WordPress WooCommerce Themes

ගුප්ත යුගය යනු ඉන්දියානු සංස්කෘතියේ ස්වර්ණමය යුගයයි.

ගුප්ත යුගය යනු ඉන්දියානු සංස්කෘතියේ ස්වර්ණමය යුගයයි. ” විමසන්න.

  • ක්‍රි. ව. හතරවන සියවසේ ශ්‍රී ගුප්තගෙන් ඇරඹුනු ගුප්ත යුගය පළමුවන චන්ද්‍රගුප්ත, සමුද්‍රගුප්ත, දෙවන චන්ද්‍රගුප්ත, පළමුවන කුමාරගුප්ත, ස්කන්ද ගුප්ත යන රජවරු දේශපාලන ආධිප්‍යයක් ගොඩනගා නැගීම.
  • › පාලනයේදී පැවති සංවිධානාත්මක බව, ආර්ථික සමෘද්ධිය, සාහිත්‍ය කටයුතු සඳහා රාජානුග්‍රහය ලැබීම, විවිධ විෂය ක්ෂෙත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පසුබිමක් පැවතීම, උගතුන්ට අනුග්‍රහ දැක්වීම වැනි කරුණු සාහිත්‍යයේ උන්නතියට හා සංස්කෘතියේ වර්ධනයට පාදක වීම.
  • මෙකල සංස්කෘත භාෂාව සාහිත්‍යමය භාෂාවක් වශයෙන් උපරිම දියුණුවක් ලැබීම.
  • සංස්කෘත ව්‍යාකරණය ක්‍රමාණුකූල තත්ත්වයට පත් විය. පාණිනි හා පතඤ්ජලී යන ආචාර්යවරු මෙහිලා මුල් තැනක් ගත්හ.
  • සංස්කෘත සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් ලෙස ගුප්ත යුගය සැලකේ.
  • නාට්‍ය, ඡන්දස්, අලංකාර, ගණිතය, (අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය, ශුද්ධ ගණිතය) විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, තර්ක න්‍යාය, වෛද්‍ය ශාස්ත්‍රය, නීතිය, තාරකා විද්‍යාව, ආගම, දර්ශනය ආදි විවිධ ක්‍ෂෙත්‍ර අළලා ගද්‍ය, පද්‍ය නිර්මාණය කිරීමට සමත් උගතුන් රැසක් බිහිවිය.
  • කාලිදාසගේ කාව්‍ය – රඝුවංශය, කුමාර සම්භවය, මේඝදූතය, සෘතු සංහාරය
  • කාලිදාසගේ නාට්‍ය -මාලවිකාග්නිමිත්‍ර, ශාකුන්තලය
  • විශාඛ දත්තගේ නාට්‍ය -මුද්‍රා රාක්ෂය, දේවි චන්ද්‍රගුප්ත
  • භාරවීගේ මහා කාව්‍ය -කිරාතාර්ජුන, ශිශුපාලවධ
  • අමරසිංහගේ-අමරකෝෂ (සංස්කෘත භාෂාවේ ශබ්ද කෝෂයකි.
  • වරාහමිහිරගේ – බෘහත් සංහිතාව
  • ආර්යභටගේ- සුර්ය සිද්ධාන්තය, ආර්යභට්ටිය
  • බ්‍රහ්මගුප්ත- බ්‍රාහ්ම ස්ඵටික සිද්ධාන්ත
  • වෘහද් වාග්භට -අෂ්ටංගෘදය
  • අලහාබාද් ප්‍රශස්තිය සමුද්‍රගුප්ත රජුගේ රජ වාසලේ සිටි හරිසේන කවියා විසින් කරවන ලද්දකි.
  • ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථ රචනා වීම. (කත්‍යායනතේ ධර්ම සූත්‍රය) මේවා නම් කර ඇත්තේ කතුවරුන්ගේ හෝ ගුරු කුලවල නම් මුල් කරගෙනය.
  • ගුප්ත රජවාසලේ නවරත්න කවීන් සේවය කළේය.
