WordPress WooCommerce Themes

දකුණු ඉන්දියානු දේශපාලනයෙහිලා චෝළයන්ගේ දායකත්වය

දකුණු ඉන්දියානු දේශපාලනයෙහිලා චෝළයන්ගේ දායකත්වය පහත දැක්වෙන ශීර්ෂ යටතේ සාකච්ඡා කරන්න.

  1. අධිරාජ්‍ය ව්‍යාප්තිය
  • ක්‍රි. ව. 9 වන සියවසේ පාණ්ඩ්‍යයන් යටතේ පැවති තන්ජෝරය අල්ලාගත් විජයාලය චෝළ
  • අධිරාජ්‍ය සඳහා පදනම සකස් කිරීම.
  • විජයාලයගෙන් ආරම්භ වී පළමුවන ආදිත්‍ය, පාරන්තක, පළමුවන රාජ රාජ, පළමු වන රාජේන්ද්‍ර යන රජුන් යටතේ බලය වර්ධනය වීම.
  • විජයාලයගේ පුත් පළමුවන ආදිත්‍ය තොණ්ඩෙයි මණ්ඩලම්හි ආධිපත්‍යය හිමි කරගෙන, කොංගු දේශය, බටහිර ගංගයින්ගේ අගනුවර වූ තලකාඩි අල්ලාගෙන බලගතු රාජ්‍යයක් බවට පත් කිරීම.
  • පරන්තක විසින් පාණ්ඩ්‍ය බලය බිදදැමීම හා රාෂ්ට්‍රකූටයන් පරාජය කිරීම මගින් චෝළ රාජ්‍යය ස්ථාවර කිරීමට සමත් වුව ද රාෂ්ට්‍රකූට පාලක තුන්වන කෘෂ්ණ හා කළ තකෝළම් සටනින් චෝළයින් පරාජය වී බලව්‍යාප්තිය තාවකාලිකව නතරවීම.
  • මෙයින් පසු චෝළ අධිරාජ්‍යය පළමුවන රාජරාජ යටතේ ගොඩනැගීම.
  • රාජ රාජ විසින් චෝළ නාවික බලය වර්ධනය කර ගැනීම තුළින් ත්‍රිවන්දාම්හිදි (කාන්දලූර්) කේරළ නාවික හමුදාව විනාශ කිරීම.
  • කේරළ හා පාණ්ඩ්‍ය බලය මර්ධනය කර දැමීම.
  • අනුරාධපුරය ආක්‍රමණය උතුරු ප්‍රදේශය අල්ලා ගැනීම. (පස්වන මිහිදු රෝහණයට පළා යෑම)
  • බටහිර ගංග රටේ පාලන ප්‍රදේශ තුනක් වූ ගංග වාඩිය, තංගවාඩිය හා කෝළම්බවාඩිය ජය ගැනීම.
  • සිහසුන සඳහා අරගලයක් පැවති නැගෙනහිර චාලුක්‍ය අගනුවර (ඩෙංගි) අල්ලාගෙන, තම ආධිපත්‍යය පිළිගත් ශක්ති වර්මන්ට රජකම ලබාදීම.
  • ශක්ති වර්මන් රජුගේ සහෝදරයා වූ විමලාත්‍යයට තම දියණිය (කුන්දවා කුමරිය) සරණ පාවා දීම.
  • කාලිංගය ජය ගැනීම.
  • මාලදිවයින් (දූපත් දොළොස් දාහ) අල්ලා ගැනීම.
  • රාජ රාජ දකුණු ඉන්දියාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම පාලකයන් අතර කෙනෙකි.
  • පළමු වන රාජේන්ද්‍ර රජු විසින් මෙහෙය වන සටන් හා ඔහු ලැබූ ජහ ග්‍රහණ පිළිබඳ විස්තර ඔහුගේ අභිලේඛන වන තිරුවාලංගාඩු තඹ සන්නසේ හා තිරුමලෙයි ගිරි ලිපියේ සඳහන් වේ.
  • තුංග හදා නදියෙන් උතුරු සටන් මෙහෙයවා බෙංගාලයේ ගංගා නම් නදිය දක්වා ජයග්‍රාහි ලෙස සටන් මෙහෙය වීම.
  • බටහිර චාලුක්‍ය ජයසිංහ පරාජය කිරීම.
  • පාණ්ඩ්‍ය හා කේරල ප්‍රදේශ යටත් කරගෙන පාලකයන් ලෙස පුතුන් පත් කිරීම.
  • ක්‍රි. ව. 1017 දී ලංකාව ආක්‍රමණය කර උතුරු ප්‍රදේශයේ බලය හිමි කර ගැනීම හා පස්වන මිහිදු රජු සිරකරුවෙකු ලෙස රැගෙන යෑම,
  • පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය කර ගනිමින් එය ජනනාථමංගලම් නමින් හා එම ප්‍රදේශය මුම්මඩි ශෝල මණ්ඩලම් නමින් හදුන්වමින් ප්‍රාන්තයක් ලෙස පවත්වා ගෙන යෑම.
  • අග්නිදිග ආසියාවට ආක්‍රමණ එල්ල කරමින් පළමුවෙන් අන්දමන් හා නිකෝබාර් දූපත් යටත් කර ගැනීම.
  • ශ්‍රී විජය රාජ්‍යයට ආක්‍රමණයක් එල්ල කරමින් ශෛලෙන්ද්‍ර රජු පරාජය කොට කඩාරම් බලකොටුව අල්ලා ගැනීම. (කඩාරම් කොණ්ඩ යන විරුද නාමයෙන් හැඳින්වීම)
  • මෙම ආක්‍රමණ සමඟම සුමාත්‍ර, ජාවා, මලයානු අර්ධද්වීපය හා පහළ බුරුමය ද සිය අවනත භාවයට පත් කරගෙන චෝල බලය අග්නිදිග ආසියාවට ව්‍යාප්ත කිරීම.
  • මේ මඟින් ඉන්දියන් සාගරයේ හා අග්නිදිග ආසියාකරයේ වෙළෙඳාම පාලනය සමත් වීම. කිරීමට
  1. ප්‍රාදේශීය හා ග්‍රාමීය පරිපාලනය

