WordPress WooCommerce Themes

අනුරාධපුර හා පොළොන්නරු යුගවල ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ක්‍රමයේ අනුක්‍රමික වර්ධනය

අනුරාධපුර හා පොළොන්නරු යුගවල ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ක්‍රමයේ අනුක්‍රමික වර්ධනය පහතදැක්වෙන ක්‍ෂෙත්‍ර යටතේ විස්තර කරන්න.

 (i) වැව්       (ii) ඇළ මාර්ග(iii)       වාරි තාක්ෂණය

  1. වැව්
    • වැව් ඉදිකිරීමේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබීම.
    • ක්‍රි. පූ. හතරවන සියවසේදී පණ්ඩුකාභය රජු විසින් ජයවැව, අභය වැව, ගාමිණි වැව යන වැව් තුනක් ඉදිකළ බව මහාවංසයේ සඳහන්වීම.
    • ක්‍රි. පූ. තුන්වන සියවසේදී දේවානම් පියතිස්ස රජු තිසාවැවත් පසුව නුවර වැවත් ඉදිකරවීම.
    • ක්‍රි. ව. පළමුවන සියවසේදී වසභ රජු විසින් මහා පරිමාණ වැව් ඉදිකරවීම ආරම්භ කිරීම: ඒ අනුව වැව් එකොලහක් කරවීම (මහවිලච්චිය, මානන්කට්ටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න).
    • ක්‍රි. ව. තුන්වන සියවසේදී මහසෙන් රජතුමා විසින් වැව් දහයක් කරවීම (ඒ අතුරින් මින්නේරි වැව වඩාත් වැදගත් ය. රජතුමා ‘මින්නේරි දෙවියෝ’ ලෙස සැලකීම. හුරුලුවැව, මහගල්කඩවල වැව, මාගල්ල වැව, හුළුගල්ල වැව, කවුඩුල්ල වැව, කනදරා වැව).
    • පළමු වන උපතිස්ස රජු කුඩා ප්‍රමාණයේ වැව් හයක් ඉදිකරවීම. මේවා වර්තමානයේ හඳුනා ගැනීම දුෂ්කරය.
    • ධාතුසේන රජු කලා වැව ඇතුළු වැව් දහ අටක් කරවීම (මහා දත්තවාපි, පානන්කාමකුලම්, මාඑළිය වැව, යෝධ වැව).
    • ක්‍රි. පූ. හයවන සියවසේදී දෙවැනි මුගලන් රජු වැව් තුනක් කරවීම (නාච්චදූව පත්තපාසාණවාපි, පදවිය – ධනවාපි, ගරිතරවාපි – මෙතෙක් හදුනාගෙන නොමැත).
    • පළමුවන අග්බෝ රජු විසින් ඉදිකරන ලද වැව් දෙකක් වන්නේ කුරුඳු වැව (තන්නිමුරිප්පුකුළම) හා මාමඩුව වැව ය.
    • දෙවන අග්බෝ රජු කන්තලේ හා ගිරිතලේ වැව් කරවූහ.
    • අටවන, නවවන හා දහවන සියවස්වලදී විශාල ජලාශ ඉදිකළ බවක් නොපෙනේ. ප්‍රතිසංස්කරණ සිදු කර ඇත. (පස්වැනි අග්බෝ, දෙවන උදය, දෙවන මහින්ද, දෙවන සේන)
    • පළමු වන විජයබාහු රජතුමා ඌව පළාතේ බුදුගුණ වැව කරවීය.
    • පළමුවන පරාක්‍රමබාහු රජු ඉදිකරවන ලද වැව් අතුරින් පරාක්‍රම සමුද්‍රය ඉතා වැදගත්ය. මහාවංසයට අනුව රජු ප්‍රධාන වැව් 163 ක්, කුඩා වැව් 2376 ක් කරවා ඇත.
    • දැදුරු ඔයේ කොට්ට බද්ද, සූඛර නිජ්ජර හා දෝරදත්තික යන ස්ථාන තුනෙහි ඉදි කරවන ලද ජල යෝජනා ක්‍රමය ඉතා වැදගත් වේ.
    • අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී වළවේ, කිරිඳි හා මැණික් යන ගංගා මුල්කරගෙන රුහුණේද ජලාශ ඉදිකර ඇත.