  • ආගමික වශයෙන් ඇති වූ ප්‍රබෝධය. හින්දු ආගමේ පුනර්ජීවනයක් ඇති විය. එහිදි වෛදික ග්‍රන්ථ මුල් කරගෙන තිබු බ්‍රාහ්මණ ආගම නව ස්වරූපයක් ලබමින් වර්තමානයේ හඳුන්වන හින්දු ආගම සකස් වීම.
  • බෞද්ධ හා ජෛන දර්ශනවාද දියුණු වීම. මහායානින බුදු දහමේ මාධ්‍යමික හා යෝගාචරවාද ක්‍රමවත්වීම. ජෛනාගමේ ශ්වේතම්බර හා දිගම්බර යන නිකාය දෙක ස්ථිර පදනමක් මත හැඩ ගැසීම.
  • මෙකල නව නිර්මාණ හැර පැරණි ග්‍රන්ථ ද නව මුහුණුවරකින් රචනා විය. මහාභාරතය, රාමායණය වර්තමානයේ පවතින තත්ත්වයට සකස් විය. මනුස්මෘතිය හා පුරාණ ග්‍රන්ථ ද මෙලෙස සකස් විය. පංච තන්ත්‍රය හා හිතෝපදේශ මේ අවධියේදී සම්පාදනය විය.
  • සාහිත්‍යයේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති, කැටයම් හා චිත්‍ර කලාවේ දියුණුවක් ඇති වීම.
  • ගෘහ නිර්මාණ ශිල්පය
    • බුද්ධ හා දේව ප්‍රතිමා උදෙසා ගොඩනැගිලි ඉදිකිරීම.
    • එහිදි ගඩොල් හා ඔපමට්ටම් කළ කළුගල් යොදා ගැනීම.
    • විවිධ ස්වරූපයේ විහාර හා දේවාල ඉදිකිරීම.
      • සාංචි අංක 17 විහාරය,
      • නව්නා කුඨාරාහි පාර්වති කෝවිල,
      • භූටාරහි ශිව කෝවිල,
      • දියෝගාර්හි දශාවතාර කෝවිල,
  • මූර්ති හා කැටයම් ශිල්පය.
    • මූර්ති කලාව මුළුමනින්ම විදේශ ආභාසයෙන් මිදීම.
    • බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ සකලාංග සම්පුර්ණ වීම.
    • සාරානාත්හි හිදි පිළිමය මූර්ති කලාවේ අති විශිෂ්ට නිරිමාණයකි.
    • විෂ්ණු, ශිව යන බ්‍රාහ්මණ ආගමික දේව රූප සකස්වීම.
    • ප්‍රධාන මුර්ති නිර්මාණ මධ්‍යස්ථාන පාඨලිපුත්‍ර, සාරානාත් හා මථුරා ය.
    • ප්‍රතිමාකරණයේදී කළුගල්, පිලිස්සු මැටි පමණක් නොව මෙකල ලෝහ ද භාවිතා කිරීම. (නාලන්දාවේ ඇති ලෝකඩයෙන් නිම වූ මීටර් 25 ක් උස බුද්ධ ප්‍රතිමාව, සුල්තාන්ගන්ජිහි තඹයෙන් නිම වූ බුදු පිළිමය)
  • කැටයම්
    • උදයගිරි ලෙන්හි ඇති වරාභවතාර කැටයම
  • චිත්‍ර ශිල්පය
    • චිත්‍ර ශිල්පය උච්චස්ථානයට පත්වීම.
    • අජන්තාහි i, ii, xvi, xix ලෙන්හි චිත්‍ර,
    • බාස්හි ලෙන්හි චිත්‍ර,
    • බදාමියේ අංක 3 ගුහාවේ ඇති ශිව පාර්වති දර්ශනය,

ගුප්ත යුගයේදී විවිධ ක්‍ෂෙත්‍රයන්හි ඇති වූ දියුණුව නිසා ඉන්දියානු සංස්කෘතියේ ස්වර්ණමය යුගය බවට ගුප්ත යුගය පත් විම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...