WordPress WooCommerce Themes

ස්විට්සර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව හා කැන්ටන අතර සම්බන්ධතාවය

ස්විට්සර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව හා කැන්ටන අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න.

ප්‍රශ්නයෙන්‌ අරමුණු කරන්නේ ශිෂ්‍යයා / අපේක්ෂකයා සතු ස්විට්සර්ලන්ත මධ්‍යම ආණ්ඩුව හා කැන්ටන  අතර සම්බන්ධතාව පැහැදිලි කිරීමට ඇති හැකියාව මැන බැලීමය.

මෙම පිළිතුරේ දී අපේක්ෂකයා ස්විට්සර්ලන්ත ෆෙඩරල්‌ ක්‍රමය විස්තර කරන හැඳින්වීමක්‌ ලිවිය හැකිය.

අන්තර්ගතය –

ස්ව්ට්සර්ලන්ත සන්ධීය ක්‍රමය ලොව පවත්නා සම්භාව්‍ය සන්ධිය ක්‍රමවලින්‌ එකකි. එය බලය මධ්‍යගත නොවීම පිළිබඳ සිද්ධියක්‌ ලෙස සලකනු ලැබේ.

ස්විට්සර්ලන්තයේ ඉතිහාසය සමාජ හා දේශපාලන ජන විද්‍යාව එය අසහාය සිද්ධියක්‌ බවට පත්‌ කර ඇත.

එය ආරම්භ කරනු ලැබුවේ 1848 දී ය. ඒ අවස්ථාවේ දී කැන්ටන ස්වකීය රාජ්‍යත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දේශපාලන ස්වායත්ත බවින්‌ වැඩි කොටසක්‌ සිය සන්තකයේ ම තබා ගැනීම තෝරා ගත්තේය. ඔවුන්‌ කළ තෝරාගැනීම තුළින්‌ සන්ධීය ආණ්ඩුවට (මධ්‍යම ආණ්ඩුවට) බලතල කිහිපයක්‌ පමණක්‌ පවරාදීම තීරණය කළ අතර මධ්‍යම ආණ්ඩුවේ අධිකාරී ආයතනවලට තීන්දුගැනීමේ ක්‍රියාවලියට අදාළ වැදගත්‌ අයිතිවාසිකම්‌ තමන්‌ සතුව රඳවා ගත්තේය. තවද, මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ බලතල ද තමන්‌ සතුව තබාගත්තේය.

ස්ව්ට්සර්ලන්ත ආණ්ඩුක්‍රමයේ මධ්‍යම ආණ්ඩුවත්‌ කැන්ටන අතර බලතල බෙදීම අදටත්‌ සිදුකරනු ලබන්නේ ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය මඟිනි. එහි ඇතුළත්‌ සාමාන්‍ය ඌනපූරකත්වය පිළිබඳ විධිවිධානය මඟින්‌

ප්‍රකාශිතවම මධ්‍යම රාජ්‍යයට පවරා දී නොමැති සියළු කටයුතු කැන්ටන සතුව තබාගනියි.

ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු ක්‍රමය මධ්‍යම ආණ්ඩුවේ කටයුතුවලට සාමාජික හෙවත්‌ කොටස්කාර රාජ්‍යයන්ට නියෝජන යාන්ත්‍රණයක්‌ බිහිකර තිබේ.

ස්විට්සර්ලන්ත සම්ප්‍රදාය ඇමෙරිකානු සම්ප්‍රදාය යම්‌ කාරණා මගින්‌ සමාන්තර වේ. එනම්‌, ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකකින්‌ සැදි ද්විමාණ්ඩලිකවාදයක්‌ සහිතය. එහිදී ජාතික මණ්ඩලය සමස්ත ජනතාව නියෝජනය කරන අතර කැන්ටන කවුන්සිලය සාමාජික රාජ්‍ය නියෝජනය කරයි. මණ්ඩල දෙකටම සමාන බලතල ඇති අතර සියළු ගැටලු මණ්ඩල දෙකේදී ම සාකච්ඡා කරනු ලැබේ.

මණ්ඩල දෙකේදී ම බහුතරයකින්‌ අනුමත වන්නේ නම්‌ ෆෙඩරල්‌ නීති වලංගු වේ. සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාපටිපාටියට අදාළ වන ද්විත්ව බහුතරය යන මූලධර්මය ක්‍රියාත්මක වේ. ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට අදාළ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය ෆෙඩරල්‌ ආණ්ඩුවේ යෝජනාවක්‌ වශයෙන්‌ හෝ ජනතා ප්‍රාරම්භයක්‌ නිසා සිදුවිය හැකිය. ඒවා අනිවාර්ය ජනතා ඡන්දයකින්‌ අනුමතවීමට යටත්‌ ය.

