WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාව තුළ යටත් විජිත යුගයේ වර්ධනය වූ ජනවාර්ගික දේශපාලනයේ ප්‍රවණතා

ශ්‍රී ලංකාව තුළ යටත් විජිත යුගයේ වර්ධනය වූ ජනවාර්ගික දේශපාලනයේ ප්‍රවණතා

හැඳින්විම :

ජනවාර්ගික දේශපාලනය යටත්විජිත ශ්‍රී ලංකාවේ නූතන දේශපාලනය වර්ධනය වීමේ එක් නිශ්චිත ප්‍රවණතාවක් විය. එම ක්‍රියාවලිය ආරම්භ වූයේ විසිවැනි සියවසේ දෙවැනි දශකයේදී ය. එහෙත් එහි මූලයන් ඊට පෙර සියවස දක්වා දිවෙයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් සමාජවල නව ප්‍රභූ පන්තීන් බිහිවීම, යටත් ව්‍යවස්ථාදායකයේ නියෝජනය පුළුල් වීම, සහ එහි නියෝජනය සඳහා දේශීය ප්‍රභූ කොටස් අතර වර්ධනය වූ තරගය, වාර්ගික දේශපාලනය වර්ධනය වීමෙහි පසුබිමෙහි තිබිණ. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ නියෝජනය තව දුරටත් ව්‍යාප්තවීමේ පසුබිම තුළ එය වැඩිදුර වර්ධනයක් ලැබීය.

පිළිතුරේ අන්තර්ගත විය යුතු ප්‍රධාන විෂය කරුණු :

  • වාර්ගික දේශපාලනයට පසුබිම සැපයු සංස්කෘතික සහ ආගමික පුනර්ජීවන ව්‍යාපර ගැන කෙටි හැඳින්වීමක්,
  • වාර්ගික දේශපාලනය යනු කුමක්දැයි අර්ථ දැක්වීම.
  • වාර්ගික දේශපාලනයේ හැඟීම විස්තර කිරීම.
  1. ඒවා ආරම්භයේ දී බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සමාජයන් හි ක්‍රිස්තියානියට ප්‍රතිචාරයක් ලෙස ඇති වූ පුනර්ජීවන ව්‍යාපාර. ඒවා 1870 ට පසුව ආරම්භ වූ ඒවා වේ. කණ්ඩායමට සංස්කෘතික අනන්‍යතා ඒවායින් සිදුවූයේ එක් එක් ප්‍රජා ගොඩ නැගීමයි.

 

  1. ජාතික ව්‍යාපාර වර්ධනය වූයේ මෙම ආගමික පුනර්ජීවන ‌ව්‍යාපාර පසුබිම තුළ ඒවායින් මතු වූ මහජන ව්‍යාපාර පදනම් කොටගෙනයි.

 

  • ව්‍යවස්ථාදායක සභාව තුළ වාර්ගික නියෝජනය හඳුන්වාදීමෙන් පසු වාර්ගික දේශපාලනය උත්සන්න විය.

 

  1. 1919 දී ලංකා ජාතික සංගමය තුළ ඇති වූ බෙදීම මෙම ප්‍රවණතාවයේ ප්‍රතිඵලයකි. මෙම කාලයේ දී “ජනවාර්ගික දේශපාලනය’” යනුවෙන් අදහස් වූයේ සෑම ප්‍රජාකණ්ඩායමකට තමන්ගේම සුවිශේෂ සමාජ, ආර්ථික සහ සංස්කෘතික අවශ්‍යතා තිබෙන හෙයින්, එම අවශ්‍යතා ඉටුකර ගැනීමට නම් එක් එක් කණ්ඩායම සතු සුවිශේෂ දේශපාලන අනන්‍යතා ද පිළිගත යුතුය යන අදහසයි.
  2. ”වාර්ගික නියෝජනයේ ” පදනම වූයේ, තම නිශ්චිත වාර්ගික අනන්‍යතාව මත පදනම්ව, ව්‍යවස්ථාදායකයට දේශපාලන නියෝජනය හිමිවිය යුතුය යන අදහසයි.
  3. 1919 දී ලංකා ජාතික සංගමයේ ඇති වූ දෙකඩ වීමෙන් පසුව, සිංහල සහ දෙමළ දේශපාලන ප්‍රභූන් අතර වෙන් වෙන් වාර්ගික දේශපාලන ව්‍යාපාර බිහි විය.
  • ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මඟින් වාර්ගික නියෝජනය අහෝසි කිරීම. ඩොනමෝර් කොමිෂම විවේචනය කළ ආකාරයට වාර්ගික නියෝජනය යනු දිවයිනේ එක්සත්භාවය සහ ප්‍රගතියට බාධාවක් විය. ඒ නිසාම එය ‘දේශපාලන ශරීරය තුළ ඇති වූ පිළිකාවක් වශයෙන්’ විස්තර කෙරිණ.
  • 1936 රාජ්‍ය සභාව සහ සිංහල නියෝජිතයින්ගෙන් පමණක් සැදුම්ලත් මණ්ඩලයක් වීමේ පසුබිම තුළ දෙමළ සහ මුස්ලිම් සුළු ජාතිකයෝ සුළු ජන කොටස්වලට සමාන නියෝජනයක් ඉල්ලා සිටියහ.
  1. සමස්ත ප්‍රවණතාවය වූයේ වාර්ගික අනන්‍යතාවයන්ගේ සහ වාර්ගික දේශපාලනයේ නැගීමයි.
  2. සුළුතර ජන කොටස්වල අයිතිවාසිකම් සඳහා උද්ඝෝෂණ කරන ගමන්, ජනවාර්ගික දේශපාලනය විවේචනයට ලක් කළේ වාමාංශික පක්‍ෂ පමණි.

නිගමනය :

වාර්ගික දේශපාලනය යටත් විජිත ලංකාවේ සමාජය පාත්‍ර වූ නවීකරණ සහ ප්‍රජාතාන්ත්‍රීයකරණ ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයකි. එය යටත් විජිතපාලනයට දැක් වූ ප්‍රතිචාරයක් ද විය. යටත් විජිත ආණ්ඩුව ද වාර්ගික දේශපානයට අනුබල දුන්නේ ය. හේතුව, වාර්ගික දේශපාලනය “බෙදා පාලනය කිරීමේ’’ යටත් විජිත ප්‍රතිපත්තියට ආධාරකාරී වීමයි. කෙසේ වුවත්, පසු කාලයේ ලංකාවේ ඇති වූ ජාතික ව්‍යාපාරවල මූලයන් වූයේ යටත් විජිත යුගයේ වර්ධනය වූ වාර්ගික දේශපාලන ව්‍යාපාරයි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...