WordPress WooCommerce Themes

1956 මහා මැතිවරණය

1956 මහා මැතිවරණය

  • 1956 අප්‍රේල් 5, 7 සහ 10 යන දිනවල මහා මැතිවරණය පැවැත්වීම.
  • මෙම මැතිවරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන සිදුවීම් ගණනාවකි:
  • සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීම.
  • විරුද්ධ බලවේග විසින් 1947 සිට අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම හා ඒවායේ වෙනසක් අවශ්‍ය බව අවධාරණය කිරීම.
  • බුද්ධ ශාසන කොමිසම විසින් බුද්ධාගම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉටුවිය යුතු වගකීම් අවධාරණය කරනු ලැබීම.
  • සමාජයේ විවිධ අංශ මුහුණ දී සිටි අර්බුද හමුවේ සඟ – වෙද – ගුරු – ගොවි-කම්කරු යන අංශ නියෝජනය වන ‘පංච මහා බලවේගය’ සංවිධානය වීම.
  • මේ සියලු බලවේග, එවකට පැවති ‌යටත්විජිත ශේෂයන් සහිතආණ්ඩුක්‍රමය වෙනුවට දේශීයත්වය ගරුකරන නව ආණ්ඩුක්‍රමයක් ලබාගැනීමේ අරමුණ ඇතිව ක්‍රියාකාරී වීම.
  • මේ ව්‍යාපාරය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ඒකරාශී වීම.
  • වාමාංශික පක්ෂ වැනි විවිධ කණ්ඩායම් එම පක්ෂය සමග සම්බන්ධ වී මහජන එක්සත් පෙරමුණ නම් සන්ධානය පිහිටුවාගෙන ඒ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම.
  • රැස්වීම් හා ගෙන්ගෙට යාම් මගින් ඡන්ද ව්‍යාපාරය සිදුකිරීම.
  • මහජන එක්සත් පෙරමුණ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලැබීම.
  • එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ආසන 8 කට පමණක් සීමා වීම.
  • මෙම මැතිවරණ ව්‍යාපාරය මෙන්ම මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණයද මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම.
  • දේශපාලන බලය එක් පක්ෂයකින් තවත් පක්ෂයකට මාරු වීම.
  • නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජනය වූ කොටස් හා එහි කටයුතු වෙනස් වීම:
  • සිංහල ජාතිකවාදීන්, බෞද්ධයන් මාක්ස්වාදීන් වශයෙන් ඒ තුළ මෙතෙක් වෙන්ව සිටි කණ්ඩායම් එක පෙරමුණක් වීම.
  • ජාතික ඇඳුම / සිංහලෙන් සභාව ඇමතීම.
  • නව රජය හා කැබිනට් මණ්ඩලය වෙනස් වීම.
  • මැතිවරණ ව්‍යාපාරයේදී පැවති ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ කරුණු හා විපක්‍ෂ කණ්ඩායම් ගෙන ආ යෝජනා ජයග්‍රහණය කිරීම මෙරට දේශපාලනය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට සමත් වීම.
  • ආණඩුව වෙනස් කිරීම අවශ්‍ය බව අනිසි ලෙස බලය පාච්චි කිරීමට ධනවාදයට නැඹුරු ප්‍රතිපත්ති ආදිය විවේචනය කිරීම.
  • සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු බව – ඉංග්‍රීසි පාසල් හා එම අධ්‍යාපනයට වැඩි තැන ලැබෙන බවට චෝදනා හා ඉංග්‍රීසි උගතුන්ට රජයේ තනතුරු ඒකාධිකාරයක් ඇති බවට චෝදනා ඉදිරිපත් වීම.
  • බුදු සසුනේ චිරස්ථිතියට කටයුතු කළ යුතු බව – බෞද්ධ කොමිසම, එක්සත් බෞද්ධ පෙරමුණ හා සර් ජෝන්ගේ බෞද්ධ විරෝධී ප්‍රකාශ වලට එරෙහිව වවේචන කිරීම.
  • ආර්ථික ගැටලු පිළිබඳ අවධාරණය කිරීම සහල් මිල, පාසල් දරුවන්ට දිවා ආහාරය සැපයීම අත්හිටුවීම, සහතික මිල ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හා ධනවාදී ආර්ථීක රටාව පිළිබඳ විවේචන එල්ල වීම.
  • බ්‍රිතාන්‍ය කිරීටය සමග පැවති ආණ්ඩුක්‍රම හා ගිවිසුම්ගතබැඳීම් ඉවත් කළ යුතු බව – හමුදා කඳවුරු.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...