WordPress WooCommerce Themes

1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට බලපෑ හේතු සාධක

1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට බලපෑ හේතු සාධක කවරේදැයි විමසන්න.

අභිමතාර්ථය :

1972 ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම සිදු වූ සංදර්භය සහ ඒ සඳහා බලපෑ හේතු පිළිබඳව අපේක්‍ෂකයා සතු දැනුම ඇගයීම, මෙම ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වේ.

හැඳින්වීම :

පළමු ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීමට පසුබිම් වූ පළල් දේශපාලන සංදර්භය හැඳින්වීම තුළ මුලින් සඳහන් කිරීමට පුළුවන. නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවට සම්පූර්ණ නිදහස ප්‍රදානය නොකිරීම නිසා සෝල්බරි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවතියේ අතෘප්තියකි. එබැවින්, දේශපාලන නිදහස අංගසම්පූර්ණ සහ අර්ථවත් කරන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජාතිකවාදී සහ වාමාංශික බලවේග විසින් අවධාරණය කෙරිණ. ඒ අතර ලංකාවේ පශ්චාත් යටත් විජිත ජාතිකවාදය වර්ධනය වූයේ ද මේ කාලයේ ය.

තොරතුරු, විෂයකරුණු සහ සාකච්ඡාව :

  • නිදහසට පසු කාලය තුළ වර්ධනය වූ යටත් විජිතහරණ ක්‍රියාවලිය, 1972 ව්‍යවස්ථාවට තුඩුදුන් පසුබිම තේරුම් ගැනීමට වැදගත්ය. සෝල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කර සම්මත කරන ලද්දේ යටත්විජිත පාලකයින් විසිනි. ඔවුහු නිදහස ලැබෙන අවස්ථාවේ දී එය ලංකාවට ප්‍රදානය කළහ. එය අනුගමනය කර තිබුණේ බ්‍රිතාන්‍යයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදායයි. ශ්‍රී ලංකාවේ ජාතිකවාදී සහ වාමාංශික පිරිස්වලට අවශ්‍ය වූයේ මෙම වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදායෙන් කැඩී වෙන් වූ ජනරජ ව්‍යවස්ථාවකි
  • සොල්බරි ව්‍යවස්ථාව පූර්ණ නිදහස ලබා නොදීම නිසා ඇති වූ අසංතෘප්තිය. සිංහල ජාතිකවාදී බලවේග සහ වාමාංශික පක්ෂ වෙතින් සෝල්බරි ව්‍යවස්ථාවට එරෙහිව එල්ල වූ විවේචන : පහත සඳහන් අදහස් එම විවේචන වල ගැබ් වී තිබිණ. සෝල්බරි ව්‍යවස්ථාවෙන් ලාංකික ජනතාවට පූර්ණ නිදහස නොලැබිණ. පාර්ලිමේන්තුව සෛවරී එකක් නොවීය. රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු / රැජිණ යි. සෙනෙට් සභාව ලංකාව නොගැළපේ යැයි ද ඔවුහු තර්ක කළහ. ප්‍රිවි කවුන්සිලය ලංකාවේ අවසාන අභියාචනාධිකරණය නොවිය යුතු යැයි ද ඔවුහු කියා සිටියහ.
  • වාමාංශික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ලංකාව ජන රජයක් විය යුතුය හා ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව දේශීය (ස්වදේශ ජනිත) එකක් බවට පත්විය යුතුයැයි ගෙන ආ තර්කය.
  • පූර්වයෙන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ගෙනනු ලද පියවර. 1957 පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව, මෙම පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයෝ
    • ශ්‍රී ලංකාව ජන රජයක් විය යුතුය.
    • ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් විය යුතුය යන එකඟතාවයේ සිටිය හ.
  • 1965 දීත්, සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කර ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත්කිරීමට යෝජනා කළ පාර්ලිමේන්තුව කමිටුවක් තිබිණ. නමුත් විරුද්ධ පක්‍ෂය සමස්තයක් ලෙසම නව ව්‍යවස්ථාවක් සම්මත කළයුතු යැයි යෝජනා කළේය.
  • සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය භුක්ති විඳීමට නොහැකි වූ බවට වූ විවේචනයක් ද පැවතුණි. නිදසුනක් ලෙස, පවතින ව්‍යවස්ථාව සංශෝධන කිරීමට හෝ අහෝසි කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් පැණවීමට අවශ්‍ය ප්‍රකාශිත බලයක් එයට නොතිබුණි.
  • 1960 දශකයේ අවසානය වන විට සමාජය තුළ
  • (අ) පූර්ණ දේශපාලන නිදහස මූර්තිමත් කරන නව ව්‍යවස්ථාවක් සඳහා
  • (ආ) දේශීය ව්‍යවස්ථාවක් සඳහා
  • (ඇ) සහ ජනරජයක් සඳහා වූ ප්‍රබල තර්කයන් පැවතුණි.
  • සෝල්බරි ව්‍යවස්ථාව අහෝසිකර නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට තමන්ට ජනවරමක් දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂවලින් ‌ සමන්විත එක්සත්  ‌පෙරමුණු සභාගය 1970 පාර්ලිමේන්තු මැතිවරණයේ දී පොරොන්දුවක් දී තිබිණ. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට ද එක්සත් පෙරමුණ පොරොන්දු විය.

නිගමනය :

1972 ව්‍යවස්ථාව, ලාංකීය සමාජය තුළ සෝල්බරි ව්‍යවස්ථාවට එරෙහිව පැන නැගුණු විවේචන ගණනාවකට එල්ල වූ ප්‍රතිචාරයක් විය. එය ලංකාවේ ජාතිකවාදී සහ යටත් විජිතකරණ දේශපාලනයේ අංගයක් ද විය. නව සමූහාණ්ඩුවාදී ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර සම්මත කරන ලද්දේ 1970 දී බලයට පත් වූ සමඟි පෙරමුණය. එය සිංහල ජාතිකවාදී සහ වාමාංශික දේශපාලන සන්ධනයක් විය. 1972 ව්‍යවස්ථාව එම බලවේගවල දේශපාලන මතවාද අනුව සකස් වූ බව කිව හැකිය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...