ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න.
මෙම ප්‍රශ්නයේ පරමාර්ථය වන්නේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුවේ ප්‍රධාන ආයතන දෙක වන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාවය පිළිබඳ අපේක්ෂකයාගේ දැනුම තක්සේරු කිරීමයි.
මෙහිදී වත්මන් ව්‍යවස්ථාවට කරන ලද ප්‍රධාන ව්‍යවස්ථාමය සංශෝධන ද මත පදනම්ව ආයතන දෙක අතර සම්බන්ධතාවයේ වෙනස්වන ස්වභාවය පිළිබඳ අපේක්ෂකයාගේ අවබෝධය තක්සේරු කිරීමට උත්සාහ කරයි.
මෙම ප්‍රශ්නයට පිළිතුර පහත පරිදි සංවිධානය කර ගත හැකිවේ.
අන්තර්ගතය-
1972 පළමු ජනරජ ව්‍යවස්ථාව විවිධ පාර්ශවයන්ගෙන් විවේචනවලට ලක්වූ විශේෂාංග සහිත වූ අතර ශුද්ධ පාර්ලිමේන්තු ක්‍රමයක් නොවීය. විධායක සහ ව්‍යවස්ථාදායක බලතල එක්ව නිර්මාණය කළ ජාතික රාජ්‍ය සභාවේ කාර්යභාරය පිළිබඳව ප්‍රධාන වශයෙන් විවේචන එල්ල විය.
ඊට විකල්පව, දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) යටතේ හඳුන්වා දුන් විධායකය ජනාධිපති සහ කැබිනට් ආණ්ඩු ආකාර දෙකෙහිම අංගවල සම්මිශ්‍රණයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ද්විත්ව විධායකයක ස්වරූපයක් අත්පත් කරගත් ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වී ඇත.
ඒ අනුව දේශපාලන විධායකය සමන්විත වන්නේ වෙනම මැතිවරණයකින් ජනතාව විසින් සෘජුවම තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයෙකුගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතර කැමැත්ත දිනා ගන්නා පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් තෝරා ගත් අගමැතිවරයෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකිනි.
දේශපාලන විධායකයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා මිස අගමැතිවරයා නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික විධිවිධානවලට අනුව සමස්ථ දිවයිනම තනි ඡන්ද කොට්ඨාසයක් ලෙස ගෙන ජනාධිපතිවරයා වසර හයක කාලයක් සඳහා තෝරා පත් කර ගනු ලැබේ. එහෙත්,19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5කට සීමා කෙරිණි. මුලදී, ජනාධිපති ධුර කාලය වාර දෙකකට සීමා වූ අතර, ඒ සෑම එකක්ම වසර හයක කාලයක් දක්වා දීර්ඝ විය. මෙම වාර සීමාව 2010 දී 18 වැනි සංශෝධනය යටතේ ඉවත් කර, 2015 දී 11 වැනි සංශෝධනය යටතේ නැවත ගෙන එන ලදී.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහ මහජන ආරක්ෂාවට අදාළව දැනට පවතින නීතිය ඇතුළු ඕනෑම ලිඛිත නීතියක් යටතේ තමාගේ බලතල, යුතුකම් සහ කාර්යයන් නිසි ලෙස කියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය.
පාර්ලිමේන්තුව-
1978 ආණ්ඩුක්‍රම වාවස්ථාව යටතේ වාවස්ථාදායකය ‘පාර්ලිමේන්තුව’ ලෙස නම් කර ඇත. එය මන්ත්‍රීවරුන් 225 කින් සමන්විත ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකයකි. ආරම්භයේදී, පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයක් වූ අතර එය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමය යටතේ පාර්ලිමේන්තු සාමාන්‍ය ධූර කාලයෙන් වසරක වැඩිවීමකි. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ කාලය වසර පහකට සීමා කොට ඇත.
1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධය පහත සඳහන් සන්දර්භයන් යටතේ විස්තර කළ හැකිය.
කෙසේ වෙතත්, විශේෂයෙන්ම මෑතකදී සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එකිනෙකාට බලපෑම් කිරීමේදී (විශේෂයෙන් ඔවුන්ට පවරා ඇති බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී) ඇති සීමාවන් කෙටියෙන් විස්තර කිරීමට අපේක්ෂකයාට හැකි විය යුතුය.
ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර සබඳතාවයේ අර්බුද සනිටුහන් කිරීම සඳහා මෑතකාලීන අත්දැකීම් කිහිපයක්ද ඉදිරිපත් කිරීමට අපේක්ෂකයාට හැකියාව තිබිය යුතුය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.