WordPress WooCommerce Themes

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ පරීක්ෂා කරන්න.

 

  • 1972 ජනරජ ව්‍යවස්ථාව සකස්කරන ලද්දේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ක්‍රියා කරමිනි. එහෙයින් මෙය දේශීය නිර්මාණයකි.
  • මෙම ව්‍යවස්ථාව 1972 සිට 1978 දක්වා ක්‍රියාත්මක විය.
  • මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග එතෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි විය.
  • මෙම ව්‍යවස්ථාව ජනරජ ව්‍යවස්ථාවකි.
  • මෙතෙක් බ්‍රිතාන්‍ය කිරීටය සමග පැවති සම්බන්ධතා මේ සමග අවසන් විය.
  • බ්‍රිතාන්‍ය රැජිණ තවදුරටත් මෙරට නායිකාව නොවීය. එහෙයින් අග්‍රාණ්ඩුකාර තනතුර අහෝසි විය.
  • ප්‍රිවි කවුන්සිලයට අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතිය අහෝසි කෙරිණ.
  • ශ්‍රී ලංකාව සෛවරී ජන රජයක් විය. ඒ සමග රටේ නාමය ද ශ්‍රී ලංකාව නම් විය.
  • පාලනය හා සම්බන්ධ ව්‍යවස්ථාදායක බලය පැවරුණේ මහජන ඡන්දයෙන් තෝරාගත් මන්ත්‍රීවරුනගෙන් සමන්විත වූ ජාතික රාජ්‍ය සභාවටය.
  • ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක් වූයෙන් එතෙක් පැවති සෙනෙට් සභාව අහෝසි විය. ජනතාවගේ පරමාධිපත්‍යය උත්තරීතර බව ප්‍රකාශ වින.
  • ජාතික රාජ්‍ය සභාවට සීමාවකින් තොරව ව්‍යවස්ථා පැනවීමේ බලයක් පැවරින. සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවති සීමා (29 (2) ) ඉවත් කෙරිණ. මෙතෙක් පැවති රාජ්‍ය සේවා කොමිසම හා අධිකරණ සේවා කොමිසම අහෝසි කෙරිණ.
  • විධායක කටයුතු මෙහෙයවන ලද්දේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසිනි. අහෝසි කළ ඉහත කී කොමිසම් සභා බලතල ක්‍රියාත්මක කරන ලද්දේ විධායකය විසිනි.
  • ජනාධිපති ධූරය නාමික විධායකයක් බවට පත් විය.
  • මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කොට තිබිණ. ජාතික භාෂාව, ජාතික ආගම, ජාතික ගීය, ජාතික කොඩිය ව්‍යවස්ථාවට ඇතුළත් කොට තිබිණ. බුද්ධාගම ආරක්ෂා කරන බවට හා පෝෂණය කරන බවට වගන්ති ඇතුළත් විණි.
  • මෙම ව්‍යවස්ථාව යටතේ පවත්වන ලද එකම මැතිවරණය 1978 දී පැවැත්විණ. මන්ත්‍රීවරු 168 දෙනෙකු තෝරාගනු ලැබිණ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...