WordPress WooCommerce Themes

සෘග් වෛදික යුගයේ සමාජ – ආර්ථික තත්ත්වයන්හි ප්‍රධාන ලක්‍ෂණ

සෘග් වෛදික යුගයේ සමාජ – ආර්ථික තත්ත්වයන්හි ප්‍රධාන ලක්‍ෂණ විස්තර කරන්න.

  • සමාජය තත්ත්වය
  • සෘග් වේදයෙන් තොරතුරු හදුනා ගැනීම.
  • ගෝත්‍ර වලින් යුත් සමාජයක් පැවතීම. (පුරු, යදු, තුර්වාස, අනු)
  • පීතෘ මූලික සමාජයක් වීම.
  • පුළුල් අයුරින් සිරිත් විරිත් ආරක්ෂා කිරීම.
  • ආගන්තුක සත්කාරය උසස්තම ගුණාංගයකි.
  • නිවාස දැව, උණලී, ආදියෙන් තනා පිදුරු සෙවිලි කොට තිබිණි.
  • යාඥා කාමරය, ස්ත්‍රී කාමරය, පොදු කටයුතු සඳහා කාමරය, ගිනිහල් ගෙය යන අංශ හතරකින් නිවාස සමන්විත විය.
  • ඒක විවාහය.
  • විවාහ මංගල්‍ය උත්සවය මහත් ගරුසරු එකක් සේ සැලකුණි.
  • පිරිමි දරුවන් ලැබීම විවාහයේ ප්‍රධානම පරමාර්ථය විය.
  • කාන්තාවන්ට නිදහස හිමිව තිබීම.
  • භාර්යාව ස්වාමියා සමඟ පූජාවන්ට සහභාගි වී ඇත.
  • අධ්‍යාපනය ලැබූ කාන්තාවන් සිටීම. (විශ්වචාරා, ආපාලා, ඝෝෂා)
  • වර්ණ භේදය පැවතුන ද එය සමාජයේ තහවුරු වී නොතිබීම.
  • ආර්ය අනාර්ය භේදය පැවතිණි.
  • ඇඳුම් භාවිතා කෙරිණි.
  • මේ අවධියේදී ඇඳුම කොටස් හතරකින් යුක්ත ය. (නිව් – යටිකය ඇඳුම, වාස උඩුකය ඇඳුම, අධිවාස – උතුරු සළුව, හිස්වැසුම)
  • පිරිමි හිස් ආවරණය කර ඇත.
  • ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ආභරණ පැළදිය.
  • ප්‍රධාන ආහාර වූයේ ධාන්‍ය වර්ග, මාංශ, මාළු, කිරි, කිරිවලින් සෑදු ආහාර හා පළතුරුය.
  • සුරාව පැවති අතර සෝම පානය කර ඇත.
  • උත්සව අවස්ථාවලදී නැටුම් ගැයුම් පැවතිණි.
  • සමාජ ජීවිතයේ කේන්ද්‍රය වූයේ ‘ සභා” ය.
  • රථ ධාවනය, දඩයම, දාදු ක්‍රීඩාව ඔවුන්ගේ විනෝදාංශ විය.
  • විවිධ ස්වභාවික වස්තූන් වන්දනා කිරීම.

 ආර්ථික තත්ත්වය

  • කෘෂිකර්මාන්තය පදනම් කර ගත් ආර්ථික රටාවක් පැවතීම. (යව, තිරිගු, මෙනේරි, බාර්ලි වැනි ධාන්‍ය වගා කිරීම)
  • සත්ව පාලනය ද වැදගත් අංශයක් වීම. (ගවයා, එළුවා, බැටළුවා, අශ්වයා ප්‍රධාන විය)
  • වෙළෙඳාම පැවතිණි.
  • ගම් මට්ටමින් ගොඩබිම් මාර්ග හා ගංගා ඔස්සේ භාණ්ඩ හුවමාරුව සිදු වී තිබේ.
  • ගව සම්පත ආර්ථිකයේ මිනුම් ඒකකය විය.
  • එළදෙන ශුද්ධ වස්තුවකි.
  • ජලය ලබා ගැනීම සඳහා වාරික්‍රම භාවිතා කළේය.
  • විවිධ කර්මාන්ත පැවතිණි. (රෙදි විවිම, වඩු කර්මාන්තය, හම්කරුවෝ, රන් කරුවන්, ලෝහ කර්මාන්තය)

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...