WordPress WooCommerce Themes

1818 බ්‍රිතාන්‍ය විරෝධී අරගලය ආරම්භ වූ ආකාරය

1818 බ්‍රිතාන්‍ය විරෝධී අරගලය ආරම්භ වූ ආකාරය සැකෙවින් දක්වන්න.

  • 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් උඩරට අත්පත් කරගැනීමෙන් පසු මුල සිටම ඔවුන් උඩරට දී ගෙනගිය ප්‍රතිපත්තිය කෙරෙහි භික්ෂූන් වහන්සේ, බහුතරයක් රදළ ප්‍රධානීන්

මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද අප්‍රසාදයක් වර්ධනයවෙමින් තිබිණි. මෙම අප්‍රසාදය 1817 අගදී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නැගීසිටීමක් දක්වා වර්ධනය විය.

  • මෙම නැගී සිටීමට පදනම් වන නොසන්සුන් බව මුලින්ම ඌව-වෙල්ලස්ස ප්‍රදේශයෙන් මතුවන අතර පසුව ඒ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන සංවිධානයවීමක් දක්නට ලැබිණි (විල්බාවේගේ ආගමනය හා සෙසු නායකයන් ඉදිරිපත්වීම).
  • ආසන්නතම හේතුව වශයෙන් සැලකෙන්නේ මඩිගේ බද්ද මුහන්දිරම් තනතුර මුස්ලිම් ජාතිකයෙකු වූ හජ්ජි මරික්කාර්ට පිරිනැමීම හා ඔහුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයයි.
  • මෙම අරගලය බ්‍රිතාන්‍යයන්ගේ විශේෂ අවධානයට ලක්වන්නේ නොසන්සුන්තාව මැඩපැවැත්වීමට පිටත් කළ විල්සන්, අරගලකරුවන් විසින් ඝාතනය කළ හෙයිනි.
  • මෙම නැගී සිටීම මර්දනයට යවන ලද කැප්පිටිපොළ දිසාවේ බ්‍රිතාන්‍ය විරෝදී ස්තාවරයක් ගනිමින් සටන්කරුවන්ට එක්වීම එහි තීරණාත්මක අවස්ථාවකි.
  • මුලදී ඌව-වෙල්ලස්ස ප්‍රදේශයෙන් මතුවුවත් ක්‍රමයෙන් මෙම නැගීසිටීම උඩරට පළාත්වල සැලකිය යුතු ප්‍රදේශයක ව්‍යාප්ත විය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...