WordPress WooCommerce Themes

ගම්පොළ අවධියේ යාපන රාජ්‍යයේ බල ව්‍යාප්තිය

ගම්පොළ අවධියේ යාපන රාජ්‍යයේ බල ව්‍යාප්තිය

  • මේ පිළිබඳ තොරතුරු ලැබෙන මූලාශ්‍රය කිහිපයක් ලෙස කොටගම ද්‍රවිඩ ලිපිය, මැදවල විහාර ලිපිය, නිකාය සංග්‍රහය, රාජාවලිය, අලකේශ්වර යුද්ධය සඳහන් කළ හැකිය.
  • ලංකා ඉතිහාසයේ ගම්පොළ රාජධානි යුගය ලෙස සැලකෙන්නේ දළ වශයෙන් ක්‍රි. ව. 1341-1410 අතර කාලයයි.
  • යාපනය කෙන්ද කරගෙන උතුරේ රාජ්‍යයක් ගොඩනැගීම ආරම්භ වූයේ ක්‍රි. ව. 1310 1311 කාලයේදී ය.
  • යාපනය රාජ්‍යයේ පාලකයන් ආර්ය චක්‍රවර්ති’ යන පොදු නාමයෙන් හඳුන්වා ඇත.
  • ගම්පොළ රාජධානි සමය වන විට ආර්ය චක්‍ර වර්තිගේ බලය වර්ධනය වෙමින් පැවතිණි.
  • ක්‍රි. ව. 1344 මෙරටට පැමිණි ඉබ්න් බතුතා ආර්ය චක්‍රවර්ති ‘ලංකාවේ සුල්තාන්’ ලෙස හඳුන්වා තිබේ. එවකට මුතු වෙළෙඳාම ද ආර්ය චක්‍රවර්ති අත පැවති බව දක්වයි.
  • ගම්පොළ තුන්වන පාලකයා වූ තුන්වන වික්‍රමබාහු රජ දවස (ක්‍රි อ. 1356/57-1371/1372) ආර්ය චක්‍රවර්තිගේ හමුදාව සිංහල රාජධානියට කඩා වැදුණු බව කොටගම ද්‍රවිඩ ලිපියේ සඳහන් වේ.
  • මැදවල විහාර ලිපියට අනුව තවත් අවස්ථාවකදී ආර්ය චක්‍රවර්ති විසින් රට අභ්‍යන්තරයේ බලයක් ගොඩනගා ගෙන තිබූ බව පැහැදිලි වේ. එසේම, රට අභ්‍යන්තරයේ ප්‍රදේශ කීපයක් වන සිදුරුවාන, බලවිට, මාතල, දුම්බර හා සගම තුන්රට ‘මඬිගය’ (බදු) බමුණන්ට පවරාදීමෙන් මෙකී කාරණය තවදුරටත් පැහැදිලි වේ.
  • එමෙන්ම මේ වනවිට ආර්යචක්‍රවර්ති කොළඹ, වත්තල, හලාවත, මීගමුව යන වෙරළ මධ්‍ය ස්ථානයන්හි බලය අත්පත් කරගෙන තිබිණි. ඉන්දියන් සාගරයේ වෙළෙඳාම ද මොහු අත පැවතිණි.
  • ආර්ය චක්‍රවර්ති පළවා හැරීම සඳහා එකළ අගමැතිව සිටි අලගක්කෝනාර (අලකේශ්වර) කෝට්ටේ බලකොටුවක් ඉදිකිරීම ඇතුළු තවත් පියවර කිහිපයක් ගෙන ඇත. මෙකී අලගක්කෝනාර, යුද සංවිධානය ශක්තිමත් කිරීමෙන් පසුව ආර්ය චක්‍රවර්තිගේ බදු එකතු කරන්නන්හට පහරදී පළවා හැරියේය.
  • මේ බව ඇසු ආර්යක්‍රවර්ති කෝපයට පත් ව ගොඩින් හා මුහුදින් එකවර පහරදීම සඳහා සේනාංක දෙකක් එවීය. ගොඩින් පැමිණි සේනාව මාතලේ කඳවුරු බැඳ ගත් අතර මුහුදින් පැමිණි සේනාව දෙමටගොඩ හා ගොරකාන කඳවුරු බැඳ ගැනීම.
  • මේ තත්ත්වය නිසා ගම්පොළ පාලකයා වූ පස්වන භුවනෙකබාහු රජු රයිගමට පලා ගියේය.
  • උඩරට සේනාව විසින් මාතලේ කඳවුරු බැඳගෙන සිටි සේනාව පරාජය කළේය. අලගක්කෝනාර විසින් දෙමටගොඩ හා ගොරකාන කඳවුරු බැඳගෙන සිටි සේනාව විනාශ කිරීමට සමත් විය.
  • මෙයින් යාපන රාජ්‍යයේ බල ව්‍යාප්තිය සීමා විය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...