WordPress WooCommerce Themes

හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දේශපාලන හා සංස්කෘතික වැදගත්කම

හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දේශපාලන හා සංස්කෘතික වැදගත්කම විචාරාත්මකව පරීක්ෂා කරන්න.

  • මූලාශ්‍රය – රාජාවලිය, පැරකුම්බා සිරිත, සෙල්ලිපි (බෙලිගල සන්නස, වහරක්ගොඩ හි පැපිලියානේ දේ සෙල්ලිපි, මඩවල පර්වත ලිපි) හා සන්දේශ කාව්‍ය.

දේශපාලන

  • කෝට්ටේ රාජධානිය කර ගනිමින් පාලනය මෙහෙය වූ අතර ලංකාව අවසන් වරට එක්සෙසත් කළ පාලකයා විය.
  • මේ රජු සමකාලීනව දේශපාලන බලය වර්ධනය කර ගනිමින් සිටි දැදිගම පරාක්‍රමබාහු අභිබවා ගොස් එම රජ පවුලෙන් විවාහ සබඳතා ද ඇති කර ගෙන, දැදිගම ඇතුළු සතර කෝරළය පමණක් නොව උඩරට ප්‍රදේශ වල මෙන් ම ගම්පොළ රාජධානියේත් සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් විය. F
  • ක්‍රි. ව. 1412 රයිගම දී රජ වී පසුව 1415දී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර බවට පත් කර ගත්තේය.
  • › වියළි කලාපයේ හා රුහුණු රටේ පැවති ස්වාධීන පාලන ඒකකවල හා වන්නි ජනපදවල විසු මහාවන්නියාර්වරු හෙවත් දහඅට වන්නි ප්‍රධානීන් අවනත කර ගැනීම.
  • සපුමල් කුමරුගේ නායකත්වයෙන් හමුදා මෙහෙයවා යාපනයේ පාලක ආර්ය චක්‍රවර්ති පරාජය කොට එම ප්‍රදේශ අත්පත් කර ගැනීම.
  • ජෝතිය සිටාණන් ඇති කළ කැරැල්ල අම්බුලුගල කුමාරයා යවා මර්දනය කරවීම හා සතර කෝරළයේ හා උඩරට ප්‍රදේශයේ බලය පැතිර වීම.
  • උඩරට බලය අල්ලාගෙන සිටි වික්‍රමබාහු සාමාන්තයාගේ අවනත කරගැනීමට සමත් විය.
  • දකුණු ඉන්දියාවේ තොටුපලක් වූ අදිවිරරාම පටුන ආක්‍රමණය කර ජයගැනීම (ගිරා සන්දේශයේ දක්වා ඇත).
  • විජයනගර් අධිරාජයා විසින් එල්ල කළ ආක්‍රමණය ජයගැනීම.
  • චීනය සමඟ සම්බන්ධතා පැවති බව.

