WordPress WooCommerce Themes

1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ව්‍යවස්ථාදායකය සතු බලතල සන්සන්දනය

1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ව්‍යවස්ථාදායකය සතු බලතල සන්සන්දනය කරන්න.

අභිමතාර්ථ :

මෙම ප්‍රශ්නයෙන් අපේක්‍ෂා කරන්නේ 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ව්‍යවස්ථාදායකට හිමි වූ බලය සංසන්දනාත්මකව අවබෝධ කර ගැනීමට අපේක්‍ෂකයාට ඇති දැනුම ඇගයීමය. අපේක්‍ෂකයාගේ තුලනාත්මක විශ්ලේෂණ හැකියාව ප්‍රදර්ශනයවීම ද මෙමඟින් අපේක්‍ෂා  ‌වෙයි. එමනිසා, ව්‍යවස්ථා දෙක යටතේ ව්‍යවස්ථාදායකයට හිමි වූ බලය ලැයිස්තුගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

හැඳින්වීම :

නිදසුනක් ලෙස හැඳීන්වීමේ ඡේදයේ දී ව්‍යවස්ථාවන් දෙකම ව්‍යවස්ථාදායකයේ බලය පිලිබඳ ප්‍රවේශ දෙකක් අනුසාරයෙන් රාමුගත කළ බව දැක්විය හැක. 1972 ව්‍යස්ථාව යටතේ ජනතාවගේ ස්වාධිපත්‍යය පිළිබඳ ප්‍රධානතම ආයතනය වූයේ ජාතික රාජ්‍ය සභාවයි. එහෙත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවගේ ස්වාධිපත්‍යය අභ්‍යාස කරන ආයතන අතුරින් පාර්ලිමේන්තුව එකක් පමණක් විය. එමනිසා මෙම ව්‍යවස්ථා දෙක තුළින් ව්‍යවස්ථාදායකයේ බලය සඳහා ප්‍රවේශ වූ ආකාරය අතර වැදගත් වෙනස්කමක් තිබේ.

  1. ව්‍යවස්ථා දෙකම සතුව පූර්ණ ව්‍යවස්ථාදායක බලය ඇත. එහෙත් 1978 ව්‍යස්ථාව ජනාධිපති ව්‍යවස්ථාවක් නිසා ජනාධිපතිවරයා ද සතුව ජනමතවිචාරණයක් තුළින් ක්‍රියාත්මකවන ව්‍යවස්ථාදායක බලයක් තිබේ. එමෙන්ම 1978 ව්‍යවස්ථාදායකය, විධායකයට වඩා ද්වීතීයකය. ජනාධිපතිවරයාගේ බලය සහ තත්ත්වය, ව්‍යවස්ථාදායකයට වඩා ඉහළය. ජනමතවිචාරණය පිලිබඳ වගන්තියක් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල නොමැති විය.
  2. 1972 ව්‍යවස්ථාව විසින් ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථා සම්පාදන බලය උත්තරීතර බවට පත් කෙරිණ. ව්‍යවස්ථා සම්පාදනයේ දී අධිකරණ විමර්ශණ බලය පැහැදිලිවම ඉවත් කරනු ලැබිණ. 1978 ව්‍යවස්ථාව මෙම මූලධර්මය මඳ වශයෙන් වෙනස් කරමින් පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමට පෙර කෙටුම්පත් අවස්ථාවේ නීති අධිකරණ විමර්ශණයට යොමු කිරීමට අවසරය ලබා දී තිබේ.
  3. ව්‍යවස්ථා දෙකටම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේත්, අහෝසි කිරීමේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලය තිබේ. එහෙත්, ව්‍යවස්ථා දෙකෙහිම එම බලයට සීමාවක් තිබිණ. එය නම් නව ව්‍යවස්ථාවක් පණවන්නේ නොමැතිව පවතින ව්‍යවස්ථාවක් අහෝසි කළ නොහැකි වීමයි. මේ අතර, 1978 ව්‍යවස්ථාවේ, 1972 ව්‍යවස්ථාවේ නොතිබුණ අංගයක් තිබිණ. ඒ අනුව ව්‍යවස්ථාවේ 1,2,3 වගන්ති ඇතුලු වගන්ති 10 ක් සංශෝධනය හෝ අවලංගු කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අනුමැතිය සමග ජනමත විචාරණයකින් මහජන අනුමැතිය ද අවශ්‍ය වේ.
  4. ව්‍යවස්ථාදායකයන් දෙකටම ආණ්ඩුවේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලය තිබේ.
  5. 1972 දී හඳුන්වා දෙන ලද මෙම මූලධර්මය 1978S ව්‍යවස්ථාදායකයන් දෙකටම පොදු තවත් ලක්‍ෂණයක් වූයේ, ඒවා විසින් පණවන ලද නීති අධිකරණ විමර්ශනයට භාජනය කිරීමට ඉඩ නොතිබීමයි. ද ඉදිරියට ගෙනයනු ලැබිණ.

නිගමනය :

1972 සහ 1978 ව්‍යවස්ථාදායකයන් දෙක අතර සමානකම් ද වෙනස්කම් ද තිබුණු අතර, එම වෙනස්කම්වලට පදනම් වූයේ ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් තිබු ප්‍රවේශ දෙකේ වෙනසයි. 1972 ව්‍යවස්ථාව විසින් ඇතිකරණ ලද ආණ්ඩු ක්‍රමය ජාතික රාජ්‍ය සභාව කේන්ද්‍රකරගත් අතර, 1978 ආණ්ඩුක්‍රමය විධායකය කේන්ද්‍රකරගත් එකක් විය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...