මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ
එඩියු හෙල්ප් ආයතනය
ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප විසින් මූලිකව සිදුකරන්නේ ලංකාවේ සියලු ම පළාත් වල දූදරුවන්ගේ හා ගුරුභවතුන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගැනීම සඳහා මූල්‍යමය නොවන උපකාර කිරීමයි. මේ පිළිබඳ෦ වැඩි තොරතුරු ලබා ගැනීම සඳහා අපෙගේ වෙබ් අඩවියට පිවිස බලන්න.
මෙම සේවාවන් පූර්ණ වශයෙන් නොමිලේ සිදු කරන අතර වෙබ් අඩවිය නඩත්තු කරනු ලබන්නේ අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම් වලිනි. මේ නිසා අපගේ වෙබ් අඩවියේ දැන්වීමක් පලකිරීම යනු අපවෙත කරනු ලබන අනුග්‍රහයක් මෙන් ම දැයේ දූ දරු-ගුරු සැමගේ ඉගෙනුම් හා ඉගැන්වීම් කාර්යයට දායක වීමකි. එය ඔබගේ උපකාරක පන්තිය හෝ ව්‍යාපාරයට ලැබෙන ප්‍රචාරයක් ද වේ.
අප විසින් ලංකාවේ පළාත් අනුව සකස් කර ඇති whatsapp සමූහයන්ට මෙම පුවත් දෛනිකව යොමුකරන අතර එම සමූහයන්ට දෛනිකව එක්වන ප්‍රමාණය ඉහළ යමින් පවතී. ඊට අමතරව මුහුණුපොතේ ද මෙම පුවත් පළකෙරේ. 2022 අගෝස්තු මස ඇරඹූ අපගේ වෙබ් අඩවියේ පරිශීලකයන් ප්‍රමාණය මාසිකව 100%-150%ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වෙමින් පවතී.
අක්ෂර පමණක් ඇති වර්ණ 2කf(චලනය වන) දැන්වීමක්(දැන්වීම් කේතය NA-1)
මේ සමග නොමිලේ ලැබෙන සේවා
අක්ෂර හා රූප ඇති වර්ණ 2ක Gif(චලනය වන) දැන්වීමක්(දැන්වීම් කේතය NA-2)
නොමිලේ ලැබෙන සේවා
අක්ෂර හා රූප ඇති වර්ණ 4කfචලනය වන (Gif) දැන්වීමක්(දැන්වීම් කේතය-NA-3)
නොමිලේ ලැබෙන සේවා
සියලු ම ගෙවීම් කළ යුත්තේ අපගේ ආයතනික ගිණුමට පමණි. වෙනත් ගිණුම් සඳහා කරනු ලබන ගෙවීම් සඳහා අප ආයතනය වගකියනු නොලැබේ.
ඔබ කළයුතු දේ.
අප විසින් සපයා ලබා දෙන Whatsapp සමූහයට ඔබ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපිය භාරකරුවන් ඇතුළත් කරගතයුතු වේ. නමුත් ඔවුන්ගේ කිසිදු තොරතුරක් වෙනත් පාර්ශ්වයකට ලබා නොදියයුතු අතර සියලු දෙනාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු වේ. තව ද මෙම සේවාව අධ්‍යාපනික පුවත් සේවයක් පමණක් වන අතර මෙහි මුඛ්‍ය අරමුණ ගුරු සිසු දෙපිරිසට කාලීන අධ්‍යාපන පුවත් සැපයීම තුළින් ඔවුන් යාවත්කාලීන කිරීම යි. එම අරමුණ කිසිදු හේතුවක් මත දෙවැනි තැනට පත් නොකළයුතු අතර, විශේෂයෙන් ම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ මුඛ්‍ය අවධානය යොමු කළ යුතු වේ.