සංස්කෘතිය

  • හයවන පරාක්‍රමබාහු රජ සමයේ පැවති දේශපාලන, ආර්ථික දියුණුව සංස්කෘතියේ වර්ධනයක් ඇතිවීමට හේතු විය. රාජ්‍ය අනුග්‍රහය අධ්‍යාපනයේ වර්ධනයට පිටුබලයක් විය.
  • පැපිලියානේ සුනේත්‍ර දේවී පිරිවෙන තම මව සිහිවීම පිණිස රජතුමා විසින් කරවන ලදි.
  • වීදාගම ශ්‍රී ඝනානන්ද, තොටගමුවේ විජයබා, දෙවුන්දර ඉරුගල්කුලතිලක, කෑරගල පද්මාවති, පැපිලියානේ සුනේත්‍රා දේවී සහ එරබත් ගොඩ ධර්මරාජ වන පිරිවෙන් ප්‍රකට ශාස්ත්‍රායතන වීම.
  • මෙම අධ්‍යාපන ආයතනවල සිටි භික්ෂූන් වහන්සේ සුවිශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක නිරතවූහ (වීදාගම මෛත්‍රීය හිමි, කෑරගල වනරතන හිමි, තොටගමුවේ ශ්‍රි රාහුල හිමි). ed
  • මෙම අධ්‍යාපන මධ්‍යස්ථානවල සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත හා දෙමළ වැනි භාෂාවන් ද කාව්‍ය, නාටක, ජ්‍යොතිර් විද්‍යා, ගණිතය, චතුර්වේදය, වෛද්‍ය ශාස්ත්‍රය වැනි විවිධ විෂයයන් ද ඉගැන්වීම.
  • ගිහි පැවිදි පඬිවරුන් විවිධ ක්ෂෙත්‍ර වලට අයත් ග්‍රන්ථ රචනයෙහි නිරත වූහ (මහා කාව්‍ය, බුදුගුණ කාව්‍ය, සන්දේශ කාව්‍ය, උපදේශ ග්‍රන්ථ හා ප්‍රශස්ති ආදිය).
  • වනවාසි හා ග්‍රාමවාසි භික්ෂූන් තරඟයට ග්‍රන්ථකරණයෙහි නියුක්ත වීම හේතු කොටගෙන සාහිත්‍ය ප්‍රබෝධයක් හටගැනීම. වන වාසී සම්ප්‍රදාය කෑරගල පද්මාවති පිරිවෙනෙහි ද ග්‍රාමවාසි සම්ප්‍රදාය තොටගමුවේ විජයබා පිරිවෙනෙහිද ප්‍රධානත්වයෙන් වර්ධනය විය.
  • මෙම අධ්‍යාපන ආයතන ජාත්‍යන්තර කීර්තියට පත්ව තිබීම නිසා විදේශවලින් ගිහි පැවිදි සිසුන් පැමිණ ඇත. නිදර්ශන ශ්‍රී රාමචන්ද්‍ර කවිභාරතී පඬිවරයා ශ්‍රි රාහුල මාහිමියන්ගෙන් අධ්‍යාපනය ලැබීමට තොටගමු විජයබා පිරිවෙනට පැමිණීම.
  • විවිධ පඬිවරුන් විහාල වශයෙන් සාහිත්‍යකරණයේ නිරත වීම:
  • වීදාගම මෛත්‍රී හිමි -බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව, හංස සන්දේශය.
  • තොටගමුවේ ශ්‍රී රාහුල හිමි – කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය, පරෙවි සන්දේශය
  • වෑත්තෑවේ හිමි – ගුත්තිල කාව්‍ය
  • ශ්‍රී රාමචන්ද්‍ර කවිභාරතී – භක්ති ශතකය, වෘත්ත රත්නාකාර පඤ්චිකා
  • ඉරුගල් කුලතිලක හිමි – කෝකිල සන්දේශය
  • ධම්මදින්නාචාර්ය විමලකීර්ති හිමි – සද්ධර්මරත්නාකරය
  • නන්නූර්තුනෙයියාර් – රුවන් මල පද්‍යයට නැගීම, නාමාවලිය
    • සරජෝතිමාලෛ ද්‍රවිඩ භාෂාමය පද්‍ය ග්‍රන්ථය
    • පැරකුම්බා සිරිත
  • බුදු දහමට හා සෙසු ආගම්වලට අනුග්‍රහ දැක්වීමේදී සිදුකෙරුණු සංස්කෘතික දායකත්වය:
  • තුන්මහල් දළදා මැදුරක් ඉදිකරවීම.
  • රත්නපුර මහසමන් දේවාලය ප්‍රතිසංස්කරණය කරවීම (මහ සමන් දේවාල සන්නස)
  • හින්දු ආගමික ස්ථානයක් වූ මුන්නේශ්වරම් දේවාලය ප්‍රතිසංස්කරණය.
  • බ්‍රාහ්මණයන්ට අනුග්‍රහ දැක්වීම (ඔරුවල තඹ සන්නස, නායිමන දෙමළ පුවරු ලිපිය, ගිරා සන්දේශය)
  • කෝට්ටේ පත්තිනි දේවාලයක් ඉදිකරවීම.
  • මෙකල සමස්ත දේශපාලන, ආර්ථීක, ආගමික හා සංස්කෘතික යන සෑම අංශයකම පාහේ ප්‍රබෝධයක් ඇති වීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...