වළගම්බා සමයේ සංවර්ධනය කර භික්ෂු වාසයට පිදූ දැවැන්ත ලෙනක් නිසා ප්‍රකටවූ ස්ථානයකි. මෙය ලංකාවේ විශාල ම ස්වභාවික ලෙන් සංකීර්ණයකි. බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ ලෙන් ලිපි 25ක් පමණ මෙහි තිබේ. මහා විජයබාහු රජු ප්‍රතිසංස්කරණය කළ ජම්බුකෝළ විහාරය ද මෙය වියහැක. නිශ්ශංකමල්ල රජු මේ විහාරය පිළිසකර කරවා පිළිම වල රන් ආලේප කරවූ බවත්, සුවණ්ණගිරිගුහා නම යෙදුණු බවත් එහි ඇති එතුමාගේ ශිලාලේඛනයෙන් හෙළි වේ. මේ නම රන්ගිරි දඹුල්ල නමින් අදත් ව්‍යවහාරයේ පවතී. මහනුවර යුගයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද මේ විහාරය පිළිසකර කරවූ අතර රජුගේ ප්‍රතිමාවක් ද මෙහි තැන්පත් කර තිබේ.
Share with a student