ප්‍රවෘත්ති සමග කුඩා අනුග්‍රාහක දැන්වීම් දෙකක් දෛනිකව බෙදාහැරෙන අතර එම දැන්වීම් මගින් උපයාගන්න ආදායම මෙම සේවාව පවත්වාගෙන යෑමටත්, ප්‍රාදේශීය නියෝජිත මහත්ම මහත්මීන්ගේ සේවා සඳහා ගෙවීම් කිරීමටත් යොදා ගැනේ.
දෛනිකව අධ්‍යාපනික පුවත් අප විසින් සම්පාදනය කරන අතර, ප්‍රාදේශීය මට්ටමේ පාසල් වල හෝ වෙනත් අධ්‍යාපනික වැදගත්කමක් ඇති පුවත් සැපයීමට ද ඔබට හැකියාව තිබේ. නමුත් ඔබ විසින් සපයන එම පුවත් පිළිබඳ පූර්ණ වගකීම ඔබ විසින් දැරියයුතු අතර, ඡායාරූප ආදිය පලකිරීමේ දී කිසිදු අවස්ථාවක පාසල් දරුවෙකු ගේ හෝ වැඩිහිටි පුද්ගලයෙකුගේ මුහුණු සහිතව පළ කරනු නොලැබේ.
ඔබ විසින් කළයුතු වන්නේ
සමූහය සඳහා පිරිස රැස් කරගැනීම යි. එහි දී අධ්‍යාපනික පුවත් වල අවශ්‍යතාව ඇති පාර්ශ්ව පමණක් තෝරා ගන්න. දරුවන් සම්බන්ධ කරගැනීමට වඩා පාසල් දරුවන්ගේ දෙමාපියන් සම්බන්ධ කරගැනීම මගින් එකී පුවත් වලින් ඔවුන්ට ලබා ගතහැකි ප්‍රතඵල වැඩි වනු ඇත. දරුවන්ගේ ආරක්ෂාව ද තහවුරු වනු ඇත. සමූහයේ සාමාජික සංඛ්‍යාව 500 ඉක්මවූ විට දැන්වීම් පළකිරීමේ නියෝජිතයෙක් වීමට අවස්ථාව හිමි වේ. එහි දී ඔබ ප්‍රදේශයේ උපකාරක පන්ති, පොත්හල් වැනි අධ්‍යාපනයට අදාළ පුද්ගලයින් හා ආයතන වලින් දැන්වීම් ලබා ගෙන අප වෙත එවියයුතු වේ. එකී දැන්වීම් සඳහා අප අයකරනු ලබන ගාස්තුවෙන් 20%ක ප්‍රමාණයක් ඔබගේ බැංකු ගිණුමට බැර කෙරෙන අතර මාසික වාර්තාවක් ද PDF වශයෙන් ඔබට ලැබේ. සමූහයේ සාමාජික සංඛ්‍යාව 1000 ඉක්මවූ පසු දැන්වීම් ගාස්තුවෙන් 25% ඔබට හිමි වන අතර, සාමාජික සංඛ්‍යාව දෙදහස ඉක්මවූ පසු දැන්වීම් ගාස්තුවෙන් 30% හිමි වේ. මේ නිසා සාමාජික සංඛ්‍යාව ඉහළ නංවාගැනීම තුළින් වැඩි ආදායමක් හිමිකරගැනීමට අවස්ථාව හිමි වන අතර, දැන්වීම් වැඩි ප්‍රමාණයක් එකතුකරගැනීම හරහා ද වැඩි ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. නමුත් පුවත් ප්‍රමාණය අනුව දෛනිකව ප්‍රචාරය කළ හැකි දැන්වීම් ප්‍රමාණය ද විවිධ වනු ඇත.
මෙය අධ්‍යාපනික පුවත් සේවාවක් නිසා ඊට එක්වීමට ඕනෑම අයෙකු කැමැත්ත දක්වන අතර, එය ඔබට අමතර වාසියක් වනු ඇත. එසේ එක්වන පිරිසට ද මේ තුළින් සැබෑ සේවාවක් ඉටුවන නිසා ඔවුන්ට ද උසස් ප්‍රතිලාභයක් හිමි වනු ඇත.
