WordPress WooCommerce Themes

මහසෙන් රාජ්‍ය සමයේ අවසානය තෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීම සඳහා ඇති ප්‍රධානතම මූලාශ්‍රය ලෙස මහාවංසයේ වැදගත්කම

මහසෙන් රාජ්‍ය සමයේ අවසානය තෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීම සඳහා ඇති ප්‍රධානතම මූලාශ්‍රය ලෙස මහාවංසය සැලකිය හැකි වන්නේ කෙසේදැයි පරීක්‍ෂා කරන්න.

 විජය රජුගේ පටන් මහසෙන් රාජ්‍ය කාලය දක්වා ලාංකේය ඉතිහාසය හැදෑරීමට තිබෙන මූලාශ්‍රය අතුරින් මහාවංසය ප්‍රධාන වීම.

  • එමගින් ක්‍රි. පූ. 6 වන සියවසේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා අඛණ්ඩ ඉතිහාසයක් ගොඩනගාගත හැකිවීම.
  • දේශපාලනය හා පරිපාලනය පිළිබඳ තොරතුරු වාර්තාවීම (රජවරු, රාජවංශ, රජවරුන්ගේ අනුපිළිවෙළ, ඥාති සබඳතා, පාලකයන්ගේ බල ව්‍යාප්තිය, උපා රජවරුන්, ප්‍රාදේශීය පාලකයන්, නිලධාරීන්, දකුණු ඉන්දියානු ආක්‍රමණ). මේවායේ විශ්වසනීයත්වය ශිලාලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක, ඉන්දීය මූලාශ්‍ර හා විදේශ ලේඛක වාර්තා මඟින් තහවුරුවේ (බ්‍රාහ්මී ලිපි, කුසලාන්කන්ද, බෝවත්තේගල, වැල එල්ලුගොඩ, ‌ කොට්ට දැමූ හෙළ, වෙස්සගිරිය, මහරත්මලේ, තිඹිරිවැව, කොරවක්ගල, සිතුල්පව්ව ආදී සෙල්ලිපි, වල්ලිපුරම් රන්පත).
  • කෘෂි කර්මාන්තය, වෙළෙඳාම, වාරි කර්මාන්ත, වාරි තාක්ෂණය, කර්මාන්ත ආදි ආර්ථික කටයුතු පිළිබඳ තොරතුරු වාර්තාවීම (තෝනිගල, නාගිරිකන්ද, ගොඩවාය, මින්විල, පාලු මැකිච්චාව, මහකපුගොල්ලෑව, අලියාකඩ, බෝවත්තේගල, ලබු ඇට බැඳිගල ආදී සෙල්ලිපි, පෙරිමියන්කුලම් පර්වත ලිපිය, කාසි හා විවිධ නටබුන් මගින් මෙම තොරතුරු තහවුරු වී ඇත.).
  • සමාජ, ආගමික හා සංස්කෘතික ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වීම.

බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන්, දිවයිනේ බුදු සසුන පිහිටුවීම, බුද්ධාගමට රාජ්‍යානුග්‍රහය ලැබීම, භික්ෂු – භික්ෂුණී ශාසනය පිළිබඳ තතු, ආරාම පූජා, මහාවිහාරය හා ඊට අයත් ගොඩනැගිලි ඉදිකිරීම, ශ්‍රි මහා බෝධි රෝපණය, රුවන්වැලිසෑය ඉදිකිරීමේ පුවත, අභයගිරි විහාර පූජාව, ජේතවන විහාරය ඇතුළු වෙහෙර විහාරස්ථාන ඉදිකිරිම, අරියවංශ සූත්‍ර දේශනාව වැනි ආගමික උත්සව පිළිබඳවත්, අධ්‍යාපනය, පංචශීලය පදනම් කරගත් සමාජය ආදී විවිධ අංශ පිළිබඳවත් තොරතුරු වාර්තාවීම හා මිහින්තලේ, සිතුල්පව්, තෝනිගල හා රජගල ආදී සෙල්ලිපි මගින් ඒවා තහවුරුව තිබීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...