WordPress WooCommerce Themes

කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණවල දේශපාලන ප්‍රතිවිපාක

පිළිතුරේ අන්තර්ගතවිය යුතු ප්‍රධාන කරුණු :

  • කොල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා කෙටියෙන් විස්තර කිරීම.
  • එම යෝජනාවල තිබි දේශපාලන – පරිපාලන යෝජනා ගැන විස්තරයක් දැක්වීම.
  • ඒවායේ දේශපාලන ප්‍රතිඵල පැහැදිලි කිරීම.

හැඳීන්විම :

ලංකාව සම්පූර්ණයෙන් තම පාලනය යටතට ගැනීමෙන් පසුව, දිවයිනට යටත් විජිතයක් ලෙස සම්පූර්ණ දේශපාලන, පරිපාලන සහ නෛතික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට යටත් විජිත පාලකයන් ගත් ප්‍රථම ප්‍රයත්නය කෝල්බෲක් කැමරන් කොමිෂන් සභාව විය. එබැවින් එහි යෝජනා ලංකාවේ අනාගත දේශපාලන, ආර්ථික හා සමාජ පරිවර්තනයට තීරණාත්මක ලෙසට බල පෑවේය.

විෂය කරුණු සහ සාකච්ඡාව

  1. පහත සඳහන් මාර්ගවලින් අනාගත ලංකාවේ මධ්‍යගත රාජ්‍ය ව්‍යුහයක් සඳහා පදනම දැමීම.
  • දිවයින පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරිම.
  • ඒකාබද්ධ නෛතික සහ අධිකරණ ක්‍රමයක් ඇති කිරීම.
  1. ඒ වන විට තිබුණු ජනවාර්ගික පදනම මත සකස් වූ පරිපාලන ඒකක අහෝසි කර දිවයින පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරීමට කොල්බෲක් කොමිෂන් සභාවට අවශ්‍ය විය. උඩරට සිංහල, පහතරට සිංහල සහ දෙමළ ප්‍රදේශ වශයෙන් පැවැති පරිපාලන ඒකක අහෝසි කර, අලුත් පරිපාලන පළාත් පහක් යෝජනා කරන ලද්දේ ඒ නිසාය.
  2. නෛතික සහ අධිකරණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා කැමරන්ගේ යෝජනාවල අරමුණ වූයේ ද දිවයින දේශපාලන සහ පරිපාලන වශයෙන් ඒකාබද්ධ කිරීමයි. කැමරන්ගේ මෙම යෝජනා 1833 අධිකරණ ප්‍රඥාප්තිය තුළින් ක්‍රියාත්මක විය. කැමරන්ගේ තර්කය වූයේ දිවයින ඒකාබද්ධ කරන්නට නම් එකම නීතිය සෑම කෙනෙකුටම එකසේ ක්‍රියාත්මක විය යුතුය යන්නයි.
  3. යටත් විජිත ලංකාවේ වගවීම් සහගත ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමේ පළමු පියවර ගැනුණේ කොල්බෲක් යෝජනා වලිනි. එය සිදුකරන ලද්දේ ආණ්ඩුකාරයාට හිමිව තිබූ ඒකාධිපති බලතල අඩුකර, ආණ්ඩුකාරයාගේ පරිපාලනයට සහාය වනු පිණිස ව්‍යවස්ථාදායක සහ විධායක සභා යෝජනා කිරීම මගිනි.
  4. අනාගතයේ දී ඇතිවන නියෝජන ආණ්ඩුක්‍රමයකට පදනම දැමීම : සාමාජිකයින් 15 දෙනෙකු සහිත ව්‍යවස්ථාදායක සභාව මේ සඳහා තුඩුදුන් ප්‍රථම පියවර විය. එය ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සඳහා වූ දීර්ඝ ගමනේ පළමු පියවර ද විය.
  5. යටත් විජිත ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට දේශීය නියෝජිතයින්ට සහභාගී වීමට අවකාශ ලබාදීම : මෙය සිදු වූයේ ව්‍යවස්ථාදායක සභාවට දේශීය නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට යෝජනා කිරීමෙනි. පහතරට සිංහල, දෙමළ සහ බර්ගර් ප්‍රජාවන් නියෝජනය කිරීමට එම නියෝජිතයින් නම් කිරීමට ආණ්ඩුකාරයාට බලය ලැබිණ. මෙය ලංකාවේ වාර්ගික නියෝජනයේ ආරම්භය ද විය.

නිගමනය :

කොල්බෲක් – කැමරන් යෝජනාවල අරමුණ වූයේ ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන ක්‍රමය ක්‍රමානුකූල සහ ස්ථාවර කිරීමයි. එම යෝජනා  ‌වලින් දිවයිනේ යටත් විජිත ආර්ථිකයක් ගොඩ නැගීමට පසුබිමත්, ඒ සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රමික, පරිපාලන හා නෛතික ව්‍යුහයනුත් නිර්මාණය කෙරිණ. ඒ සමඟම ඒවායින් අනපේක්‍ෂිත සාධනීය ප්‍රතිඵල ද ඇති විය.

සබැඳි ලිපි

Encyclopedia

අශෝක ශිලා ලේඛන

ඉන්දීය ඉතිහාසය හැදෑරීමට වැදගත් වන ශිලා ලේඛන හමු වේ නම් ඒ මෙතුමාගේ කාලයේ සිට යැයි කිවහැකි තරමට ම අශෝක ශිලා ලේඛන වැදගත් ය. එහෙත් පිප්‍රාවා...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා

ඉන්දු නිම්නයෙන් මෙතුවක් හමු වූ මුද්‍රා ප්‍රමාණය දෙදහසකට අධිකය. මෙම මුද්‍රා වල ඇති අක්ෂර මෙතෙක් කියවා නොමැති නිසා මෙම මුද්‍රා කුමන කාර්යයක් උදෙසා යොදා ගත්තේ...
Encyclopedia

කොස්මස් ඉන්ඩිකොප්ලෙයුටස්

හයවන ශතවර්ෂයේ දී බයිසෙන්ටියම හෙවත් කොන්ස්තන්තිනෝපලයේ විසූ ග්‍රීක පූජකයෙකි. ලේඛකයෙකි. දේශ ගවේෂකයෙකි. නමුත් ඔහු මුල දී වෙළෙන්දෙකි’යි ඔක්ස්ෆර්ඩ් මූලාශ්‍රයේ සඳහන් වේ. (www. oxfordreference.com) ක්‍රිස්තියානි භූගෝල...
Encyclopedia

චක්කවත්තී සීහනාද සූත්‍රය

බෞද්ධ සූත්‍රයකි. දේශපාලන සංකල්ප ඇතුළත් වේ. චක්‍රවර්ති සිංහනාද සූත්‍රය    1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ රටැ මාතුලා නුවරැ වැඩවසන...
Encyclopedia

මහාවංසය

මහාවංසය වංසකතා සාහිත්‍යයේ මුදුන්මල්කඩ සේ පිළිගැනේ. මෙය කෘතියක පාලි සංස්කරණයකි. පොරණ සීහලට්ඨකථා මහාවංසය යනු මහාවංසයට පාදක වූ මුල් සිංහල කෘතිය යි. (මුඛ්‍ය පාදක මූලාශ්‍රය යි.)...
Encyclopedia

මහාභාරතය

ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. හින්දු පුනර්ජීවනයක ප්‍රතිඵල නිසා...