ම’සිත් කෙත සුපීදුණු සුපෙම් රන්කරල් රැස
යළිත් කිසියම් දිනෙක මඳ පවන් විඳිනු ඇත
වසිද්දී අසනි වැසි වේදනා විදුලි මිස
තෙතක් සිසිලසක් විඳි කලක් මතකයේ නැත
අරන් රන්වන් කරල් සපැමිණෙන ගිරවු නැත
ඉතින් මඟ අසන්නට වනේ වන සතෙක් නැත
නිතින් මංමුළා වී උගත් යම් දෙයක් ඇත
ඔබෙන් විවරණ ලබා දිනන්නට ලොවක් ඇත
වසින් වස ගෙවී පසු වුණත් කල් සුහදාණ
අසින් අසකුත් සඳේ එළිය අඩු නැත තාම
ලෙසින් දුක’ඳුර නසන පුරපසේ තරිඳාණ
ඉතින් පායා දිලෙන් අහස නුඹගෙයි තාම…
-සධ්‍යා කොඩිතුවක්කු