චෝළ පාලනය රජු වටා සංවිධානය වූ රාජාණ්ඩු ක්‍රමයක් වූ අතර පරිපාලනය මධ්‍ය පාලනය, ප්‍රාදේශීය පාලනය හා ග්‍රාම පාලනය වශයෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ සකස් වී පැවතිණි.

ප්‍රාදේශීය පරිපාලනය

  • ප්‍රාදේශීය පාලනයේදී චෝළ අධිරාජ්‍යය මණ්ඩල වලට බෙදා තිබිණි.
  • එවැනි මණ්ඩල ගණන ඇතැම් විට 6 ක් වූ අතර ඇතැම් විට 8 ක් ක්ද වී ඇත. චෝළ අධිරාජ්‍යය ඉතා විශාල අවධියේදී මණ්ඩල ගණන 9ක් විය. (පාණ්ඩ්‍ය මණ්ඩලම්, චෝළ මණ්ඩලම්, මලයිනාඩු මණ්ඩලම්, කොංගු මණ්ඩලම්, මුම්මුඩිචෝල මණ්ඩලම්)
  • චෝළ මණ්ඩලම් හැර අනෙකුත් මණ්ඩලම් පාලනය කරන ලද ප්‍රාදේශීය පාලකයන් ලෙස බොහෝ දුරට කටයුතු කළේ රාජ කුමාරවරුන්, රජපවුලේ පිරිස් ය.
  • මණ්ඩලම්හි පාලකයන්ට යුධ හමුදාවක් සිටීම.
  • මණ්ඩලම් නැවත වලනාඩු, නාඩු, කුර්රම්, මෙලාගම් නම් කොටස්වලට බෙදා තිබිම.
  • කන්යුර් හෙවත් කන්කුරම් නගර පාලන ඒකක විය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...