WordPress WooCommerce Themes

චන්ද්‍රගුප්ත මෞර්ය සිහසුනට පත්වීමට පෙර ඉන්දියාවේ දේශපාලන තත්ත්වය

චන්ද්‍රගුප්ත මෞර්ය සිහසුනට පත්වීමට පෙර ඉන්දියාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ කෙටි විස්තරයක් කරන්න.

  • ක්‍රි. පූ. හයවැනි සියවසේදී හර්යංක පෙළපතට අයත් සේනිය සේනිය බිමිබිසාර මගධයේ නැගීම ඇරඹේ. රජු යටතේ
  • හර්යංක පෙළපතට පසු මගධයේ පාලකයන් වන්නේ සිසුනාග පරපුරයි.
  • සිසුනාග හා ඔහුගේ අනුප්‍රාප්තිකයෝ සියවසක් පමණ කාලයක් මගධය පාලනය කළහ.
  • සිසුනාග වංශයෙන් බලය පැහැර ගැනීමට නන්දවරු සමත් විය.
  • මෙලෙස බලය අල්ලා ගත් නන්ද රාජවංශයේ පළමු පාලකයා මහා පද්මනන්දය.
  • මහා පද්මනන්ද රජු බෞද්ධ සාහිත්‍යයේ උග්ගසේන නන්ද ලෙස හඳුන්වා ඇත.
  • මහා බෝධි වංසයේ සඳහන් නන්ද පෙළපතේ රජුන් වන්නේ උග්ගසේන නන්ද, පණ්ඩුගනති නන්ද, භූතපාල නන්ද, රට්ඨපාල නන්ද, ගොවිසානක නන්ද, දස සිද්ධික නන්ද, කේවට්ට නන්ද හා ධන නන්දයි.
  • මහා පද්මනන්ද පංචාල, කායි, හෛභය, කාලිංග, අශ්මක, කුරු, ඉක්ෂුවාක. තෙමථිර, සූර සේන, විති ගෝත්‍ර යන වංශ යටත් කරගෙන මගධයට ඈදාගත් බව පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ.
  • මහාපද්ම නන්ද යටතේ මගධයේ බලය වින්ධ්‍යා පර්වතයෙන් දකුණු දිග ප්‍රදේශ කරා ද ව්‍යාප්ත වූ බවට තොරතුරු ඇත. ඛාරවේලගේ හථිගුම්පා ලිපියේ සඳහන් වන කාලිංගයේ වාරි කර්මාන්තයක් කර වූ මගධ පාලකයා මහා පද්මනන්ද ලෙස සැළකේ.
  • ක්‍රි. පූ. 327 ඇලෙක්සැන්ඩර් වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කරන විට නැගෙනහිර ඉන්දියාවේ නන්දයන් යටතේ ප්‍රබල අධිරාජයක් ගොඩනැගී තිබිණි.
  • ඒ වන විට නන්ද පෙළපතේ අවසාන පාලකයා වූ ධනනන්ද බලවත් සේනාවකින් සන්නද්ධ වීම නිසා ග්‍රීක ආක්‍රමණිකයන්ට රට අභ්‍යන්තරයට පිවිසීමට නොහැකි විය.
  • ධනනන්ද යටතේ ප්‍රබල හමුදාවක් සිටි බව ග්‍රීක වාර්තාවල සඳහන් වේ. ඒ අනුව පාබල හමුදාව ලක්ෂ දෙකක් ඇත්හමුදාව 3000ක් අස්හමුදාව 20000ක් රථ හමුදාව 2000 ඔහු සතුව තිබී ඇත.
  • ධනනන්ද රජු ජනතාවගෙන් අසාධාරණ ලෙස අධික බදු අය කළ අතර ධනය රැස් කර ගබා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව.
  • චන්ද්‍රගුප්ත මෞර්ය මගධයේ බලය අත්පත් කර ගැනීමෙන් නන්ද පෙළපතේ බලය අවසන් විය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...