සමුද්‍රගුප්තගේ ව්‍යාප්තිවාදි ප්‍රතිපත්තිය ඔහු කෙතෙක් දුරට යුදකාමියකු ලෙස සැලකිය හැකිදැයි පරීක්ෂා කරන්න.
අධිරාජ්‍ය ව්‍යාප්තියට මුල් වූ යුධමය ක්‍රියාමාර්ග
මෙහිදී නාගසේන, අච්‍යුත නාග, අච්‍යුත, චන්ද්‍ර වර්මන්, රුද්‍ර දේව, මතිලා, නාග දත්ත, නන්දින්, බලවර්මන් යන රජවරු 9 දෙනා පරාජය කොට එම රාජ්‍ය ඈදා ගැනීම.
මධ්‍යම ඉන්දියාව එනම් වින්ධ්‍යා කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශ වල රාජ්‍යයන්හි රජවරුන් පරාජයට පත් කොට ඔවුන්ගේ යටත් භාවය පමණක් ලබා ගැනීම.
දක්ෂිණාපථ රාජ්‍ය යටත් කොට ඒවායේ පාලකයන් අල්ලා ගත් අතර ඔවුන් රජුගේ ආධිපත්‍ය පිළිගත් යටත් පාලකයන් ලෙස නැවතත් එම රාජ්‍යවල පිහිටු වීම. (කෝසලයේ මහේන්ද්‍ර, මහා කාන්තාරයේ ව්‍යාඝ්‍ර රාජ, කෞරාලයේ මන්ත්‍ර රාජ, පිෂ්ඨපුරයේ මහේන්ද්‍ර, කොටූරයේ ස්වාමිදත්ත, එරණ්ඩ පල්ලයේ දමන, කාංචියේ විෂ්ණු ගෝප, අවතයේ නීල රාජ, වංගියේ හස්ථිවර්මන්, පල්ලක්කයේ උග්‍ර සේන, දේවරාෂ්ට්‍රයේ කුබේර, කුෂ්තලපුරයේ ධනංජය).
සමතට (බෙංගාලය අවට), දවාක (ඇසෑම් ප්‍රදේශ), නේපාලය, කාම රූප (ඉහළ ඇසෑමය), කත්‍රිපුර (ජලන්දාර්)
කාක ඝණ රාජ්‍ය නවයක් යටත් කරගෙන තිබේ. (මාලව, ආර්ජුනායන, යෞධෙය, මදුක, ආභීර, ප්‍රාර්ජුන, ඝනකාහික,, ඛර පරික)
දිග්විජය අවසානයේ අශ්වමේධ යාග දෙකක් පැවැත්වීමෙන් ද සමුද්‍රගුප්තගේ අධිරාජ්‍ය ව්‍යාප්තිය යුධමය කාර්යයක් බව පැහැදිලි ය.
මූලාශ්‍රය සපයන තොරතුරු අනුව සමුද්‍රගුප්ත යුද්ධ කර විශාල ප්‍රදේශයක් අල්ලා ගැනීමට සමත් වී ඇති බව පෙන්නුම් කෙරෙන අතර වෙනත් තොරතුරු පිළිබඳ විස්තර අල්පය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.