නුරාපුරේ මල් කලාව………………….අමුතු සිතියම් පාඩමට එක් වෙන්න.

අද පාඩමෙන්‌ අපි ඉගෙන ගන්නේ ලංකාවේ වැදගත්‌ ගංගා දෙකක්‌ සහ ඒ දෙගංමැදියත්‌ ඒ ගංගා දෑලත්‌ ගැන. දෙගංමැදිය කිව්වේ ගංගා දෙකට මැදි වුණ බිමට. දෑල කිවිවේ ඉවුරු දෙකට. මේ ගංගා දෙක තමයි මලවතු ඔය සහ කලා ඔය. නුරුපුර කියා වචනයක්‌ ඔබට මතක ඇති. මහා විජයබාහු
රජතමාගේ පනාකඩුව තඹ සන්නසේ නුරුපුර නමින්‌ දක්වා තිබුණේ අනුරාධපුර නගරය. අනුරාපුර කිවිවවෙත්‌ නුරාපුර කිව්වෙත්‌ එකටම යි. නුරාපුරය අසලින්‌ ගලා යන මල්වතු ඔය පුරාණයේ මුහුදට වැටුණේ දැන්‌ මුහුදට වැටෙන තැනින්‌ කිලෝමිටර 17ක්‌ ඉහළ තැනකින්‌ බව සොයාගෙන තිබෙනවා. ගංගාවේ ඒ පැරණි ගමන්‌ මාර්ගයේම යි අද යෝධ වැව පිහිටා තිබෙන්නේ. මලවතු ඔයේ පැරණි මෝය අසල තමයි මාතොට අන්තර්ජාතික වරාය හෙවත්‌ මහාතිත්ථය පිහිටා තිබෙන්නේ.
තව දෙයක්‌. අමතක කරන්න එපා කලා ඔයත්‌ කලා වැවත්‌ දෙකක්‌ බව. බොහො දරුවන්‌ මෙය පටලා ගන්නවා. ලංකාවේ ජනප්‍රවාද සහ ජන කවි ආදි රැසකට පාත්‍ර වුණු වැවක්‌ තමයි කලා වැච කියන්නේ. සතරු ආක්‍රමණ අවස්ථාවක තම ඥාතී හිමි නමක් සමග ආරක්ෂාව පතා කලා ඔයෙන් එතෙර වෙහෙරකට යමන් සිටි සාමණේර හිමිනමක්‌ කලා ඔය එක්ක අමනාප වුණා ලු. එකට හේතුව කලා ඔය ඒ අවස්ථාවේ පිටාර ගලමින්‌ තිබුණු නිසාත්‌ ඒ හේතුවෙන්‌ එයින් එතෙරවිමට අපහසු තත්ත්වයක්‌ ඇතිවීම නිසාත්‌ කියලා කියනවා. ඉතිං ඒ වෙලාවේ හිතා ගත්තාලු මේ ගංගාව අද මගේ ගමනට බාධා කළා වගේ මමත්‌ ලොකු වෙලා මේ ගංගාවේ ගමනට බාධා කරනවා කියලා. ඉතිං ඒ සාමණේර හාමුදුරුවෝ පසු කාලෙක උපැවදි වෙලා (සිවුරු හැර) ඇවිත්‌ යුධ සේනාවක්‌ සංවිධානය කරගෙන සතුරන්‌ පරදා ලංකාවේ රජු බවට පත්‌ වුණාලු.  ඒ රජතුමා තමයි අපි කවුරුත්‌ දන්න ධාතුසේන රජතුමා. එතුමා බලයට ආ පසු අර පැරණි මතකය අනුව ගිහින්‌ කලා ඔය හරස්‌ කරලා මහ බැම්මක්‌ බන්දවලා කලා වැව කරවුවා කියනවා. ඒ අසල ම තිබුණු බළලු වැවත්‌ මේ වැවට ම සම්බන්ධ කළා ලු. කලා වැවට නම ලැබුණු විදිහ ගැනත්‌ ලස්සන කතා තියනවා. කලවැල් පොටකින්‌ බර ගලක්‌ ඉණ බැඳගෙන කලා වැවේ ගිලී මිය ගිය කඩවර ගැන ලස්සන කතාවක්‌ පුරාණ ලංකාවේ වාරි කර්මාන්ත හා ජල සංරක්‍ෂණය කියන ලස්සන චිත්‍ර කතා පොතේ තියනවා. ඵ පොත ලියා තිබෙන්නේ රූපා සපරමාදු මහත්මිය. දරුවන්‌ එය කියවා බලන්න. තව දෙයක්‌. කඩවර මියගියේ ජීවිතේ එපා වෙලා නොවේ. ජීවිත රැසක් බේරාගැනීමේ උදාර පරමාර්ථයකින්.

හරි දැන් ඒ ගැන ඒ විස්තරය ඇති. දැන්‌ අපි අභ්‍යාසය කරමු. ඊට පෙර කියන්න දෙයක්‌ තියනවා. ලබන සතියේ අපි ලංකා සිතියමේ කතා කරන්නේ ජනප්‍රවාද අතර එන වැකියකට සම්බන්ධ අභ්‍යාසයක්‌. ඒ වැකිය තමයි… යෝධ වැඩ කළා-හිටගෙන මළා.

අද අපි  ඉගෙන ගත්තේ

මල්වතු ඔය

කලා ඔය

කලා වැව

යෝධ වැව

අනුරාධපුරය

මාතොට අන්තර්ජාතික වරාය

දැන්‌ අපි ඒ ස්ථාන සිතියමේ ලකණු කරමු

 


 

පැරණි පාඩම් මෙතැනින් බලන්න

උතුරු ලකේ කන ඉරණ අලි-2024 ජනවාරි කලාපය