ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නගාලීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කරන්න.
ගොවිජනපද යෝජනා ක්‍රම හා මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි වැඩසටහන් මගින් ගොවීන්ට ඉඩම් හා වාරි ජලය ලබා දීම
කෘෂි පර්යේෂණ / නව තාක්ෂණය ජනනය කිරීම
වැඩි රාජ්‍ය අනුග්‍රහයක් ලබා වී වගාවට දීම තුළින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම බීජවී නිෂ්පාදනය, සහතික මිලක් නියම කිරීම, පොහොර සහනාධාර ලබා දීම ආදිය
වාරිමාර්ග පද්ධති පිළිසකර කර දියුණු කිරීමමේ සඳහා වැඩි මුදලක් වැයකර තිබීම, එමඟින් කෘෂි සංවර්ධනය සිදුකර ග්‍රාමීය ආර්ථිකය නැංවීම අරමුණු කරයි.
පාලන මිල හා සහතික මිල ක්‍රම මගින් වෙළඳපල මිල ස්ථායීතාව ඇති කිරීම හා විවිධ කෘෂි අලෙවිකරණ සහය ලබා දීම උදා : වී අලෙවි මණ්ඩලය
කෘෂි උපකාරක සේවා ඇති කිරීම
විවිධ සහනාධාර ලබා දීම
දීප ව්‍යාප්ත කෘෂි ව්‍යාප්ති සේවාව
විවිධ අණපණත් මගින් කෘෂිකාර්මික අංශය සුරක්ෂිත කිරීම
විවිධ ආයතන ව්‍යුහ ඇතිකිරීම සහ ඒවා පුළුල් කිරීම
ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම
ආනයන ප්‍රතිපත්ති මගින් දේශීය ගොවියා සුරක්ෂිත කිරීම
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම
දේශීය ජලජිවි කර්මාන්තය ප්‍රවර්ධනය
විද්‍යාත්මක කෘෂි අධ්‍යාපනය ලබා දීම
දේශීය හා විදේශීය වෙළඳපොල තුළ කෘෂි නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇති කිරීම ආරක්ෂිත බෝග වගාව, නිර්පාංපාංශු වගාව, කාබනික ගොවිතැන ආදී වගාක්රම ප්රචලිතකිරීමෙන් නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් ඇතිකර ඇත. හෙළ බොජුන් වැනි ව්‍යාපෘති මඟින් දේශීය ආහාර සඳහා නව ඉල්ලුමක් ඇති කර ඇත.
ආර්ථික මධ්‍යස්ථාන ඇතිකිරීම මගින් කාර්යක්ෂම මිල යාන්ත්‍රණයක් කෘෂි නිෂ්පාදන සඳහා ලබා දීම
ඉඩම්වල උපයෝගීතාව හා ගුණාත්මය වැඩිකිරීම
දේශගුණික සාධක ප්රශස්ත ලෙස පාලනයට උත්සාහ දැරීම උදා : පාලිත තත්ත්ව යටතේ බෝග වගාව ප්‍රචලිත කිරීම
වෙළඳපොළ මිල තොරතුරු රැස්කර ඒවා ගොවි ප්‍රජාව වෙත මාධ්‍ය ඔස්සේ ලබා දීම
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.