වාර්ගික දේශපාලන පක්ෂ.
මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් සහිතව වාර්ගිකත්වය පදනම් කරගත් දේශපාලන පක්ෂ පිළිබඳ සිසුන්ගේ දැනුම තක්සේරු කිරීම අරමුණු කරයි.
ජනවාර්ගික පක්ෂ නිර්චචනය කරනු ලබන්නේ ඉඳුරාම යම් ජනවාර්ගික ප්‍රජාවක හෝ ජනවාර්ගික ප්‍රජාවන් සමූහයක අවශ්‍යතා පිළිබඳ නියෝජිතයන් ලෙස ඡන්දදායකයින් වෙත ප්‍රවේශ වන දේශපාලන පක්ෂ ලෙස
ය.
බහු සංස්කෘතික සහ බහු වාර්ගික සමාජ ජනවාර්ගික පක්ෂ සංවර්ධනය සඳහා තිඹිරි ගෙයක් බවට පත් වේ. ජනවාර්ගික පක්ෂ කෙරෙහි ඇති උනන්දුව කූඨ ප්‍රාප්තියට පත් වූයේ පශ්චාත් නිරවි සංග්‍රාම අවධියේ ශිෂ්ටාචාර අතර ගැටුම් පිළිබඳ විවාද සමඟිනි.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය වාර්ගික පක්ෂ කිහිපයකින් සමන්විත වේ. දේශපාලන බලමුලු ගැන්වීමේදී ජනවාර්ගික අනන්‍යයතාවේ භූමිකාව පිලිබඳ කාරණාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑත කාලීනව ඉස්මතු වූවක් නොවේ. එය ලංකාවේ සංවිධිත දේශපාලන සංවිධාන වර්ධනය වීම ආරම්භ වූ 1930 ගණන්වල සිටම පැවති දේශපාලන ප්‍රවණතාවක් වන අතර නිදහසින් පසු එය ප්‍රකාශමාන වීම වඩාත් වර්ධනය වූයේය. 1950 ගණන්වල මුල් භාගයේ දේශපාලන පක්ෂවල පුළුල් වීම සමඟ වාර්ගික පක්ෂ ඉස්මතූ වීමේ විභවය වැඩි දියුණු විය. ෆෙඩරල් පක්ෂය සහ දෙමළ කොංග්‍රසය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් ඇතුළු දෙමළ බස වහරන ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කළ පළමු වාර්ගික පක්ෂ විය. ඊට ප්‍රත්‍යාසන්නව ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂයෙන් සිංහල ඡන්ද දායකයින් වෙත ආමන්ත්‍රණය කරන පක්ෂයක් ලෙස මතු වූ නමුත් අනෙකුත් ජනවර්ගවල ඡන්දදායකයින් බැහැර කර නැත. 1980 දශකයෙන් පසුව එළැඹි ජනවාර්ගික ගැටුම් සන්දර්භය තුළ වාර්ගික පක්ෂවල වර්ධනය වඩාත් කැපී පෙනුණි. එකම ජනවර්ගයක් තුළ ඇති බෙදීම් ආමන්ත්‍රණය කළ පක්ෂ සහ ආගමික මත පදනම් වූ පක්ෂ ඇතුළු බහුවිධ ජනවාර්ගික පක්ෂ සමූහයක නැගීමට ද එය මග පෑදීය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1987 දී පිහිටුවනු ලැබුවේ මුස්ලිම් වාර්ශික පක්ෂයක් වශයෙනි. උඩරට වතුකරයේ දෙමළ ප්‍රජාවගේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කර ඇත. කඳුරට ජනතා පෙරමුණ ද බිහිවූයේ ඊට සමාන සන්දර්භයක් තුළ ය. සිංහල-බෞද්ධ මතවාදී පක්ෂ කිහිපයක් ද වර්තමානයේ දක්නට ලැබේ . ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය සහ අපේ ජනබල පක්ෂය ඒ සඳහා ජනප්‍රිය උදාහරණ වේ.
1980 දශකයේ දී, දෙමළ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නව දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් උතුරු හා නැගෙනහිර පළාත් ආශ්‍රිතව බිහි විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුලින් සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ සටන්කාමී කණ්ඩායම් ය. පසුව ඔවුන් පාර්ලිමේන්තු පක්ෂ බවට පත් විය. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) සහ ඊළාම් ජනතා විජ්ලවවාදී පෙරමුණ (EPRLF) උතුරු හා නැගෙනහිර පළාත්වලින් පාර්ලිමේන්තූව නියෝජනය කරන දෙමළ වාර්ගික පක්ෂ ලෙස ක්‍රියාකාරී වේ. අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය (AITC), තමිල් මක්කල් තේසිය කුට්ටනි (TMTK), ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), තමිල් මක්කල් විදුතලෙයි පුලිකල් (TMVP) සියුම් විෂමතා ආමන්ත්‍රණය කරන ජනවාර්ගික පක්ෂවලට වත්මන් උදාහරණ වේ. විශේෂයෙන්ම ජනවාර්ගික පක්ෂ ආණ්ඩුවේ පක්ෂ වීමට උත්සාහ කරන විට ඔවුන් අතර සභාග ඇති කර ගැනීමේ ප්‍රවණතාවක් පවතී. දෙමළ ජාතික සන්ධානය (TNA) සහ මුස්ලිම් ජාතික සන්ධානය (MNA) දේශපාලන ප්‍රමුඛතා සමූහයක් පොදුවේ බෙදා ගනිමින් නිර්මාණය වූ සන්ධාන පක්ෂ සඳහා උදාහරණ වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.