WordPress WooCommerce Themes

මිශ්‍ර ආණ්ඩුක්‍රම ආකෘතිය

මිශ්‍ර ආණ්ඩුක්‍රම ආකෘතිය

මෙම ප්‍රශ්නයෙන්‌ ආණ්ඩු ක්‍රම ආකෘතියක්‌ ලෙස මිශ්‍ර ආණ්ඩු ක්‍රමය පිළිබඳ සිසුන්ගේ අවබෝධය සහ එහි මූලික ලක්ෂණ පැහැදිලි කිරීමට ඔවුන්ගේ හැකියාව තක්සේරු කිරීම අරමුණු කරයි.

මිශ්‍ර ක්‍රමයක්‌ නොහොත්‌ දෙමුහුම්‌ ක්‍රමයක්‌ (Hybrid system of government) යනු ආණ්ඩු ක්‍රම ආකෘති දෙකක හෝ වැඩි ගණනක ලක්ෂණ ඒකාබද්ධ කරමින්‌ නිර්මාණය කරන ආණ්ඩු ක්‍රමයකි . සාමාන්‍යයෙන්‌ මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක්‌ ජනාධිපති සහ පාර්ලිමේන්තු ක්‍රමයේ ලක්ෂණ ඒකාබද්ධ කරයි. ජනාධිපති සහ පාර්ලිමේන්තු ආකෘතිවල ලක්ෂණ ඒකාබද්ධ කරන මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක්‌ ‘අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්’ ලෙස ද හැඳින්වේ. දේශපාලන විද්‍යා විමර්ශනයේදී, අර්ධ-ජනාධිපතික්‍රම පිළිබඳ සංකල්පය පළමුවෙන්‌ විග්‍රහ කරන ලද්දේ ප්‍රංශ දේශපාලන විද්‍යාඥ මොරිස්‌ ඩ්‍රවර්ජර්‌ (Maurice Duverger) විසිනි. ඔහු පැහැදිලි කළ පරිදි, අර්ධ ජනාධිපති පාලන තන්ත්‍රයක්‌ සංලක්ෂිත වූයේ “රාජ්‍ය නායකයා සර්වජන ඡන්ද බලයෙන්‌ සෘජුවම තේරී පත්‌ වීමෙන්‌ සහ සාමාන්‍ය පාර්ලිමේන්තු පාලන තන්ත්‍රයක්‌ තුළ රාජ්‍ය නායකයෙකුට හිමි බලයට වඩා විස්තෘත බලතල ඔහු සතුව තිබීමයි. කෙසේ වෙතත්‌, ඒ තුළ ආණ්ඩුව සමන්විත වන්නේ අගමැතිවරයා විසින්‌ පිහිටුවන කැබිනට්‌ මණ්ඩලයකින්‌ සහ පාර්ලිමේන්තුව විසින්‌ බලයෙන්‌ පහ කළ හැකි ඇමතිවරුන්‌ සමූහයකගෙනි. ඔහු පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව, අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ලක්ෂණයක්‌ ලෙස එක්‌ කළේය.

පැට්‍රික්‌ ඕ’නීල්‌ (Patrick O’Neil) ප්‍රකාශ කරන්නේ අර්ධ ජනාධිපති පාලනයක්‌ යනු විධායක බලය  ජනාධිපති සහ අගමැති අතර බෙදී ඇති නමුත්‌ ජනාධිපතිවරයාට විස්තෘත බලතල හිමි ආණ්ඩුක්‍රමයක්‌ බවයි.

ජීයෝවන්නි සාතෝරි (Giovanni Sartori) මිශ්‍ර ක්‍රමයක්‌ (අර්ධ-ජනාධිපති ක්‍රමයක්‌) පිලිබඳ වඩාත් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්‌ සපයයි. ඔහුට අනුව, පහත සඳහන්‌ මූලිකාංග හෝ ලක්ෂණ එකම ආණ්ඩුක්‍රමයක්‌ තුළ දක්නට ලැබේනම්‌ එය අර්ධ-ජනාධිපති ආණ්ඩුක්‍රමයක්‌ වේ.

රාජ්‍ය නායකයා (ජනාධිපති) ස්ථාවර ධුර කාලයක්‌ සඳහා මහජන ඡන්දයෙන්‌ තේරී පත්‌ වේ.

විධායකය තුළ ද්වීත්ච අධිකාරියක්‌ නිර්මාණය කරමින්‌ රාජ්‍ය නායකයා විධායක බලය අගමැතිවරයා සමඟ බෙදා ගනී.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන්‌ ස්වාධීන වන නමුත්‌ තනිව හෝ සෘජුව පාලනය කිරීමට ඔහුට අයිතියක්‌ නැත. එබැවින්‌ ඔහුගේ කැමැත්ත ඔහුගේ ආණ්ඩුව මගින්‌ ප්‍රකාශ කළ යුතුය.

