WordPress WooCommerce Themes

කුකුළන් ඇති කිරීමේ විවිධ ක්‍රමවල වාසි හා අවාසි

කුකුළන් ඇති කිරීමේ විවිධ ක්‍රමවල වාසි හා අවාසි විස්තර කරන්න.

කුකුළන් ඇති කිරීමේ ක්‍රම

  1. නිදැලි ක්‍රමය
  2. අඩ සියුම් ක්‍රමය / අර්ධ සුක්ෂ්ම ක්‍රමය
  3. සියුම් ක්‍රමය / සුක්ෂ්ම ක්‍රමය

  • අඩ සියුම් ක්‍රමය-වාසි
  1. සුක්‍ෂම ක්‍රමයට සාපේක්‍ෂව ප්‍රාග්ධන වියදම්‌ අඩුය
  2. රෝග ආසාදනය නිදැලි ක්‍රමයට සාපේක්‍ෂව අඩුය
  3. බිත්තර එකතු කිරීම නිදැලි ක්‍රමයට වඩා පහසුය
  4. නිවාස සඳහා යන වියදම සුක්‍ෂම ක්‍රමයට වඩා අඩුය
  • අඩ සියුම් ක්‍රමය-අවාසි
  1. සියුම්‌ ක්‍රමයට සාපේක්‍ෂව අවශ්‍ය වන ඉඩකඩ වැඩිය
  2. විශාල රංචු ඇතිකිරීමේ දී පාලනය අපහසුය
  3. පිටලෑම අපහසුයි
  4. සියුම්‌ ක්‍රමයට සාපේක්‍ෂව නිෂ්පාදනය අඩුය

  • සියුම් ක්‍රමය- වාසි
  1. ඒකීය භූමි ප්‍රමාණයක ඇති කළ හැකි සතුන් ප්‍රමාණය සංඛ්‍යාව වැඩිය
  2. පරිසර තත්ත්වය මනාව පාලනය කළ හැකි බැවින් සතුන්ට සුවපහසු පරිසරයක්‌ ලබා දිය හැකිය
  3. නිවාසයක්‌ තුළ ඇති කරන බැවින්‌ සොරසතුරන්ගෙන්‌ හා විලෝපිකයන්ගෙන්‌ ආරක්ෂා වේ.
  4. අහිතකර පාරිසරික තත්ත්වවලට ලක්වීම අවමවේ.
  5. යාන්ත්‍රීකරණය පහසුය.
  6. නිෂ්පාදනය ඉහළයි. වැඩි ආදායමක්‌ ලබා ගත හැකිය
  7. පිරිසිඳු බිත්තර ලබා ගත හැකි ය.
  8. පිටලෑම පහසුයි.
  • සියුම් ක්‍රමය- අවාසි
  1. ආහාර සඳහා යන වියදම වැඩියි.
  2. නිවාස ඉදිකිරීමේ ප්‍රාග්ධනය වැඩියි.
  3. සත්තව පාලනය පිළිබඳ මනා අවබෝධයක්‌ තිබිය
  4. යම්කිසි අවස්ථාවක රෝගයක්‌ වැළදුනහොත්‌ එය පැතිරයාමට ඇති ඉඩකඩ වැඩිය.
  5. සාපේක්‍ෂව නිෂ්පාදන වියදම වැඩිය
  6. නිදැලි ක්‍රමයට ලැබෙන බිත්තරවලට සාපේක්‍ෂව බිත්තරයක මිල අඩුය
  7. සතුන්ගේ සුභසාධනය අඩුයි.
  8. ඇනකොටාගැනීම් වැඩිය

  • නිදැලි ක්‍රමය-වාසි
  1. ප්‍රාග්ධනය අඩුයි
  2. නිෂ්පාදන වියදම්‌ අඩුයි
  3. බිත්තරයක අඩංගු කැරොටින්‌ වර්ණක ප්‍රතිශතය වැඩි බැවින්‌ ගුණාත්මක බව ඉහළයි
  4. ශ්‍රම අවශ්‍යතාවය අඩුයි
  5. බිත්තරයක වෙළඳපොළ මිල වැඩියි
  6. විශේෂිත වෙළඳපොළක්‌ ඇත.
  7. සතුන්ගේ සුබසාධනය වැඩියි.
  • නිදැලි ක්‍රමය-අවාසි
  1. සතුන් අනාරක්ෂිතයි.
  2. චිලෝපිකයන්ට ගොදුරු වීම වැඩිය.
  3. රෝග වලට ගොදුරුවීම් වැඩියි.
  4. නිෂ්පාදනය අඩුයි
  5. බිත්තර වලට සිදුවන හානි වැඩියි.
  6. බිත්තර එකතුකරගැනීමේ ගැටළු මතු වේ.
  7. අහිතකර පරිසර තත්ත්ව වලට සතුන් ලක්වේ.
  8. විශාල ඉඩකඩක්‌ අවශ්‍ය වේ. ඒ නිසා නාගරික ප්‍රදේශ වලට නොගැළපේ.
  9. සතුන් පිටලෑම අපහසුයි

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...