WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ලන්දේසීන් විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ලන්දේසීන් විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය විග්‍රහ කරන්න.

  • ලන්දේසීන් පෙරදිගට පැමිණියේ වෙළඳ ද්‍රව්‍ය ලබාගැනීම සහ ස්වකීය ආගම වූ ප්‍රොතෙස්තාන්ත ආගම (කැල්වින් දහම) ප්‍රචාරය කිරීමටයි. එසේ වුවත්, ඔවුන්ගේ ආර්ථික අරමුණ වඩාත් ප්‍රබල වී යයි කිව හැක.
  • ලන්දේසි වෙළඳ සමාගම විසින් ආර්ථික ප්‍රතිපත්ති මෙහෙය වීය.
  • ආර්ථික ප්‍රතිපත්තියේ ප‍්‍රධාන අරමුණු දෙකක් විය.
  • යුරෝපය තුළ ඒ වන විට වෙළඳ වටිනාකමක් පැවති ද්‍රව්‍ය මෙරටින් ලබා ගැනීම. (කුරුඳු, ගම්මිරිස් ඇතුළු අනෙකුත් කුළු බඩු,)
  • ශ්‍රී ලංකාවේ වරායන් ආශ්‍රිතව මෙතෙක් කල් වෙළඳ කටයුතු වල නියැලුණු ආසියානු වෙළඳුන්ගේ (චීන, අරාබි, මලබාර්) වෙළඳ ඒකාධිකාරය තමන් අතට පත්කර ගැනීම.
  • ලන්දේසීන් මූලික වශයෙන් ස්වකීය ආර්ථික කටයුතු සඳහා දේශීය ආර්ථික හා පරිපාලන ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීය:
  • පාරම්පරිකව පැවති ඉඩම් භුක්ති ක්‍රමය ප්‍රයෝජනයට ගැනීම.
  • කුල ක්‍රමය සහ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය උපයෝගී කරගැනීම.
  • ලංකාවේ ඉඩම් පිළිබඳ තොරතුරු අඩංගු තෝම්බු සකස් කිරීම මගින් ලන්දේසීන් ආර්ථික වටිනාකමක් සහිත ඉඩම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
  • ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යය ලෙස කුරුඳු සැලකුව නමුත් ලන්දේසීන් සිය අයවැය පරතරය පියවාගැනිඹ සඳහා භාවිත කළේ පුවක් වෙළඳාමෙන් ලද ආදායමයි.
  • කුරුඳු, කෝපි වගා කරවීම
  • අන්තර් – ආසියාතික වෙළඳාමට සම්බන්ධ වීම.
  • ඇළ මාර්ග ඉදිකරවීම (ප්‍රවාහනය)
  • ඇතැම් වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරවීම හා ආණ්ඩුවේ වියදම් අඩුකර ගැනීමේ අරමුණින් සහල් නිෂ්පාදනය පවත්වා ගෙන යෑම.

කිරම, ඌරු බොක්ක වැනි ප්‍රදේශ පදනම් කරගෙන වැව් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනීම හා මුතුරාජවෙල අස්වැද්දීම .

  • කපු වැවීම, සහ රෙදි සායම් කරණය සඳහා භාවිතා කළ ඉන්ඩිගෝ වැවීම.
  • ඇතැම් ප්‍රදේශ වල කුරුඳු වගා කිරීමට පියවර ගැනීම. උදා: කදිරාන, ඇවරිවත්ත, කුරුඳුවත්ත
  • උඩරට රාජධානිය සමග අභ්‍යන්තර වෙළඳාමක් පවත්වාගෙන යාම හා රට තුළ වෙළඳාමේ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම.

ලුණු, කරවල වැනි දෑ උඩ රටටත්, එම ප්‍රදේශයෙන් ගම්මිරිස්, බුලත්, කරාබු නැටි, කරඳමුංගු, මී ඉටි, මී පැණි ඇතුළු ද්‍රව්‍ය සමූහයක් වෙරළබඩ ප්‍රදේශවලටත් තවලම් මගින් ප්‍රවාහනය කිරීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...