WordPress WooCommerce Themes

මෝගල් හා රාජ්පුට් සම්ප්‍රදායන් අතර දක්නට ලැබෙන සමාන අසමානකම්

මෝගල් හා රාජ්පුට් සම්ප්‍රදායන් අතර දක්නට ලැබෙන සමාන අසමානකම් උදාහරණ සහිතව විස්තර කරන්න.

  • මෝගල් චිත්‍රවලට වස්තු විෂය වූයේ මෝගල් රජ පවුලේ සිද්ධීන් ය.
  • මෝගල් ශිල්පියා අතින් රජ පවුලේ හා ප්‍රභූන්ගේ උඩුකය පිළිරූ නිර්මාණය බෙහෙවින් සිදු වී ඇත.
  • සාමාන්‍ය ජන ජීවිතය මෝගල් වස්තු විෂයට ලක් නොවීය.
  • රජ පවුලේ සිද්ධි රජු ප්‍රිය කරන දඩයම් දර්ශන හා ස්වභාවික දර්ශන ද මෝගල් චිත්‍රවලට වස්තු විෂය විය.
  • විවිධ සතුන් සහ විවිධ පක්‍ෂීන් මහත් අභිරුචියෙන් ඇඳ ඇත.
  • මෝගල් චිත්‍ර කලාව බිහිවූයේ ඉස්ලාම් භක්තිකයන් අතිනි.
  • රාජ්පුට් ශිල්පියා මෝගල් ශිල්පියාට වඩා පුලුල් වූ වස්තු විෂයක් යටතේ චිත්‍ර ඇඳ ඇත.
  • හින්දු සාහිත්‍යය පදනම්කරගත් ශෘංගාරාත්මක පුවත් ගැමි ජීව්තය, ආදරය, ප්‍රේමය වැනි සංකල්ප රාජ්පුට් වස්තු විෂයට අයත් විය. රාගමාලා නමින් ගැනෙන චිත්‍ර ද මේ අතර වේ. රාජ්පුට් කලාව පෝෂණය වූයේ හින්දුකලා සම්ප්‍රදායක් ලෙසට ය.
  • ව්ශේෂයෙන් ඔවුන්ගේ තේමාව වූයේ හින්දු සාහිත්‍ය කෘතීන් සඳහා සන්නිදර්ශන චිත්‍ර නිර්මාණය කිරීම ය.
  • රාජ්පුට් කලාව බිහිවූයේ හින්දු ශිල්පීන් අතිනි.
  • ශෘංගාරය මුල් වූ සාහිත්‍ය කෘති තුළ රාධා සහ ක්‍රිෂ්ණා ශිව පාර්වති ප්‍රධාන චරිත වී ඇත. රාජ්පුට් ශිල්පියා ගවයා වැනි සතුන් පූජනීයත්වයෙන් සලකා ඇත.
  • රාජ්පුට් චිත්‍ර අතර ශෛලිගත ලක්‍ෂණ නිරුපිත සිතුවම් රැසක් දක්නට ඇත. මේවා අතුරින් බිල්හානා සහ චම්පාවතී මෙන්ම රාධාගේ උඩුකය චිත්‍රය වැදගත් ය.
  • රාජ්පුට් කලාව වර්ධනය වූයේ මෝගල් චිත්‍ර කලාවේ මූලික ලක්‍ෂණ ගුරුකොට ගනිමිනි.
  • මෙහි ප්‍රධාන වෙනස ලෙස දක්නට ඇත්තේ මෝගල් කලාවේ ඉස්ලාමීය භක්තිකයන්ගේ මූලාදර්ශයන් පදනම් කොටගෙන බිහි වුව ද ඉන් බිඳිගිය රාජ්පුට් කලාව බිහි වී ඇත්තේ හින්දු භක්තිකයන් අතිනි.
  • මුල දී මෝගල් චිත්‍රකලා මධ්‍යස්ථාන තුළ සේවය කළ හින්දු භක්තිකයෝ ඉන් මිදී රාජ්පුට් කලාව ආරම්භ කළෝ ය.
  • රාජ්පුට් කලා සම්ප්‍රදාය තුල ද චිත්‍රයේ ආකෘතියෙහි දක්නට ඇත්තේ මෝගල් ලක්‍ෂණයන් ය.
  • ඔවුන්ගේ නිර්මාණකරණයට පාදක වූයේ මෝගල් කලා නිර්මාණයන්ගෙන් ගත් අත්දැකීම් ය.
  • තේමා හා සංකල්ප අතින් ඉස්ලාමීය දහමේ සම්මතයන්ගෙන් මිදී හින්දු ආගමික අවශ්‍යතාවයන්ට හා හින්දු සාහිත්‍යයෙන් මූලාදර්ශයන් මත වර්ධනය වීම මෙහි ඇති විශේෂත්වයයි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...