WordPress WooCommerce Themes

දඹකොළපටුන /ජම්බුකෝළපට්ඨන

ජම්බුකෝළපට්ටන/ සම්බිලිතුරෙයි-ලංකාවේ වඩාත් මබ උතුරට වන්නට පිහිටි ප්‍රමුඛපෙළේ වරායකි. අනුරාධපුර අගනුවර හා මේ සම්බන්ධ කළ පැරණි ප්‍රධාන මාර්ගයක් වූ බවට මහාවංසය, ෆාහියන් හිමියන්ගේ වාර්තාව වැනි සාහිත්‍ය මූලාශ්‍ර වලින් පෙනී යන නිසා මේ වරාය අනුරාධපුර සමයේ දී මහාතිත්ථය තරම් ම වැදගත් වරායක් වන්නට ඇති බව පෙනෙයි. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කළේ මේ වරාය ඔස්සේ යැයි මතයක් තිබුණ ද, සාහිත්‍ය මූලාශ්‍රය වල මහින්දාගමනය හා සම්බන්ධ කොට ඇති මිත්‍යා කතා නිසා එහි සත්‍යාසත්‍යතාව සැඟවී ගොසිනි. කෙසේ වුව ද අශෝක රජුු හමු වීමට යෑම පිණිස තිස්ස රජුගේ නියෝජිත පිරිස නැව් නැංගේ මේ වරායෙන්ය යන්න පිළි ගැනීමට ප්‍රමාණවත් සාධක තිබේ. සඝමිත්තෙරණිය ශ්‍රී මහා බෝධි දක්ඛිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කළේ මේ වරාය ඔස්සේ බැව් යන්න ද පැහැදිලිය. එහෙත් ඒ කාලය වන විට මේ වරාය නෞකා මගින් වෙළඳකටයුතු සිදු කළ ස්ථානයක් වශයෙන් ජැටි ආදිය සකසා සංවර්ධනය වී තිබුණේ ද යන්න සැක සහිතය. ඊට හේතුව සඟමිත් තෙරණිය පිළිගැනීම සඳහා දේවානම්පියතිස්ස රජු කරවටක් දියේ බැස යාත්‍රාව අසලට ගිය බව සඳහන් වීමයි. ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන ඒමට පෙර මෙහි මණ්ඩපයක් තනවා බෝධි ශාඛාව රැගෙන එනතුරු රජු පෙරමග බලා සිටි බව ද, බෝධි ශාඛාව රැගෙන ආ පසුු දේවානම්පියතිස්ස රජු මේ ස්ථානයේ වූ මණ්ඩපයේ එය වඩාහිඳුවා තමා එහි ද්වාර පාලක වශයෙන් කටයුතු කළ බව ද ඒ ආසන්න කාලයක දී ම මේ ස්ථානයේ ජම්බුකෝල විහාරය කරවූ බව ද සඳහන් ය. ඉන්දියාවේ තාම්‍රලිප්ති වරාය තෙක් ගමන් කළ ලාංකිකයෝ බොහෝ විට භාවිත කළේ ද මේ වරායයි.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න

 

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...