යම්‌ නීතියක්‌ අනුමත වීමට නම්‌ ජනතාවගෙන්‌ බහුතරයකගෙන්‌ හා කැන්ටන බහුතරයක අනුමැතිය ලැබිය යුතුය. සන්ධීය ආණ්ඩුවේ තීරණ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුළ සුවිශේෂ ස්ථානයක්‌ කැන්ටනවලට ලබා දී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිමත්‌ අංගෝපාංගවල මෙන්ම සන්ධිය ආණ්ඩුවේ නීති සම්පාදනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යන අවධි දෙකේදී ම සිදුවේ. ඒ පූර්ව පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළදී ය.

මධ්‍යම ආණ්ඩුව කැන්ටන 26 ක්‌ හා කොමියුන 3000 ක්‌ ඇතුළත්‌ වූ බහු-තල ආණ්ඩුකරන ක්‍රියාවලියන්‌ තුළ තීන්දු ගැනීම හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදුවේ.

19 වන ශතවර්ෂයේ ස්විට්සර්ලන්ත ෆෙඩරල්වාදයේ ආරම්භක අදහස වූ සිරස්‌ බලතල බෙදීම යන අදහස වියැකී යෑමට මෙම සමූපකාරවාදී ෆෙඩරල්‌ ජාලය හේතු වී ඇත.

ඓතිහාසික පර්යාවලෝකනයකින්‌ ස්විට්සලන්ත ෆෙඩරල්‌ ක්‍රමය දෙස බැලුවහොත්‌ එය රැඩිකල්‌ ප්‍රොතෙස්තන්ත්‍ර බහුතරය හා ගතානුගතිකවාදී සුළුතරය අතර ඇති වූ දේශපාලන සම්මුතියකි- රැඩිකල්‌ බහුතරයට ශක්තිමත්‌ ජාතික ආණ්ඩුවක්‌ අවශ්‍ය වූ අතර ගතානුගතික සුළුතරය කැන්ටන ස්වාධිපත්‍ය අතහැරීමට අකමැති වූහ. තවද ප්‍රංශ, ඉතාලි හා රෝමෑනිෂ්‌ යන භාෂා කතා කරන සුළුතරය ජර්මන්‌ කතා කරන බහුතරයෙන්‌ ආරක්ෂා කිරීමට ෆෙඩරල්වාදය හේතු වී ඇත.

පසුගිය දශකවලදී ආණ්ඩුවේ වගකීම්‌ වැඩි වී ඇති නමුත්‌ මධ්‍යම ආණ්ඩුව පාලනය කරනු ලබන්නේ පෙදු ආදායමෙන්‌ හා වියදමෙන්‌ තුනෙන්‌ එකක්‌ පමණි. ඊට වෙනස්ව යමින්‌ කැන්ටන හා කොමියුන මූල්‍ය හා කාර්ය මණ්ඩල සම්පත්වලින්‌ තුනෙන්‌ දෙකක්‌ හසුරුවනු ලබන අතර ප්‍රතිපත්ති වැඩසටහන්‌ විශාල ප්‍රමාණයක ප්‍රධාන වගකිවයුතු කාර්යධරයා වේ. තවද, ඔවුහු මධ්‍යම ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේදී කැපීපෙනෙන කාර්යභාරයක්‌ ඉටු කරයි.

කැන්ටනයකින්‌ මධ්‍යම ආණ්ඩුවට යම්‌ බලයක්‌ පවරා දෙන හැම අවස්ථාවකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන්‌ අවශ්‍ය වන අතර ජනමත චිචාරයකට ද ලක්‌ කළ යුතුය.

ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ හා සන්ධීය බලපෑම යන දෙකෙහි ම සමාන වැදගත්කමක්‌ නිරූපණය කරයි. මේ අනුව පෙනී යන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම යන දෙයදියරේදී ම කැන්ටන බලවත්‌ බවය.

ස්විට්සර්ලන්ත තීන්දු නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ එනම්‌ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පූර්ව පාර්ලිමේන්තු සහභාගීත්වය හා අදහස්‌ විමසීම යන ක්‍රියාවලියට දැඩි ලෙස බැඳී පවතී.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...