ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔම්බුඩ්ස්මන්වරයා (පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා) සතු බලතල සහ කාර්යයන් කෙටියෙන් සඳහන් කරන්න.
මෙම ප්‍රශ්නයේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ ඔම්බුඩ්ස්මන්වරයාගේ බලතල සහ ප්‍රධාන කාර්යයන් කෙටියෙන් ප්‍රකාශ කිරීමට අපේක්ෂකයාගේ හැකියාව තක්සේරු කිරීමයි.
ඔම්බුඩ්ස්මන් ආයතනය හඳුන්වාදීමේ අරමුණ වූයේ පුරවැසියාගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නෙකු සහ ආරක්ෂකයෙකු නිර්මාණය කිරීමයි. රාජ්‍ය පරිපාලනය තුළ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ දී ඔම්බුඩ්ස්මන්වරයා ඉටු කරන කාර්යභාරය ද පුරෝකථනය කළ අපේක්ෂාවකි.
පරිපාලන ක්‍රියාකාරකම්වල අධීක්ෂකවරයා ලෙස ඔම්බුඩ්ස්මන් ආයතනයේ මූලික කර්තව්‍යයන් බොහෝ විට මානව හිමිකම් උපනතියකින් සමන්විත වේ. ඒ පරිපාලනයේ දුර්වලතා විසින් අතවශ්‍ය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබිය හැකි බැවිනි.
රජු, ඔහුගේ කාර්යාලය සහ අධිකරණය අධීක්ෂණය කිරීම සඳහා ඔම්බුඩ්ස්මන් තනතුර මුලින්ම හඳුන්වා දුන් රට ස්වීඩනයයි. ඒ 1809 දීය. පසුව, මෙම තනතුර රටක රාජ්‍ය පරිපාලනය පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස හඳුනාගෙන ලොව පුරා රාජ්‍යයන් හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධ ප්‍රතිපාදන ජාතික නීති පද්ධතිවලට ඇතුළත් කර ඇත.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වැනි ව්‍යවස්ථාව මගින් ඔම්බුඩ්ස්මන් තනතුර ශ්‍රී ලංකාව තුළ මූලික අයිතිවාසිකම් සුරැකීමේ යාන්ත්‍රණයක් ලෙස හඳුන්වා දෙන ලදී. 1981 අංක 17 දරන පරිපාලනය සඳහා වූ
පාර්ලිමේන්තු කොමසාරිස් පනත මගින් ඔම්බුඩ්ස්මන් තනතුර පිහිටුවා එහි බලතල, යුතුකම් සහ කාර්යයන් නිර්චචනය කළේය. ඉන් අනතුරුව, 1994 අංක 26 දරන පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (සංශෝධන) පනත විසින් මුල් පනතේ 10 වැනි වගන්තිය සංශෝධනය කරන ලදී.
ඔම්බුඩ්ස්මන්වරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු අතර, යහපත් කල්ක්‍රියාවක් සහිතව, නියමිත කාලය තුළ ඔහු ධූරය දැරිය යුතුය.
ඔම්බුඩ්ස්මන්වරයාගේ බලතල සහ කාර්යයන්:
ඔම්බුඩ්ස්මන්වරයාගේ බලතල සහ කාර්යයන් පහත ආකාරයට සාරාංශගත කළ හැකිය.
බලතල-
1994 අංක 26 දරන පනත මගින් හා සංශෝධිත 1981 අංක 17 දරන පනත මගින් පැවරී ඇති බලතල අනුව, පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන් ගේ ප්‍රධාන කාර්යය වන්නේ, රාජ්‍ය නිලධාරියකු, පළාත් සභාවල නිලධාරියකු හෝ රාජ්‍ය සංස්ථා නිලධාරියකුගේ හෝ වෙනත් ඒ හා සමාන ආයතනයක ක්‍රියාවක් මඟින් මූලික අයිතිවාසිකම් හෝ ආසන්නයේ සිදුවෙමින් පවතින හෝ සිදුවීමට ඉඩ ඇති වෙනත් සමාන අසාධාරණයන්, අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු පරීක්ෂණ පවත්වා සාධාරණ නිර්දේශ ඉදිරිපත් කිරීමයි.
කාර්යයන්-
සාමාන්‍ය මහජනතාව විසින් ඔම්බුඩ්ස්මන්වරයා වෙත සෘජුවම යොමු කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම, රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, පළාත් සභා හෝ වෙනත් ආයතනවල නිලධාරීන් විසින් සිදු කරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හෝ ඒ හා සමාන අසාධාරණයන් මුලිනුපුටා දැමීමේ අදහසින්, වැරදි පරිපාලන තීරණ ආපසු හැරවීමට ඉල්ලීම්, යෝජනා කිරීම සහ/හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම.
ඔම්බුඩ්ස්මන්වරයා විසින් පෙර ඡේදයේ සඳහන් පරිදි අයිතිවාසිකම් කඩවීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට අනාවරණය කළ විට, අදාළ කරුණු විමර්ශනය කර, පසුව සිදු වූ අසාධාරණයන් සමනය කරනු පිණිස තීරණවලට එළැඹේ.
එබැවින් මෙම ආයතනයේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ අයිතිවාසිකම් කඩ වූ පුද්ගලයන්ට සහන සලසන අතරම රටේ නීති සහ ඒ යටතේ ඇති කරන ලද නීති රීතිවලට අනුකූලව ශ්‍රී ලංකාවේ පරිපාලන යාන්ත්‍රණය නිවැරදි මාවතකට යොමු කිරීමයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.