WordPress WooCommerce Themes

දකුණු ඉන්දියානු ආක්‍රමණ

දකුණු ඉන්දියානු ආක්‍රමණ

 

  • ආක්‍රමණය ගැන මහාවංසය, පල්ලවරායන් පෙට්ට්ටෙ, තිරුවාලංගාඩු, ආර්පාක්කම් යන සෙල්ලිපිවල සඳහන් කර ඇත.
  • මේ යටතේ මූලික වශයෙව් සිදු වූයේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණයකි.
  • දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ සිංහාසනය සඳහා කුලශේඛර හා පරාක්‍රම පාණ්ඩ්‍ය යන පාණ්ඩ්‍ය කුමාරවරුන් දෙදෙනා අතර සටන් ඇති වීම. මේ අරගලයේදී පරාක්‍රම පාණ්ඩ්‍ය, පරාක්‍රමබාහු රජුගෙන් යුද්ධෝපකාර ඉල්ලා සිටි අතර කුල ශේඛර චෝළයින්ගෙන් උදවු ලබා ගත්තේය.
  • ලංකාපුර සෙනෙවි යටතේ පාණ්ඩ්‍ය දේශයට සේනාවත් යැවීමට සැලසුම් කළත් එම පිරිස දිවයිනෙන් පිටත්වීමට පෙර චෝළ ආධාර ඇතිව කුලශේඛර විසින් පරාක්‍රම පාණ්ඩ්‍ය මරා දමා මධුරාපුරය අල්ලා ගැණිනි.
  • කෙසේ වෙතත් ලංකාපුර සෙනෙවි සේනාවත් රැගෙන පාණ්ඩ්‍ය දේශයට ගොස් කුලශේඛර සමඟ සටන් කීපයක්ම කළේය.
  • ලංකාපුර සෙනෙවි තලඩිල්ල වරායේ සිට රාමිස්සරය (රාමේශ්වරම) අල්ලා ගන්නා තෙක් සුළු සටන් කිහිපයක් කළ අතර ඉනික්බිතිව රාමිස්සරයේ සිට කුන්දු කාලයට ගොස් එහි පරාක්‍රමපුර නමින් බලකොටුවක් ඉදිකර කඳවුරු බැද ගත්තේය.
  • එහි සිට ලංකා හමුදාව වෙනත් ගම් අත්පත් කර ගැනීම (වරුක්කට්ට, කොළුවර, මරුථුප) හා නියම්ගම් කොල්ලකෑම සිදු කළේය.
  • වඩලියේ සටනින් පසු මෙම සේනාව පරාක්‍රමපුරට පසුබැසීම හා කුලශේඛර ප්‍රබල සේනාවක් රැගෙන විත් පරාක්‍රමපුර බලකොටුවට ගොඩින් හා මුහුදින් පහරදීම සිදු විය.
  • එහෙත් කුල ශේඛර පරාජය කරමින් සිංහල සේනාව කුල ශේඛර රජුගේ එරුක්කාවූර බලකොටුව ගිනිබත් කිරීම. ලංකාපුර සෙනෙවි එහි බලකොටුවක් ඉදිකර ගැනීම.
  • ඉන්පසුව, එහි සිටිමින් වඩලිය, සිරිවලය ඇතුළු බලකොටු හතරක් අල්ලා ගැනීම, පාණ්ඩ්‍ය සේනාපතිවරුන් කීපදෙනෙක් පරාජය කිරීම, පාණ්ඩ්‍ය සේනාපතිවරුන් කීපදෙනෙක් සිංහල සේනාවට එකතු වීම, සටනකින් සිංහල කංග කොණ්ඩානයට පසුබැසීම යන වැදගත් සිදුවීම් සිදුවිය. සේනාව
  • නොබෝ දිනකින් වාලක්කෝට්ටය හා නෙට්ටුරුව අල්ලා ගැනීම. නෙට්ටුරුවදී ලංකාපුර සෙනෙවි උපක්‍රම යොදමින් ද්‍රවිඩ අධිපතීන් හා නිලධාරීන් කීදෙනෙකුට තෑගි භෝග හා තානාන්තර පිරිනමා පක්ෂපාතී කරවා ගැනීම.
  • එයින් පසු සිංහල සේනාව අනිවලක් කොට්ටයේ කඳවුරු බැදගෙන කුලශේඛර පරදවා මධුරාපුරය අල්ලා ගැනීම.
  • ලංකාපුර සෙනෙවි මීලඟ සටන් නෙට්ටුරුව සිට ආරම්භ කිරීම. ඒ වනවිට කුලශේඛර රජු පාතපත බලකොටුවේ රැඳීසිටීම. සිංහල සේනාව දරුණු අන්දමින් සටන්කර පාතපත බලකොටුව ඇතුළු තවත් ප්‍රදේශ ද සෙම්පො න්මාරිය අල්ලා ගැනීම.
  • කෙසේ වෙතත්, කුලශේඛර රජුට නොසිතු අයුරින් උදවු ලැබීම නිසා කුල ශේඛර රජුගේ සේනාව බල සම්පන්න වීම
