WordPress WooCommerce Themes

දැන්වීමක් පළ කරන්නේ කුමකට ද?

වෙබ් අඩවියක දැන්වීමක් පළකිරීම සම්බන්ධයෙන් ඔබ තුළ විවිධ ගැටළු ඇතිවිය හැක.

දැන්වීම පළකිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

සත්‍ය වශයෙන් ම වෙබ් අඩවියක දැන්වීමක් ඵල කළ සැනින් ඒ වෙනුවෙන් ප්‍රතිචාර හෝ ප්‍රතිඵල අත් නොවේ. ඒ සඳහා සැලකියයුතු කාලයක් වැයවේ. එය පුවත්පත් දැන්වීමකට ද පොදු කරුණකි.

එසේ නම් දැන්වීමක් පළ කරන්නේ ඇයි

දැන්වීමක් වරක් දෙවරක් හෝ දිගින් දිගට පළකිරීමෙන් අදාළ ක්ෂේත්‍රයේ සන්නාමයක් වර්ධනය කරගතහැක. එවිට මිලදී ගැනීම් හෝ සේවා ලබාගැනීම් වල දී ප්‍රමුඛතාව හිමිවන්නේ ඔබට හෝ ඔබ ආයතනයට ය. සාමාන්‍යයෙන් වැඩි ප්‍රචාරයක් සහිත නිෂ්පාදන හෝ සේවාවන් වඩාත් උසස් සේවා හෝ නිෂ්පාදන වශයෙන් සැලකීම පාරිභෝගික/සේවාලාභීන්ගේ ස්වරූපය යි. ඒ නිසා ඔබ කොතෙක් උසස් නිර්මාණයක් කළ ද, ගුණාත්මක සේවාවක් සැපයුව ද ප්‍රචාරය නොකිරීමෙන් එහි තත්ත්වය නිතැතින් ම බිඳ වැටේ. ඒ නිසා ප්‍රචාරනයක් තුළින් ලැබෙන්නේ දිගු කාලීන ප්‍රතිඵලයකි. එය කලක් පවතිනු ඇත.

ලෝකයේ වඩාත් ප්‍රමුඛ නිෂ්පාදකයින් හා සේවා සපයන්නන් පිළිබඳ බලන්න. ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරක කටයුතු සිදුකරනු ලබයි. සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යන් ද, මුද්‍රිත මාධ්‍යයන් ද, සමාජ සේවා හා පොදු කටයුතු ද ප්‍රචාරණ කාර්යයන් සඳහා යොදා ගනී. එනිසා ප්‍රචාරණය සඳහා විවිධ මාධ්‍ය යොදාගැනීමට ඔබ කටයුතු කළ යුතු අතර අප විසින් ඒ අතරින් සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදුකරනු ලැබේ.

ස්තුතියි

එඩියු හෙල්ප් කණ්ඩායම.

දැන්වීම් ගාස්තු පිටුවට මෙතැනින් පිවිසෙන්න

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...