WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාව සහ SAARC (දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංගමය).

ශ්‍රී ලංකාව සහ SAARC (දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංගමය).

මෙම ප්‍රශ්නයෙන්‌ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංගමය පිළිබඳ ශිෂ්‍යයාගේ දැනුම, ප්‍රධාන කලාපීය බහුපාර්ශ්වික අන්තර්‌ රාජ්‍ය සංවිධානය ලෙස එහි වැදගත්කම සහ සාර්ක්‌ සංවිධාන පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය තක්සේරු කිරීමට අපේක්ෂා කෙරේ.

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (SAARC) යනු දකුණු ආසියාවේ කලාපීය බහුපාර්ශ්වික අන්තර්‌ රාජ්‍ය සංවිධානය සහ දකුණු ආසියා රාජ්‍යවල භූ දේශපාලන සංගමයයි. සංවිධානයේ ප්‍රධාන අරමුණු වන්නේ සාමාජික රටවල්‌ අතර ආර්ථික, සහ සමාජ සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්‌ අතර අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීමයි. 1985 දෙසැම්බර්‌ 8 වන දින බංග්ලාදේශයේ ඩකා හිදී සාර්ක්‌ ප්‍රඥප්තියට අත්සන්‌ කිරීමෙන්‌ සම්මුතිගත වීමත්‌ සමඟ SAARC පිහිටුවා ගැනිණ. එය දැනට සාමාජික රටවල්‌ අටකින්‌ සමන්විත වේ (ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව).

සංගමයේ ලේකම්‌ කාර්යාලය 1987 ජනවාරි 17 වන දින නේපාලයේ කත්මණ්ඩු හි පිහිටුවන ලදී.

SAARC හි ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව කලාපීය සංවිධානය පිහිටුවීමේදී ක්‍රියාකාරි භූමිකාවක්‌ ඉටු කළේය. දකුණු ආසියාතික රටවල්‌ අතර සහයෝගීතාව පිළිබඳ අදහස සම්මන්ත්‍රණ තුනකදී සාකච්ඡා කෙරිණි. ඒවා නම්‌; 1947 අප්‍රේල්‌ මාසයේදී නවදිල්ලියේ පැවති ආසියානු සබඳතා සමුළුව; 1950 මැයි මාසයේදී පිලිපීනයේ බහුවෝ සමුළුව සහ 1954 අප්‍රේල්‌ මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති කොළඹ බලවතුන්ගේ සමුළුවයි (Asian Relations Conference held in New Delhi in April 1947; the Baguio Conference in the Philippines in May 1950, and the Colombo Powers Conference held in Sri Lanka in April 1954).

ශ්‍රී ලංකාව 1981 අප්‍රේල්‌ මාසයේදී සාර්ක්‌ සඳහා ප්‍රථම නිල රැස්වීමට සත්කාරකත්වය දැක්වීය. බංගලාදේශය දකුණු ආසියාව සඳහා කලාපීය සංවිධානයක්‌ යෝජනා කළ විට ශ්‍රී ලංකාව එම යෝජනාව කඩිනමින්‌ අනුමත කළ රාජ්‍ය කිහිපය අතුරින්‌ එකක්‌ විය. කලාපීය සහයෝගීතාවය සඳහා වන පුළුල්‌ ක්ෂේත්‍ර හඳුනාගෙන, 1981 සැප්තැම්බර්‌ මාසයේදී සාර්ක්‌ සංවිධානය ව්‍යුහගත කිරීම සඳහා පැවති දෙවන රැස්වීමේ සත්කාරක රාජ්‍යය වූයේ ද ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව 1991 දී 6 වැනි සාර්ක්‌ සමුළුවට, 1998 දී 10 වැනි සමුළුවට සහ 2006 දී 15 වැනි සමුළුවට  සත්කාරකත්වය සැපයීය. 1991 සහ 2006 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (SAFG හෝ SAF ක්‍රීඩා) සත්කාරක රට වූයේ ද ශ්‍රී ලංකාවයි.

දකුණු ආසියාවේ සුවිශේෂී සහ අවේණික කලා ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ක්‌ සංස්කෘතික මධ්‍යස්ථානයක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත්‌ විය. ඒ අනුව එය 2009 වසරේ කොළඹ දී පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව ද දකුණු ආසියානු නිදහස්‌ වෙළඳ ප්‍රදේශයේ (SAFTA) සහ දකුණු ආසියානු වරණාත්මක වෙළඳ ගිවිසුමේ (SAPTA) සාමාජිකයෙකි. තීරුබදු සහන හුවමාරු කර ගැනීම හරහා සාර්ක්‌ කලාපය තුළ අන්‍යෝන්‍ය වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ පවත්වා ගැනීමට සාමාජික රටවලට ඇති අභිලාශය SAPTA මගින්‌ පිළිබිඹු වේ. 1991 දෙසැම්බර්‌ මස කොළඹදී පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ හයවැනි සමුළුවේදී සාර්ක්‌ රටවල්‌ අතර වෙළෙඳාම ලිබරල්කරණය කිරීමේ අදහස ප්‍රථමයෙන්‌ මතු කළේ ශ්‍රී ලංකාවයි. කෙසේ වෙතත්‌, SAPTA යටතේ ශ්‍රී ලංකාවේ අපනයන පරිමාව මෙතෙක්‌ සතුටුදායක මට්ටමකට පැමිණ නැත.

දකුණු ආසියානු නිදහස්‌ වෙළඳ ප්‍රදේශය පිළිබඳ ගිවිසුම (SAFTA) වරණාත්මක ගිවිසුමෙන්‌ පසුව වරණිය වෙළඳාම ප්‍රවර්ධනය කිරීම තුළින්‌ කලාපීය ආර්ථික ඒකාබද්ධතාව තවදුරටත්‌ වැඩිදියුණු කිරීම අරමුණු කරයි. කෙසේවෙතත්‌ SAFTA යටතේ ශ්‍රී ලංකාවේ අපනයන කටයුතු කෘෂිකාර්මික සහ ප්‍රාථමික නිෂ්පාදන කිහිපයකට සීමා වී ඇත.

SAARCහි වැදගත්‌ බහුපාර්ශ්චික වෙළඳ ගිවිසුම්‌ වලින්‌ උපරිම අවස්ථා ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැපවිය යුතුය. ඉන්දියාව හෝ පකිස්ථානය සමඟ භෞමික දේශසීමාව බෙදා නොගන්නා සාමාජිකයෙකු ලෙස, SAARC හි සඵලතාව ප්‍රතිසංස්කරණය කිරීමේදී ශ්‍රී ලංකාවට වැදගත්‌ කාර්යභාරයක්‌ ඉටු කළ හැකි බව පුළුල්‌ ලෙස ප්‍රකාශ වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...