අගමැති සහ ඔහුගේ කැබිනට්‌ මණ්ඩලය ජනාධිපතිගෙන්‌ ස්වාධීන වන අතර ඔවුහූ පාර්ලිමේන්තුව මත යැපෙති, ඒ තුළ ඔවුන්‌ පාර්ලිමේන්තු විශ්වාසය තහවුරු කිරීමට හෝ විශ්වාසභංගයට (හෝ දෙකටම) යටත්‌ වන අතර ඒ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු බහුතරයකගේ සහාය මත රඳා පවතී.

අර්ධ-ජනාධිපති ක්‍රමයෙහි පවතින ද්විත්ව විධායක ව්‍යුහය විධායකය තුළම වෙනස්‌ සමතුලිතතාවන්‌ සහ බලය අත්කරගැනීමේ ස්වභාවයෙහි වෙනස්වීම්‌ සඳහා ඉඩ සලසයි, සාමාන්‍යයෙන්‌, අර්ධ-ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ ලෙස පහත කාරණා තේරුම්‌ ගත හැකිය. පාර්ලිමේන්තුවෙන්‌ ස්වාධීන විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක්‌ සිටී. ජනාධිපතිවරයා සෘජුවම මහජන ඡන්දයෙන්‌ තේරී පත්‌ වේ. ජනාධිපතිවරයාට සැලකියයුතු විධායක බලයක්‌ ඇත (කිසිසේත්‌ චාරිත්‍රානුකූල බලතලවලට සීමා නොවේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්‌ යුත්‌ කැබිනට්‌ මණ්ඩලය විධායක බලයේ සමාන්තර මධ්‍යස්ථාන වේ.

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අගමැති වන අතර ඔහු/ඇය පාර්ලිමේන්තුවට වග කිව යුතුය

1958 දී ප්‍රංශයේ පස්වන සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටුවීමෙන්‌ පසු දෙමුහුන්‌ ක්‍රමයේ මූලික ලක්ෂණ දේශපාලන විද්‍යා විමර්ශනයේ කතිකාමය තලයට පැමිණියේය. ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 සහ 21 වැනි වගන්තිවල සඳහන්‌ වන්නේ ජනාධිපතිවරයා රාජ්‍යයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙකු වන අතර, අගමැති රජයේ ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති පිළිබඳව තීරණය කිරීමේ බලය හිමි තැනැත්තා වන බවය.

නැගෙනහිර යුරෝපයේ සහ පැරණි සෝවියට්‌ සමූහාණ්ඩුවට අයත්‌ රාජයන්හි වඩාත්‌ ජනප්‍රිය ආණ්ඩුක්‍රම ආකෘතිය ලෙස අර්ධ-ජනාධිපති ක්‍රමය ඉස්මතු වී ඇත. රොබට්‌ එල්ගී (Robert Elgie) රටවල්‌ 42ක්‌ අර්ධ-ජනාධිපති ක්‍රම සහිත ආණ්ඩුක්‍රම ලෙස ලැයිස්තුගත කර ඇත.

ඒ අතරට අප්‍රිකාවෙන්‌ ඇන්ගෝලාව, බෙනින්‌, ඝානාව සහ මාලි, ඇමෙරිකානු රාජ්‍ය ලෙස ඩොමිනිකන්‌ ජනරජය, ගයනාව සහ හයිටි, ආසියාවෙන්‌ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ දකුණු කොරියාව පැරණි සෝවියට්‌ සංගමයේ පාලන තන්ත්‍රවලින්‌ බල්ගේරියාව, පෝලන්තය සහ රුමේනියාව, නැගෙනහිර යුරෝපයෙන්‌, බෙලරුස්‌, සහ ලිතුවේනියාව සහ බටහිර යුරෝපයෙන්‌ ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, පෘතුගාලය සහ ප්‍රංශය ඇතුළත්‌ කර ඇත.

(කෙසේ වෙතත්‌, සමහර සිසුන්‌, අර්ධ-ජනාධිපති පාලන ක්‍රමයක උදාහරණයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ 1978 ක්‍රමයේ ලක්ෂණ පිළිබඳව පුළුල්‌ ලෙස විස්තර කළ හැකිය).

මිශ්‍ර ආණ්ඩු’ ක්‍රමයේ ශක්තීන්‌ සහ දුර්වලතා පිළිබඳ මිශ්‍ර කතිකාවන්‌ ගොඩ නැඟී තිබේ. එය ජනාධිපතිවරයාගේ අධිකාරය සම්බන්ධයෙන්‌ වඩාත්‌ ශක්තිමත්‌ සංචරණ සහ තුලන උපකරණ සපයන ක්‍රමයක්‌ ලෙස පිළිගෙන ඇත. කෙසේ වෙතත්‌, විශේෂයෙන්ම, වෙනස්‌ දේශපාලන පක්ෂවලින්‌ ජන්තධිපති  සහ අගමැති බලයට පත්‌ වූ අවස්ථාවල ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටුම්‌ බහුලව වාර්තා වීම ඒ පිලිබඳ ජනප්‍රිය විවේචනයක්‌ වශයෙන්‌ පවතී.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...