කලාවැව සිට කළුගඟ ආශ්රිත ප්රදේශය දක්වා ප්රදේශය යි. ඇතැම් විට බෙන්තර ගඟ දක්වා පුළුල් වූ අවස්ථාත්, කැළණි ගඟ දක්වා අඩු වූ අවස්ථාත් ඇති බව ඉතිහාසය අනුව පෙනී යයි. දුටුගැමුණු රජු සිය පුත් සාලිය කුමරාට අනුරපුර දකුණු දොරටුවේ සිට දැදුරු ඔය දක්වා කොටස පැවරූ බව වංසකතා අනුව පෙනී යයි. මේ ඒකකයට අනුව මේ නම නිර්මාණය වන්නට ඇත. එනම් අනුරාධපුරයට දකුණින් පිහිටි නිසා දක්ඛිණ දේශය නම ලැබෙන්නට ඇත. මීට පෙර එය මායා රට හෙවත් මහයාගේ (මහාදිපාද ගේ) රටට අයත් ප්රදේශයක් විය.
Share with a student