WordPress WooCommerce Themes

ප්‍රතිපත්ති චක්‍රය

ප්‍රතිපත්ති චක්‍රය

මෙම ප්‍රශ්නයේදී චක්‍රීය ප්‍රවාහයක්‌ සහිත ප්‍රතිපත්ති  ක්‍රියාවලියේ පියවර විස්තර කෙරෙන ප්‍රතිපත්ති චක්‍රය පිලිබඳ අපේක්ෂකයින්‌ සතු දැනුම සහ එහි අනන්‍ය පියවර පිළිබඳව විස්තර කිරීමට ඇති හැකියාව තක්සේරු කිරීම අපේක්ෂා කෙරේ.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ විවිධ පියවරවල ස්වභාවය සහ ඒ පියවර අතර අන්තර්සබඳතාව ප්‍රතිපත්ති චක්‍රය මගින්‌ විස්තර කෙරේ. ජේම්ස්‌ ලෙස්ටර්‌ සහ ජෝසෆ්‌ ස්ටුවර්ට්‌ ජූනියර්‌ (James Lester & Joshep Stiwart Jr) විග්‍රහ කළ පරිදි, ප්‍රතිපත්ති චක්‍රය චක්‍රීය ගමන්‌ පථයක නැවත නැවතත්‌ ඉදිරියට, පසු පසට මෙන්ම පුනරාවර්ථනය කළ හැකි අදියර හයකින්‌ සමන්විත වේ.

Image

ප්‍රතිපත්ති චක්‍රයේ ප්‍රධාන අදියර පහත පරිදි විස්තර කළ හැකිය.

න්‍යාය පත්‍ර සැකසීම යනු ප්‍රතිපත්තියේ කාර්ය පථයට අදාළ විෂයයන්‌ හෝ ගැටළු ලැයිස්තුව පිළිබඳ නිලධාරීන්ගේ මූලික සාකච්ඡාය. මෙම අදියරේදී ආණ්ඩුවේ මැදිහත්වීමක්‌ අවශ්‍ය වන ගැටලුවක්‌ හඳුනාගෙන එය මහජනතාවට ගැටලුවක්‌ ලෙස යෝජනා කිරීම ඇතුළත්‌ වේ.

ප්‍රතිපත්ති සම්පාදනය යනු පවතින ගැටලුවක්‌ විසඳීමට හෝ අනාගතයේ ඇතිවිය හැකි අහිතකර තත්වයක්‌ වැළැක්වීමට නීති සකස්‌ කිරීමයි. ප්‍රතිපත්ති සම්පාදන අදියරයේ දී න්‍යාය පත්‍ර සැකසීම තුළ අර්ථ දක්වා ඇති ගැටලුවක්‌ මත පදනම්ව අරමුණු හඳුනාගැනීම සහ එම අරමුණු සාක්ෂාත්‌ කර ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග සලකා බැලීම සිදු කරනු ලැබේ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යනු නිර්මාණය කරන ලද ප්‍රතිපත්තිය ආයතන සහ සංවිධාන ආශ්‍රයෙන්‌ ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවන පුළුල්‌ ක්‍රියාවලියයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ පහත දැක්වෙන කාරණා ඇතුළත්‌ විය හැකිය, ප්‍රතිපත්තිය මගින්‌ ආමන්ත්‍රණය කෙරෙන ගැටලුව විසඳීමේ සඳහා පැහැදිලි විස්තර. නිදසුනක්‌ ලෙස, විසඳුම පිළිබඳ පැහැදිලි අර්ථකථනයක්‌ සහ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී කුමන සංවිධාන සම්බන්ධ විය යුතු ද යන්න. ගැටලුව විසඳීමට සම්බන්ධ වන ආයතන සඳහා සම්පත්‌ වෙන්‌ කිරීම පිලිබඳ පැහැදිලි කිරීම්‌, සහ, තීරණ ගැනීමේ අධිකාරිය අභිනියෝජනය කර ඇති ආකාරය. ප්‍රතිපත්ති ඇගයීම මගින්‌ ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක කෙරෙහි අවධානය යොමු කරයි. එය ප්‍රතිපත්තිය මගින්‌ අපේක්ෂිත ප්‍රතිඵල සහ එම ප්‍රතිඵල වෙත ළඟා වී තිබේද නැද්ද යන්න ඇගයීමට ලක්‌ කරයි. මෙම අදියරයේදී ඇගයීම්‌ ක්‍රියාවලියේ නිගමන සහ ප්‍රතිඵල මත පදනම්ව, න්‍යාය පත්‍ර සැකසීමේ, තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක්‌ අභිනවයෙන්‌ සැකසීමට තීරණය කළ හැකිය.

ප්‍රතිපත්ති සංශෝධනය යනු ප්‍රතිපත්ති ඇගයීමෙන්‌ පසු ප්‍රතිපත්ති වෙනස්‌ කිරීමයි. මෙය ප්‍රතිපත්තියේ ඇතැම්‌ කොටස්‌ වෙනස්‌ කිරීමකට හෝ සම්පූර්ණ ප්‍රතිපත්ති පැකේජයේ සංශෝධනය කිරීමක්‌ හෝ දක්වා පුළුල්‌ විය හැකිය.

ප්‍රතිපත්ති ඈවර කිරීම (අවසන්‌ කිරීම) යනු යල්‌ පැන ගිය ප්‍රතිපත්ති හෝ සංශෝධනය කළ නොහැකි ඒවා අත්හැරීමයි.

පහත සඳහන්‌ හේතු නිසා ප්‍රතිපත්ති ඈවර කිරීම සිදුවිය හැක.

ප්‍රතිපත්තිය තවදුරටත්‌ ඵලදායී නොවීම

වැඩසටහනේ අවශ්‍යතාවය තවදුරටත්‌ නොපැවතීම.

අයවැය අවශ්‍යතා සපයා ගැනීම දුෂ්කර වීම ප්‍රතිපත්තියේ හෝ වැඩසටහනේ අවසාන කිරීමකට බල කරයි.

ඇගයීම්‌ ක්‍රියාවලියක්‌ මගින්‌ ප්‍රතිපත්තිය බලපෑම්‌ සහගත භාවයෙන්‌ අවම හෝ ප්‍රතිඵල සෑහීමකට පත්‌ නොවන එකක්‌ බව හෝ තහවුරු වූ විටෙක.

දේශපාලන පරිසරය තවදුරටත්‌ ප්‍රතිපත්තියක අරමුණු සඳහා සහාය නොදක්වන අවස්ථාවක.

ඇතැම්‌ ප්‍රතිපත්ති හෝ වැඩසටහන්‌ සහමුලින්ම මතවාදීමය හේතු මත ඈවර කිරීමක්‌ සිදුවේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...