතාම වැදගත්

ඉතින් මට කියන්නකෝ ඊයේ හවස තේ බීපු ඔයාගේ කෝප්පෙ තාමත් මේසේ යට නේද? බලන්න ඒකෙ කූඹි පිරිලා ඊයේ කාපු ටොපි කොල බිමට වැටිලා

ඔයාගේ පොත් ප්‍රශ්න පත්තර කාමරේ හැම තැනම නේද?

කැමතිද කාම්බරේ ජීවිතයට එකම එක පාරක් විතරක් අස් කරන්න

ඕ…… කොහොමද එහෙම කරන්නේ … මං කොච්චර අස් කරනවද අස් කරලා දවස් තුනයි ආයෙත් අපිළිවෙලයි

ඉන්නකො මං කියලා දෙන්නම් එක පාරක් අස් කරලා කාමරේ හැමදාම පිළිවෙලට තියාගන්න විදිහක්

 

-සටහන නිර්මාණි මද්දුමහේවගේ

 

 

 

 




සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...