  1. ඇළ මාර්ග
    • ක්‍රි. පූ. පළමුවන සියවසේදී කූටකණ්ණ තිස්ස රජතුමා කරවන ලද වන්නක ඇළ (මීන්විල සෙල්ලිපිය, මහාවංසය).
    • වසභ රජු ඇළ මාර්ග දොළහක් සෑදූ අතර ඇළහැර යෝද ඇළ (ආළිසාර ඇළ) ඉන් ප්‍රධාන වේ. ඇළහැරදී අඹන් ගඟ හරස් කර බැඳ, ඇළ මාර්ගය ඔස්සේ සැතපුම් 30 ක් බටහිර දෙසට ජලය රැගෙන ගොස් ඇත.
    • මහසෙන් රජු පබ්බතන්න ඇළ කරවා මහවැලි ගඟේ ජලය නැගෙනහිරට ගෙනයාම හා අඹන් ගඟ හරස් කොට තලවතු ඇළ සාදවා එමගින් ජලය මින්නේරි ඇළට ගෙනයෑම.
    • ධාතුසේන රජු සැතපුම් පනස් හතරක් දිග ජයගඟ කරවීම. මෙය කලාවැවෙන් ආරම්භ වී තිසාවැවෙන් අවසන් වේ.
    • මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි මල්වතු ඔයේ ජලය සැතපුම් 17 ක් දිග ඇළක් මඟින් මන්නාරම් යෝද වැවට ගෙන යෑම.
    • මහවැලි ගඟේ මණිමේඛලා සිට සැතපුම් 17 ක් දිග මිනිපේ ඇළ පළමුවන අග්බෝ රජු විසින් කරවීම.
    • කළු ගඟේ හත්තොට අමුණෙන් පටන් ගන්නා සැතපුම් 28 ක් දිග ඇළ.
    • අඹන්ගඟේ අංගමැඩිල්ල ස්ථානයේ සිට එන අංගමැඩිල්ල ඇළ හෙවත් ආකාශ ගංගාව.
    • පළමුවන පරාක්‍රමබාහු රජු ඇළවේලි 165 ක්, ඇළ මාර්ග 3910 ක් කරවූ බව හා කැඩීබිඳී ගිය ඇළවේලි 1753 ක් ප්‍රතිසංස්කරණය කරවීම.
  • වාරි තාක්ෂණය
    • තාක්ෂණය වඩාත් කැපී පෙනේනන්නනේ කුඩා වැව් වලට වඩා විශාල වැව් ඉදිකිරීමේදීය. භූමිය මැණීම, සමකිරීම හා සමෝච්ච කරණය සම්බන්ධයෙන් ඉහළ ඉංජිනේරු දැනුමක් පළකොට ඇත.
    • දෙපස පිහිටි කඳු ගැට ආධාරයෙන් වැව් බැම්ම සෑදීම සිදුකර ඇත. එහෙත් ආකට්ටිමුරුප්පු හා යෝද වැවේ තාක්ෂණය මීට වෙනස්ය. යෝද වැවේ බැම්ම සකස් කර ඇත්තේ කොන් දෙකක දිග වේලි දෙකක් බැඳීමෙනි. එහි බැම්ම චාපයක හැඩය ගෙන ඇත.
    • වැව් ඉදිකිරීමේදී සුවිශේෂ තාක්ෂණික අංග කීපයක් දක්නට ලැබීම – වැව් බැම්ම, සොරොව්ව, බිසෝකොටුව, සලපනාව.
    • වැව් එකිනෙකට සම්බන්ධ කිරීමට ඉදිකොට ඇති සංකීර්ණ ඇළ මාර්ග ජාලය (ඇළහැර ඇළ මින්නේරි වැව දක්වා සකස් කරන විට භූ ලක්‍ෂණ උපයෝගි කර ගැනීම, ජයගඟේ මුල් සැතපුම් දාහතේ ජලබැස්ම සැතපුමකට අඟල් හයක් පමණක් වීම).
    • ජයගඟ මෙරට ජල මාර්ග තාක්ෂණයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වේ. ජය ගඟින් තැනින් තැන විහිදී යන අතුරු ඇළවල් මඟින් කුඩා ගම් වැව් රැසකට ජලය සැපයේ.
    • ගංගා හරස් කොට බැමි බැදීමේ තාක්ෂණයට හොඳම උදාහරණය අංග මැඩිල්ල බැම්මයි (අඹන් ගඟේ පටු ස්ථානයක ගල්පරයක් මත විශාල ගල්කුට්ටි තැන්පත් කොට ඉදිකර ඇත).
    • එකළ සූක්ෂම මිනුම් උපකරණ ඇත (පැරණි මාදුරු ඔය සොරොව්ව).

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...