ආදරණීය දුවේ, පුතේ,
ගණිතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඕනෑම මිනිසෙකුගේ නිර්මාණශීලී චින්තනය අවදිකර තාර්කික චින්තනයෙන් ලෝකය දකින්න, බුද්ධිමත් මිනිසුන් බිහිකරන්න, ලොකයේ පහළ වූ විශිෂ්ටතම විෂය ගණිතය යි. ඒ වගේම, ඇසූ පමණින් අපහසුයි, අමාරුයි යනුවෙන් සිතන ගණිත විෂය ඉතාම ප්‍රියජනක මෙන්ම, විනෝදාත්මක විෂයක්. ඉතිං අපි මේ edu + මාසික සඟරාව ඔස්සේ දිගින්දිගටම ගණිතයේ විනෝදාත්මක රසමුසු තැන් ඉදිරිපත් කරමින් ඉතාම ප්‍රියජනක විෂයක් ලෙස ගණිත විෂය දකින්නට ඔබ සැමට ඉඩ හසර ලබාදීමට උත්සාහ කරමු. අපි අද ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වන සුළු කිරීම් කිහිපයක් පහසුවෙන් සිදුකරන ආකාරය කියා දෙන්නම්.
11න් ගුණ කිරීමේ පහසුම ක්‍රමයක්
මෙහිදී 11න් ගුණ කෙරෙන සංඛ්‍යාවේ මුල හා අග ඉලක්කම් දෙක දෙපසට ඈත්කර ලියා, පසුව දකුණේ සිට වමට අනුයාත ඉලක්කම් දෙකෙන් දෙක එකතුකර ලියා දක්වන්න. එවිට ඉතා පහසුවෙන් පිළිතුර ලැබේ.
සටහන
1) 235 x 11 2) 3624 x 11
3) 30262 x 11 4) 2762 x 11
මෙහි පිළිතුරු ඉහත කෙටි ක්‍රමයෙන් ලබාගන්න.
* 322733 මෙහි පිළිතුර ලබාගැනීම සඳහා ඉහත 11න් ගුණ කිරීමේ පහසු ක්‍රමය යොදාගත හැකිදැයි සොයා බලන්න.
මී ළඟ සඟරාවෙන් අපි තවත් අලංකාර ගණිතමය තොරතුරු බලමු.
සටහන
6-11 ශ්‍රේණි සඳහා ප්‍රවීණ දේශක
සවිද්‍යා අධ්‍යාපන ආයතනය, සෙනෙවිරත්න පෙදෙස, කළුතර දකුණ , 0718262159
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.