ගැටුම් නිරාකරණය
ගැටුම් නිරාකරණය කිටීමේ ක්‍රියාවලිය සහ ගැටුම් නිරාකරණය කිරීමේ මාධ්‍යයන් විස්තර කිරීමේ හැකියාවපිළිබඳ ශිෂ්‍යයාගේ අවබෝධය තක්සේරු කිරීමට මෙම ප්‍රශ්නය අපේක්ෂා කරයි.
ගැටුම් සහ ගැටුම් නිරාකරණය අධ්‍යයනය කිරීම දේශපාලන විද්‍යාවේ විෂය පථය තුළ සාපේක්ෂව නවක්ෂේත්‍රයක් ලෙසින් හඳුනා ගැනේ. එය දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රයේ අනන්‍ය කොටසක් බවට පත්වන්නේ 1980 ගණන්වල මුල් භාගය තරම් මෑතක ය. විශේෂයෙන් පශ්චාත් නිරවි සංග්‍රාම අවධියේදී ලෝක පරිමාණ ව රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් (Inter-state conflicts) බහුල වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ජනප්‍රිය අධ්‍යයන සම්ප්‍රදායයක් ලෙස වර්ධනය වූයේය.
ගැටුම් නිරාකරණය දීර්ඝ ක්‍රියාවලියකි. ගැටුමක් සම්පූර්ණයෙන් විසඳා ගැනීම අපහසු වුවද, ගැටුමේ අහිතකර ස්වභාවය වඩාත් ධනාත්මක අවධියකට පරිවර්තනය කළ හැකිය. ඒ අර්ථයෙන් ගැටුමක් සබැඳිව කටයුතු කිරීම සඳහා විධි ක්‍රම කිහිපයක් ප්‍රවර්ධනය කෙරේ. එම උපාය මාර්ග, පූර්ව අනතුරු ඇඟවීම්, ගැටුම් වැළැක්වීම, ගැටුම් කළමනාකරණය, ගැටුම් පරිවර්තනය, පශ්චාත් ගැටුම් අවධිය තුළ සාමය ගොඩනැගීම, සහ ගැටුම් නිරාකරණය, වශයෙන් හැඳින්විය හැකි වන්නේය.
ගැටුම් පූර්ව අනතුරු ඇඟවීමේ ප්‍රධාන අදහස නම්, විය හැකි ගැටුම් පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා මගින් හඳුනාගත හැකි බවත්, හැකි ඉක්මනින් ඒවාට ආමන්ත්‍රණය කිරීම ගැටුම් සමඟ ගනුදෙනු කිරීමේ සාධනීය ක්‍රමයක් බවත් ය. ගැටුමේ සංඥා, එය සිදුවිය හැකි ස්ථාන සහ ගැටුමේ පාර්ශ්චකරුවන් හඳුනා ගැනීමෙන් පසු, වැළැක්වීමේ ක්‍රම ක්‍රියාත්මක කළ හැකිය.
ගැටුම් වැලැක්වීම යනු ගැටුමට හේතු, ගැටුම් ස්ථාන සහ පාර්ශවයන් හඳුනා ගැනීම සහ ගැටුම් ඇතිවීමේ මුල් අවධියේදී ඒවා විසඳීමට පියවර ගැනීමයි. සරළ වැළැක්වීම යනු ගැටුම් ප්‍රචණ්ඩත්වය කරා එළැඹීම වැළැක්වීමයි. ගැඹුරු වැළැක්වීම යනු ගැටුමේ මූල හේතු සොයා ගැනීම සහ එය උත්සන්න වීම වැළැක්වීමයි.
ගැටුම් කළමනාකරණය ගැටුමේ තීච්‍රතාව සීමා කරන අතර එය ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට ඇතුළු වීම වළක්වයි.
ගැටුම් පරිවර්තනය යනු ගැටුමේ ව්‍යුහයන්, ගතිකතා සහ මූල හේතු වෙනතකට යොමු කිරීම මගින් ගැටුම විසඳීමට පහසු අදියරකට පරිවර්තනය කිරීමයි. සාර්ථක ගැටුම් පරිවර්තනයක් සඳහා ගැටුමේ පාර්ශ්ව, ගැටුමට තුඩු දෙන හේතු, ගැටුම විසින් සාක්ෂාත් කිරීමට අපේක්ෂා කරන අරමුණු සහ පාර්ශ්වකරුවන් තුළ පවතින විඝටන වෙනස් කිරීමක් අවශ්‍ය චේ.
සාම ගිවිසුමක් හෝ ගැටුමේ සන්නද්ධ ස්වරූපය අවසන් කිරිම ගැටුම විසඳීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසි පමණක් සපයනු ඇත. පශ්චාත්-ගැටුම් අවධිය තුළ සාමය ගොඩනැගීමේ අරමුණ නිරාකරණ ක්‍රියාවලියෙන් පසු නැවත නැවත ගැටුම් ඇතිවීම වැලැක්වීමයි.
ගැටුම් නිරාකරණය සඳහා බහුලව භාවිත වන විධි ක්‍රම හතරක් ඇත.
සහමන්ත්‍රණය යනු ගැටුමකට සම්බන්ධ පාර්ශ්වයන් එය විසඳීම සඳහා යොදා ගන්නා සාකච්ඡා ක්‍රියාවලියකි. ගැටුමේ පාර්ශවයන් සාකච්ඡා ක්‍රියාවලියක දී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ හෝ හවුල් කොන්දේසිවලට පැමිණීමට උත්සාහ කරයි.
මැදිහත්කරණය යනු ගැටුමේ පාර්ශවවලට සංවේදී කාරණා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි සම්මුතියකට පැමිණීමට උපකාර කිරීම සඳහා ගැටුම තුළට තෙවන පාර්ශ්වයක මැදිහත්වීමකි.
සාර්ථක සහමන්ත්‍රණයකින් සහ/හෝ මැදිහත්කරණයකින් පසුව, ගැටුම්කාරී පාර්ශ්වයන්ට සාම ගිවිසුමකට එකඟ විය හැකිය.
සාමය ගොඩනැගීම යනු පුනරාවර්තන ගැටුම් වැලැක්වීම හා ගැටුම් සඳහා කාරක වූ මූලයන් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් දිගුකාලීන ක්‍රියාවලියකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.