  • › දෙපිරිස අතර වූ මේ සටනේදී සිංහල සේනාව උතුරු දොරටුවෙන් (කේසධාතුකිත්ති හා ජගත්විජයගේ මෙහෙය වීමෙන්) හා දකුණු දොරටුවෙන් (ලංකාපුරදේව, ලංකාගිරි සෝර, ගෝකණ්ණ දණ්ඩනායක හා කේසධාතු ලෝකගේ මෙහෙයවීමෙන්) නික්ම කුලශේඛරගේ සේනාවට පහරදී දරුණු විනාශයක් කර ජය ගැනීම
  • ඉන්පසු තවත් සටන් කිහිපයක් දෙපිරිස අතර සිදුවීම හා දරනු සටනක් රාජිනා පුරයේදී ඇති වීම. කුල ශේඛර රජු සිටි රාජිනාපුර බලකොටුව වටලා දණ්ඩනායක ගෝකණ්ණ, ලංකාපුරදේව හා කේස ධාතු ලෝක දොරටු බිඳහෙළා පවුරු උඩින් පැන බලකොටුව විනාශ කිරීම. සිංහල සේනාව රාජිනාපුරය ජය ගැනීම
  • ඉන්පසු මදුරපුරයට ගොස් ලංකාපුර සෙනවි ප්‍රධාන සේනාව සිංහල රජුගේ උපදෙස් මත වීරපණ්ඩු අභිශේක කර සිහසුනේ පිහිටවූ නමුත් සටන එතනින් නතර නොවුනි.
  • කුලශේඛර රජු පාණ්ඩ්‍ය අධිපතීන් හා තීරණවෙලියේ හා කොම්බුවේ භටයන් Boncatio රැස්කරගෙන සටන් සඳහා පිවිසීම. මෙම පළංකෝට්ටය දක්වා ගොස් කුල ශේඛර රජු පරාජය කිරීම.
  • චෝළ රජු කුලශේඛරට ආධාර වශයෙන් අශ්ව සේනාවක් ඇතුළු විශාල සේනාවක් ලබාදීම නිසා නැවතත් සටන් ඇතිවිය. මෙය සිංහල-චෝළ සටනක් බඳු විය. මේ සටනින් ජය ගත් සිංහල සේනාව චෝළ රටේ ගම් කිහිපයක් ගිනිබත් කොට විනාශ කිරීම. කුලශේඛරගේ හමුදාව විනාශ කිරීම. කුලශේඛර පලා යාම. යුද්ධය අවසන් කර රාජ්‍යය වීර පණ්ඩුට භාර දීම.
  • පළවෙනි පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය විජය සම්පූර්ණ කිරීම නිමිති කරගෙන පණ්ඩුවිජයගාම නමින් ගමක් පිහිටුවා බමුණන්ට දන්දී මහත් උත්සවයක් පැවැත්වීය.
  • › මේ සටන පිළිබඳව චෝළ ශිලා ලිපිවල සඳහන් වන්නේ වෙනත් ආකාරයකට ය.
  • දෙවැනි රාජාධිරාජ රජුගේ පස්වන රාජ්‍ය වර්ෂයේදී නිකුත් කළ ආර්පාක්කම් ලිපියේ සඳහන් වන්නේ මුල් අවස්ථාවේදී කුලශේකර පරදවා ලංකාපුරය ජයගත් බවයි.
  • දෙවැනි රාජධිරාජ රජුගේ අටවැනි රාජ්‍ය වර්ෂයේ නිකුත් කළ පල්ලවරායන් පෙටටෙ සෙල්ලිපිය අනුව කුලශේඛර රජු චෝළ ආධාර ඉල්ලා ඇති අතර එහිදී චෝළ රජු ආධාර දෙමින් අණ කර ඇත්තේ සිංහල සේනාව මරා ඔවුන් මධුරාවේ දොරටුවල තබා ඇන ගසන ලෙස ය. මෙම සෙල්ලිපියට අනුව චෝළ සේනාපතියා කුලශේඛර රජු සිහසුනට පත්කොට, ලංකාපුර දණ්ඩනායක හා අන් සෙන්පතියන්ගේ හිස් මධුරාවේ දොරටුවේ තබා ඇණ ගසා චෝළ රජුගේ අණ අකුරටම පිළිපැද්ද බව කියවේ.
  • රාජාධිරාජ රජුගේ දොළොස්වන රාජ්‍ය වර්ෂයේ නිකුත් කළ තිරුවානංගාඩු ශිලා ලිපියට අනුව කුලශේඛර රජු චෝළයන්ට විරුද්ධ වී පරාක්‍රමබාහු රජු හා මිත්‍ර වී ඇති බවත් මේ නිසා චෝළයින් කුල ශේඛර රජු පළවාහැර වීරපණ්ඩු සිහසුනේ තැබූ බවත් කියවේ.
  • කෙසේ වෙතත්, දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණයේදී විශාල වශයෙන් මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක් විනාශ වී ඇත.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...