ලංකා ඉතිහාසයට සම්බන්ධ වැදගත් වර්ෂ

 

පළාත්  පිහිටුවීම


  • උතුර පළාත පිහිටුවීම-1833
  • උතුරු මැද පළාත පිහිටුවීම-1873
  • ඌව පළාත පිහිටුවීම-1886
  • දකුණ පළාත පිහිටුවීම-1833
  •  නැගෙනහිර පළාත පිහිටුවීම-1833
  • බස්නාහිර පළාත පිහිටුවීම-1833
  • මධ්‍යම පළාත පිහිටුවීම-1833
  • වයඹ පළාත-1845
  •  සබරගමු පළාත පිහිටුවීම-1889

සටන්


  • කොටහේන ගැටුම-1883
  • ගන්නොරුව සටන-1638- (සිංහල-දෙවන රාජසිංහ රජු-පෘතුගීසි දියෝගෝ ද මෙලෝ කැස්ත්‍රෝ(  ප්‍රතිඵලය)පෘතුගීසි සමූල ඝාතනය වීම, කැස්ත්‍රෝ මිය යෑම.)
  • දන්තුරේ සටන-1594- (සිංහල-පළමු විමලධර්මසූරිය රජු- පෘතුගීසි පේද්‍රො ලෝපෙස් ද සූසා -(ප්‍රතිඵලය)පෘතුගීසි සමූලඝාතනය වීම)
  • බලන සටන-1603- (සිංහල-පළමු විමලධර්මසූරිය රජු- පෘතුගීසි දොන් ජෙරනිමෝ ද අසවේදු -(ප්‍රතිඵලය) අසවේදු කොළඹට පැන යෑම. පෘතුගීසි සමූලඝාතනය වීම.)
  • මාතලේ (මහතලා) විමුක්ති අරගලය-1848 (සිංහලයින් විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව.(ප්‍රධාන ප්‍රතිඵල) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පක්ෂපාතී නඩුවිභාගයකින් අනතුරුව සිංහලේ විමුක්ති නායකයින් ඝාතනය කිරීම හා පිටුවහල් කිරීම, මෙරට සාම්ප්‍රදායික ගොවි ගැටළු කෙරේ බ්‍රිතාන්‍ය පාලකයින්‌ගේ  අවධානයෙ යොමුකිරීමට සමත් වීම.)
  • මුල්ලේරියා සටන-1562 (සිංහල -ටිකිරි කුමරු-පෘතුගීසි-අල්පොන්සෝ පෙරෙයිරා ද ලසර්දා (ප්‍රතිඵලය) පෘතුගීසි සමූලඝාතනය වීම.
  • මුහුදුබඩ අරගලය(සිඤ්ඤොඅප්පුගේ අරගලය)-1797/98
  • රන්දෙණිවල සටන-1630 (සිංහල-සෙනරත් රජු-පෘතුගීසි කොන්ස්තන්තීනු ද සා නොරඤ්ඤ(ප්‍රතිඵලය)පෘතුගීසි පරාජය, කොන්ස්තන්තීනු ද සා නොරඤ්ඤ මිය යෑම.)
  • වෙල්ලස්සේ විමුක්ති අරගලය-1817-18 (සිංහලයින් විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව.(ප්‍රධාන ප්‍රතිඵල) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පක්ෂපාතී නඩුවිභාගයකින් අනතුරුව සිංහලේ විමුක්ති නායකයින් ඝාතනය කිරීම, උව වෙල්ලස්සේ නිරායුධ අසරණ මිනිසුන් දසදහසක් බ්‍රිතාන්‍ය හමුදා විසින් මිලේච්ඡ ආකාරයට ඝාතනය කිරීම, බ්‍රිතාන්‍ය ජාතිකයින් දහසක් පමණ සිංහලයින් අතින් ඝාතනයට ලක්වීම, උඩරට ගිවිසුම අහෝසි කර ඒකපාර්ශ්වික උඩරට ප්‍රකාශය නිකුත් කිරීම
  • සිංහල-මුස්ලිම් කෝලාහලය-1915

 

පනත්-ගිවිසුම් ආදිය


  • ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත(අංක 20 දරණ)-1931
  • ඉඩම් සංවර්ධන අඥාපනත-1935
  • උඩරට ගිවිසුම-1815
  • කීර්ති ශ්‍රී රාජසිංහ-ලන්දේසි ගිවිසුම-1766
  • ගම්සභා පනත-1871
  • ඩී.ඒස්. සේනානායක-බ්‍රිතාන්‍ය ගිවිසුම-1947
  • දෙවන රාජසිංහ-ලන්දේසි ගිවිසුම-1638
  • ධාන්‍ය බදු ආඥා පනත-1872
  • මල්වානේ ගිවිසුම-1597
  • මහනගරසභා පනත-1865
  • මහාමාර්ග ආඥා පනත-1848
  • මුඩුබිම් ආඥාපනත-1897
  • මුඩුබිම් පනත හෙවත් අංක 12 දරණ අනවසර අල්ලාගැනීම් පනත-1840
  •  විහාර දේවාලගම් පනත (අංක 10 දරන)-1856

 

වෙනත් වැදගත් වර්ෂ


  • කාලිංග මාඝ පැමිණීම-1215
  • කාලිංග මාඝ පලවාහැරීම-1255
  • පුර්තුගීසි පැමිණිම1505
  • විජයබා කොල්ලය-1521
  • ධර්මපාල රජු කතෝලික ආගම වැළඳගැනීම-1557
  • රාජසිංහ I රජු මහනුවර ආක්‍රමණය කිරීම-1582
  • පුර්තුගීසීන් කෝට්ටේ රාජ්‍ය හිමිකර ගැනීම1597
  • පුර්තුගීසි පළවාහැරීම-1658
  • ලන්දේසි මුහුදුබඩ බලය අල්ලා ගැනීම-1658
  • ඉංග්‍රීසීන් ත්‍රිකුණාමලය අල්ලා ගැනීම-1795
  • ජෙනරාල් ස්ටුවර්ට් යටතේඉංග්‍රීසීන් මුහුදුබඩ බලය අල්ලා ගැනීම-1796
  • ලන්දේසීන් පළවාහැරීම-1796
  • ෆෙඩ්රික් නෝර්ත් පැමිණීම-1798
  • ද්විත්ව පාලනය ඇරඹීම-1798
  • ලංකා සිවිල් සේවය පිහිටුවීම-1798
  • ශ්රේෂ්ඨාධිකරණය පිහිටුවීම-1799
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවීම-1802
  • ද්විත්ව පාලනය නිමවීම-1802
  • කොළඹ පුස්තකාලය පිහිටුවීම-1812
  • කොළඹ ඇකඩමිය ඇරඹීම1836
  • ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව පිහිටුවීම-1867
  • ජාතික නෞතුකාගාරය පිහිටුවීම-1877
  • පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම-1880
  • ලංකා මහාබෝධි සමාගම පිහිටුවීම-1891
  • මුඩුබිම් ආඥා පනත(අංක 1 දරණ)-1897
  • තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම-1898
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීම-1900
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීම-1912
  • සමූපකාර දෙපාර්තමේන්තුව පිහිටුවීම-1930
  • ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීම-1935
  • නිදහස් අධ්‍යා‌පනය හඳුන්වා දීම-1945