මේ සඳහා සම්බන්ධ වීමට කිසිදු මුදලක් තැන්පත් කළයුතු නොවේ.
අපගේ දැන්වීම් ගාස්තු හා ඔබට හිමිවන ප්‍රතිශත පහත දැක්වේ.
අක්ෂර පමණක් ඇති වර්ණ 2ක Gif(චලනය වන) දැන්වීමක් | එක් දිනක් ප්‍රචාරය කිරීම | මසක් තුළ දින 7ක් ප්‍රචාරය කිරීම | මාස 3ක් තුළ දින15ක් ප්‍රචාරය කිරීම | මාස 6ක් තුළ දින 30ක් ප්‍රචාරය කිරීම | වසරක් පුරා ප්‍රචාරය කිරීමට |
1200.00 | 3500.00 | 7000.00 | 15000.00 | 70000.00 | |
ඔබට හිමි වන ප්‍රතිශත මුදල | |||||
සාමාජික සංඛ්‍යාව
500ට වැඩි නම් 20% |
240.00 | 700.00 | 1400.00 | 3000.00 | 14000.00 |
සාමාජික සංඛ්‍යාව
1000 ට වැඩි නම් 25% |
300.00 | 875.00 | 1750.00 | 3750.00 | 17500.00 |
සාමාජික සංඛ්‍යාව
2000ට වැඩි නම් 30% |
360.00 | 1050.00 | 2100.00 | 4500.00 | 21000.00 |
අක්ෂර හා රූප ඇති වර්ණ 2ක Gif(චලනය වන) දැන්වීමක් | එක් දිනක් ප්‍රචාරය කිරීම | මසක් තුළ දින 7ක් ප්‍රචාරය කිරීම | මාස 3ක් තුළ දින15ක් ප්‍රචාරය කිරීම | මාස 6ක් තුළ දින 30ක් ප්‍රචාරය කිරීම | වසරක් පුරා ප්‍රචාරය කිරීමට |
1600.00 | 4900.00 | 9750.00 | 18000.00 | 83950.00 | |
ඔබට හිමි වන ප්‍රතිශත මුදල | |||||
සාමාජික සංඛ්‍යාව
500ට වැඩි නම් 20% |
320.00 | 980.00 | 1950.00 | 3600.00 | 16790.00 |
සාමාජික සංඛ්‍යාව
1000 ට වැඩි නම් 25% |
400.00 | 1225.00 | 2437.50 | 4500.00 | 20987.50 |
සාමාජික සංඛ්‍යාව
2000ට වැඩි නම් 30% |
480.00 | 1470.00 | 2925.00 | 5400.00 | 25185.00 |
අක්ෂර හා රූප ඇති වර්ණ 4ක Gif(චලනය වන) දැන්වීමක් | එක් දිනක් ප්‍රචාරය කිරීම | මසක් තුළ දින 7ක් ප්‍රචාරය කිරීම | මාස 3ක් තුළ දින15ක් ප්‍රචාරය කිරීම | මාස 6ක් තුළ දින 30ක් ප්‍රචාරය කිරීම | වසරක් පුරා ප්‍රචාරය කිරීමට |
2400.00 | 5250.00 | 10500.00 | 19500.00 | 94900.00 | |
ඔබට හිමි වන ප්‍රතිශත මුදල | |||||
සාමාජික සංඛ්‍යාව
500ට වැඩි නම් 20% |
480.00 | 1050.00 | 2100.00 | 3900.00 | 18980.00 |
සාමාජික සංඛ්‍යාව
1000 ට වැඩි නම් 25% |
600.00 | 1312.50 | 2625.50 | 4875.00 | 23725.00 |
සාමාජික සංඛ්‍යාව
2000ට වැඩි නම් 30% |
1680.00 | 1575.00 | 3150.00 | 5850.00 | 28470.00 |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.