WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාව තුළ  නිදහසට පෙර අවධියේදී වාමාංශික ව්‍යාපාරය ඉටු කළ දේශපාලන කාර්යභාරය

ශ්‍රී ලංකාව තුළ  නිදහසට පෙර අවධියේදී වාමාංශික ව්‍යාපාරය ඉටු කළ දේශපාලන කාර්යභාරය

පිළිතුරේ අන්තර්ගත විය යුතු ප්‍රධාන විෂය කරුණු

  • 1930 ගණන්වල වාමාංශික ව්‍යාපාරය ආරම්භවීම පෙන්වා දීම.
  • යටත් විජිත යුගයේ දී එහි ප්‍රධාන දේශපාලන කාර්යයන් විස්තර කිරීම.
  • වාමාංශික ව්‍යාපාරයේ කාර්යභාරය ඇගයීමට ලක් කිරීම.

හැඳීන්වීම :

වාමාංශික ව්‍යාපාරය ලංකාවේ යටත් විජිත යුගයේ අවසාන අදියරේ සිදු වූ දේශපාලන සහ සමාජ පරිවර්තනය තුළ වර්ධනය වූ වැදගත් දේශපාලන ව්‍යාපාරයකි. කම්කරු පන්ති ව්‍යාපාරයක් ද, ජාතික ව්‍යාපාර ද, අධිරාජ්‍ය විරෝධී සිවිල් සමාජ ව්‍යාපාර ද ආගමික පුනර්ජීවන ව්‍යාපාර ද බිහි වී තිබීම 1930 ගණන් වල වාමාංශික ව්‍යාපාරය බිහිවීමේ පසුබිමෙහි තිබිණ. ලංකාවේ යටත් විජිත යුගයේ පැවති දේශපාලන ව්‍යාපාරවල වඩාත් රැඩිකල් න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරන ලද්දේ වාමාංශික පක්‍ෂ විසිනි. යටත් විජිත යුගයේ වාමාංශික ව්‍යාපාරයේ දේශපාලන කාර්යභාරය ඇගයීමට ලක්කළ හැකි වන්නේ මෙම සාධකය පසුබිම් කරගෙනය.

විෂය කරුණු සහ සාකච්ඡාව

  1. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වූයේ 1935 දීය.
  2. ලං.ස.ස.ප බිහිවීමට ප්‍රථම එහි නායකයෝ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සමාජ සේවාවන් වල සහ යටත් විජිත විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වී සිටිය හ.
  3. ලං.ස.ස.ප සහ කොමියුනිස්ට් පක්ෂය යන වාමාංශික පක්ෂ දෙකම කම්කරුවන්ගේ අයිතීන් උදෙසා කම්කරු පංතිය සංවිධානය කිරීමේ දී සක්‍රීය වූහ.
  4. පූර්ණ දේශපාලන නිදහස ඉල්ලා සිටි වඩාත්ම සටන්කාමී යටත් විජිතව්‍යාපාරය වූයේ වාමාංශය යි.
  5. සමාජ සමානාත්මතාව, කුල පදනම මත සිදුවුණු සමාජීය පීඩාකාරීත්වය අහෝසි කිරීම, සහ දිළිඳු ජනයාට සහ ආන්තික ප්‍රජාවන්ට දේශපාලන හඬක් ලබාදීම සඳහා වාමාංශික පක්‍ෂ සක්‍රීයව විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ.
  6. පසුකාලීන ලංකාවේ සමාජ පරිවර්තනයට විශාල දායකත්වයක් සිදුකළ සමාජ සුභ සාධක ප්‍රතිපත්තිවලටත්, සුභ සාධන රාජ්‍යයටත් පදනම දැමිමට වාමාංශික ව්‍යාපාරය විසින් වැදගත් මෙහෙයක් සිදුකරන ලදී.
  7. වාර්ගික සුළුතරයන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමේ ක්‍රියාවලිය දේශපාලන ව්‍යාපාරයක් බවට පළමුව පත්කරන ලද්දේ වාමාංශික ව්‍යාපාරය විසිනි.
  8. සාමාන්‍ය ජනයාට ඔවුන්ගේ සමාජීය සහ ආර්ථික තත්වයන් පිළිබඳ අවබෝධයක් හා දේශපාලන හඬක් ලබාදෙමින් ඔවුන් වැදගත් දේශපාලන බලවේගයක් බවට පත්කිරීමට ‌වාමාංශික පක්‍ෂ ඉටු කෙළේ පුරෝගාමී කාර්යභාරයකි.

නිගමනය :

රැඩිකල් දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරියට දැමීම මගින්, යටත් විජිත ශ්‍රී ලාංකේය සමාජය දේශපාලනික සහ සමාජීය ප්‍රජාතන්ත්‍රීකරණයේ දී සාමරම්භක කාර්යභාරයක් වාමාංශික ව්‍යාපාරය විසින් සිදු කෙරිණ යන කාරණය මතුකොට දැක්වීමෙන් පිළිතුර සමාප්ත කළ හැකිය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...